Home Tech News Explained වංචාකරුවන්ව ප්‍රසිද්ධියෙම ඉවත් කර දමන Call of Duty
ExplainedGamesTech News

වංචාකරුවන්ව ප්‍රසිද්ධියෙම ඉවත් කර දමන Call of Duty

Share
blank
Share

Call of Duty මීට දින කිහිපයකට කලින් CoD: Modern Warfare II සහ CoD: Warzoneහි නවතම සීසන් 5 නිකුත් කරනු ලැබුව. එහි තිබුනු කැපී පෙනෙන විශේෂාංගය තමයි ක්‍රීඩාවට සම්බන්දවෙන Hackers / වංචාකාරයන් හදුනාගෙන ඔවුන් ඉවත් කිරීමට ඇති හැකියාව.

මෙම bans තවත් පහසු කිරීම සදහා පෙර තිබුනු Ricochet anti-cheat system එක දැන් වැඩිදියුනු කර තිබෙනව. මෙම Ricochet එක මගින් ප්‍රශ්න ඇති කරන ක්‍රීඩකයාව සොයාගෙන එම ක්‍රීඩකයාව ඉවත් කරන අතරම එහි සිටින අනෙක් ක්‍රීඩකයන්ට kill feed එක හරහා එම ඉවත් කල ක්‍රීඩකයා පිලිබද දැනුම්දීමක් සිදුකරනව. එමඟින් සියලුම ක්‍රීඩකයින්ට ඔවුන් වංචාකරුවෙකු සමඟ ක්‍රීඩා කර ඇති බවත්, එම පුද්ගලයා හඳුනාගෙන ඔවුන් ක්‍රීඩාවෙන් ඉවත් කිරීමට Activision හි පද්ධතිවලට හැකි වූ බවත් නිසැකවම දැන ගැනීමට හැකි වෙනව.

නමුත් මෙම අප්ඩේට් එක අලුත් නවාංගයක් නෙවෙයි. වෙනත් multiplayer ක්‍රීඩාවල මෙය දැනටමත් බාවිතා වෙනව. ඒවායෙත් වංචාකරුවෙකු තහනම් කරන ලද සෑම අවස්ථාවකම එය අනෙක් ක්‍රීඩකයන්ට දැනුම් දෙනව.

කෙසේ වෙතත්, මෙය වංචාකරුවන් ඉවත් කිරීමට සහ සැකකටයුතු හැකර්වරුන් අල්ලා ගැනීමට සියලු ආකාරයේ උපක්‍රම උත්සාහ කරමින් සිටීම වැදගත් දෙයක්. මෑත කාලයෙදි Ricochet කන්ඩායම විසින් හඳුනාගෙන ඇති සහ සැක කරන වංචාකරුවන්ට එරෙහිව සැබෑ ක්‍රීඩකයන්ගේ ක්ලෝන යොදාගෙන තිබෙනව. යම් හැකර්වරයෙකු මෙම ක්ලෝන වලින් එකක් සමඟ ක්‍රීඩා කරනව නම් ඔවුන් වංචා කරන බව හදුනාගෙන තිබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...