Home Tech News Gigabyte වෙතින් intel 9th Gen සදහා Motherboards නිකුත් වෙයි.
Tech News

Gigabyte වෙතින් intel 9th Gen සදහා Motherboards නිකුත් වෙයි.

Share
blank
Share

2018 සැප්තැම්බර් මාසයෙ  නිකුත් කරපු intel Z390 Chipset එක යටතේ Gigabyte වෙතින් නවතම Motherboards දැන් තමන්ගෙ අවශ්‍යතාවය අනුව තෝරගන්න පුලුවන්. Gigabyte Aorus කාණ්ඩය යටතේ Master, Ultra, Pro, Elite සහ Extreme විදිහට Motherboards තමයි මේ Motherboards එන්නෙ.

intel 9th Gen CPU සදහාම නිකුත් කල Z390 Chipset එක අලුත්ම 9th gen Build වලට පාවිච්චි කරන්න පුලුවන් වගේම 8th Gen CPU වලටත් සහය දක්වනව. ඒ වගේම දැනට තියෙන intel 300 (H310 / B360 / H370 / Z370) Chipset වලටත් BIOS update එකකින් පස්සෙ නවතම 9th gen CPU සහය දක්වනව.

මේ යටතේ හොද විදුලි ධාරාවක් ලබාදෙන්න 12 phase power design එකක් සහ 6 phase Power Design එකක් Motherboard මාදිලිය අනුව එක් කරල තියෙනව. දිගුකාලීන පාවිච්චියට වගේම Overclocking වලටත් මේ Power Design එක වැදගත් වෙනව. RGB Fusion Lighting, Intel Wifi, Gigabyte Smart Fan වගේම ගන්න මාදිලිය අනුව Heat sinks වලත් විවිධ වෙනස්කම් තියෙනව.

Gigabyte Master, Ultra, Extreme සහ WiFi කියල සදහන් වෙන මාදිලි වල Built in WiFi පහසුකම තියෙනව. Pro සහ Elite මාදිලි වල Wifi පහසුකම නැහැ. මේ නිසා මිළ අනුව සහ අවශ්‍ය පහසුකම් අනුව තෝරගන්න පුලුවන් නම් කිරීමක් තමයි මේ නව Motherboards වල තියෙන්නෙ.

නවතම 9th Gen gigabyte Motherboard මාදිලි වෙන්නෙ

ලගදිම ලංකාවේ Shops වලින් මේ 9th gen Motherboards ගන්න පුලුවන් කියල Gigabyte සමාගම ප්‍රකාශ කලා.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...