Home Tech News Gmail Address එක කියද්දි dot එපා
Tech News

Gmail Address එක කියද්දි dot එපා

Share
blank
Share

සාමානයෙන් email address එකක් තවත් කෙනෙකුට කියද්දි ඒකෙ තියෙන අකුරු ඉලක්කම් වගේම ඒ අතරමැද තියෙන විශේෂ සළකුණු ( dot underscore) කියන්නත් අපි පුරුදු වෙලා ඉන්නව. උදාහරණයක් විදිහට saman.94@gmail.com කියල email එකක් තියෙන කෙනෙකුට මේ නමයි අංකෙයි අතර තියෙන dot එක වෙනම කියන්න වෙනව.

Gmail වල නිර්මාණයෙදිම Google සමාගම තමන්ගෙ Email එකෙන් මෙන්න මේ තිත අයින් කරන්න කටයුතු කරල තියෙනව. ඒ කියන්නෙ ඔයාගෙ email එක saman.94@gmail.com උනාට saman94@gmail.com කියල එව්වත් ඒ email එක ඔයාට ලැබෙනව. ඒ වගේම ඕන නම් s.a.m.a.n.9.4@gmail.com කියල එවන Email එකක් එන්නෙත් ඔයාටමයි.

මෙතනදි email එකක් හදනකොට ඔයාට මේ dot එක පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි Gmail පද්ධතියෙන් මේක නොසලකා හරිනව. විශ්වාස කරන්න බැරි නම් email එකක් එවාගෙනම බලන්න. ඊට පස්සෙ බය නැතුව email එක කියද්දි අමතර වෙහෙසක් දරල කියන dot එක අමතක කරල දාන්න.

ඒ වගේම Capital simple අකුරු වලදිත් email එකට බලපෑමක් වෙන්නෙ නැහැ. SAMAN.94@gmail.com එක saman.94@gmail.com එකට සමානයි.

හැබැයි මේක gmail වලට විතරයි. hotmail / yahoo / outlook වගේ email වලදි මේ dot එක අදාල වෙනව. ඒ නිසා මේක අදාල වෙන්නෙ Gmail වලට විතරයි කියන එක හොදින් මතක තියාගන්න.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

5 Comments

  • මේක නම් මාරම වටින post එකක්. දැනගෙන හිටියෙ නැහැනෙ මෙහෙම සීන් එකක්. මාර කට්ටක් කනව email addtess එක කියන්න . මේ වගේ තව පෝස්ට් ඕනෙ

  • නියමයිනේ… මෙච්චර ඊ මේල් යවනවා කවදාවත් දැනගෙන හිටියේ නෑනේ….

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...