Home Tech News Explained මොකක්ද මේ GitHub කියන්නෙ?
ExplainedTech Newswebsites

මොකක්ද මේ GitHub කියන්නෙ?

Share
blank
Share

ගිට්හබ් යනු අද ලොව තිබෙන විශාලතම වෙබ් හොස්ටිං ක්‍රමයක් හෙවත් ප්ලැට්ෆෝම් එකක්. එහි රඳවා තිබේන්නේ ඕපන්සෝස් වැඩ සටහන් වල කේත සටහන්. එනම් ලෝකයේ අද තිබෙන ඕපන් සෝස් වැඩසටහන් සියල්ලම පාහේ කාටත් විවෘත නිවහන (open software platform ) සේ සැලකෙන්නේ ගිට්හබ් (github.com) වෙබ් සේවයයි.

github ක්‍රියාත්මක වෙන්නෙ හොස්ටිං සේවයක් විදියට. එහි නොමිලේ එකවුන්ට් එකක් සාදා ගන්නට කාටත් පුළුවන්. ඉන්පසු තමන් ලියන වැඩසටහනක කේත ඒ වෙත එක් කර රඳවා තබන්න පුලුවන්. ඒ වෙනුවෙන් සපයන ක්ලවුඩ් ඉඩ රිපොසිටරියක් (code repository) ලෙස හඳුන්වනව. මේවා අතරින් සමහර repository ඕනෑම කෙනෙක්ට ලබා ගත හැකි සේ විවෘතව තබනව. සමහර ඒවා කණ්ඩායමක සාමාජිකයින්ට පමණක් හුවමාරු කරගන්න පුලුවන් විදියට තියනව.

දැන් මෙවැනි රිපොසිටරි මිලියන 372 ක් ගිට්හබ් හි තිබෙන බව වාර්තා වෙනව. මෙසේ ගිට්හබ්හි ඇති රිපොසිටරි සියල්ල හා සම්බන්ධ වී වැඩ කරන පරිගණක ක්‍රමලේඛ ශිල්පීන් ගණන මිලියන 100ක් පමණ වෙනව.  ඒ අය එක්කෝ තනි පුද්ගලයින්ය, නැත්නම් ලෝ ප්‍රකට සමාගම් වල ක්‍රමලේඛ ශිල්පීන්ය. මේ සියල්ල නිසා අද ලොව සක්‍රියම සහ දැවැන්තම පරිගණක වැඩසටහන් එකතුව ගිට්හබ් සතුව තිබෙනව. එනිසා එය අද ලොව 62 වැනියට කාර්ය බහුලම වෙබ් අඩවිය ලෙස සලකනව.

ගිට්හබ් වෙබ් සේවය හුදෙක් පරිගණක කේත ඇති දත්ත සමුදායක් පමණක් නෙවෙයි. එය ලොවපුරා විවිධ තැන්වල සිටින පරිගණක ක්‍රමලේඛ ශිල්පීන් සමග එක්ව වැඩ කළ හැකි සේවයක්. සාමාන්‍ය සමාජ ජාල වෙබ් අඩවි වලදී මෙන් මෙහිදී ද ක්‍රමලේඛ ශිල්පීන්ට එකිනෙකා සමඟ එක්ව තමන්ගේ වැඩසටහන්වල කේත දියුණු කරන්නට පුළුවන්. එනම් ගිට්හබ් යනු ඕනෑම කෙනෙක් ලියනු ලබන පරිගණක වැඩසටහනක් ලොව පුරා සිටින විශේෂඥයින් ලවා පිරිපහදු කර දෙන තැනක්.

මෙසේ තිබෙන ගිට්හබ් වෙබ් අඩවිය වසර 2008 දී ඇමෙරිකාවේ Chris Wanstrath සමඟ Tom Preston-Werner සහ P. J. Hyett විසින් රූබි ක්‍රමලේඛ භාෂාව ඇසුරෙන් කේත ලියා දියත් කර තිබෙනව. එතැන් පටන් එය ක්‍රමයෙන් දියුණු වී වසරකට ඩොලර් කෝටි 30 ක පමණ ආදායමක් උපයන තැනට පත්ව තිබුන. දැන් මෙම වෙබ් අඩවිය මයික්‍රොසොෆ්ට් සමාගම යටතේ පවතිනව. 2018 වසරෙදි ඔවුන් කෝටි 750 මුදලකට ගිට්හබ් සේවය මිලදී ගත්ත.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...