Home Games Frostpunk පරිගණක ක්‍රීඩාව
Games

Frostpunk පරිගණක ක්‍රීඩාව

Share
Share

දේශගුණික විපර්යාස නිසා මුලු ලෝකයම හිමෙන් වැසී යනවා. ලෝකයේ මිනිසුන් සම්පූර්ණයෙන්ම පාහේ මිය ගොස් කොහේදෝ එක තැනක පමණක් ටික දෙනෙක් පණ රැක ගෙන සිටිනවා. අනාගතය ගැන බලාපොරොත්තුවක් නැතිව ජීවත් වෙන ඔවුන්ට බලාපොරොත්තුවක් ඇති කරමින් ඔවුන්ගේ ජන ජීවිතය නැවත ගොඩ නැගීමට නායකත්වය ලබා දෙන පුද්ගලයෙක් ගැන කතාවක් පාදක කර ගෙන තැනූ පරිගණක ක්‍රීඩාවක් මෙය.

මෙම ෆ්‍රොස්ට්පන්ක් ක්‍රීඩාවේදී පරිගණක ක්‍රීඩකයාගේ වගකීම වෙන්නේ දැනට ඉතිරිව සිටින්නන්ගේ ජීවිත ආරක්ෂා කරමින් ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් සහිතව ජීවත්විය හැකි ආකාරයේ නගරයක් ගොඩනැඟීමයි. නගර නිර්මාණය පාදක කර ගෙන තැනූ වෙනත් පරිගණක ක්‍රීඩාවලදී මෙන් සියළු පහසුකම් සහිත සුපිරි නගරයක් ගොඩනැඟීම මෙහිදී අපේක්ෂා කෙරෙන්නෙ නැහැ. මූලික නගරයක් සැකසීම සෑහෙනවා. එහිදී මූලිකත්වය දිය යුත්තේ දැඩි ශීතලෙන් ආරක්ෂාවීමට උපායෙදීමට සහ ආහාර හිඟයටද පිළියම් යෙදීමටයි.

මෙසේ ක්‍රීඩා කිරීමට දත යුතු උපදෙස් සහ මෙවලම් සියල්ල තිරයේ ඇති ප්‍රධාන මෙනුවක් හරහා ලබා ගන්න පුලුවන්. මෙහිදී මුලින්ම කළ යුතු වන්නේ දැනට පවතින සෙල්සියස් අංශක ඝෘණ 20 ක සීතල තවදුරටත් අඩු වීමට ඉඩ නොදී මිනිස්සු වෙසෙන ස්ථානයේ උෂ්ණත්වය වැඩි කර ගැනීමයි. මේ සඳහා එහි තිබෙන විශාල විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක කර රස්නය ඇති කළ යුතු වෙනවා. අවට උෂ්ණත්වය එහි සිටින ජනයාගේ සහයෝගයෙන් ගල් අඟුරු හෝ දැව හෝ සොයා ගෙන විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක කළ යුතුයි. ඉන්පසුව පසු ආහාර සහ ජලය සපයා ගැනීමට මඟක් සොයා ගත යුතුයි. වෛද්‍ය පහසුකම් ලබා දෙන ස්ථානයක් පිහිටුවා ගත යුතුයි. ඉන්පසුව අධික සීතලෙන් මිදී සිටිය හැකි නිවාස හා ගොඩ නැගිලි ඉදි කළ යුතු වෙනවා. මෙහිදී පරිගණක ක්‍රීඩකයාට ඉතා ඉක්මනින් බුද්ධිමත්ව තීරණ ගනිමින් වැඩ කිරීමට සිදු වෙනවා.

ජීවත්ව සිටින්නන්ගේ කුසලතා අනුව ඔවුන් නිසි කටයුතුවල යෙදවිය යුතුයි. නගරය ගොඩනැගිය යුත්තේ ප්‍රධාන විදුලි ජනක යන්ත්‍රය වටායි. එවිට එහි රස්නය සහ විදුලිය පහසුවෙන් ලබා ගත හැකි වෙනවා. මෙහිදී ක්‍රීඩාව තුළින්ම එහි ඉදිකළ හැකි ආකාරයේ නිවාස ආකෘති වර්ග ලබා දෙනවා. ඒවා අතරින් වඩාත් ගැළපෙන නිවාස තෝරා ගෙන ඉදි කළ යුතුයි.

මේ සියළු කාරණා පහසුවෙන් කරගන්න බැහැ. වරින්වර ඇති වෙන අධික හිම පතනය, හිම කුණාටු උෂ්ණත්වයේ ඇති වෙන වෙනස්වීම් නිසා ඇතිවන බාධා බොහොමයක් තිබෙනවා. එසේම ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ඇතිවන හදිසි අනතුරු ද වැඩියි. එනිසා සැමවිටම සියළු දෙනාගේ ජීවිත ආරක්ෂා කර ගනිමින් ක්‍රමයෙන් නගරය ගොඩනැඟීම කළ යුතුයි. ඉන් පසු නගරයේ පරිපාලනයේ පහසුව සහ ජනතාවගේ ආරක්ෂාව පිණිස නීති සම්පාදනය කරමින් එම නගරය හොඳින් පාලනය කිරිමටද පරිගණක ක්‍රීඩකයාට සිදු වෙනවා.

මෙය සජීවී ත්‍රිමාණ ග්‍රැෆික් සහිතව නිර්මාණය කර තිබෙන පරිගණක ක්‍රීඩාවක්. එහි පවතින අධික හිම සහිත බව සහ හිම කුණාටු ඇති වෙමින් පරිසරයේ ඇති වෙන වෙනස්කම් හොඳින් දැනෙන ආකාරයට ඊට ග්‍රැෆික් නිර්මාණය කර තිබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

1 Comment

Leave a Reply to Priya-PCguideCancel reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...