Press ESC to close

iPhone 12 සමගින් අළුත්වෙන Apple

Apple සමාගම 2020 අවුරුද්දේ අයාලගෙ iphone 12 range එක release කරන්නෙ Virtual event එකක් හරහා. මෙතනදි අපට 2020දි Apple සමාගම ගත්ත වෙනස්ම තීරණ සමග අළුත් Apple Ecosystem එකක් ගැන දකින්න පුළුවන්.

Apple සමාගම කියන විදිහට මේ වනවිට ලෝකයේ අංක එකේ Smart Phone එක ලෙස iPhone එක හදුන්වා දෙනව. මේක කොච්චර ජනප්‍රියද කියනවනම් English Rules අනුව වචනයක මුල් අකුර Capital වෙන්න ඕන උනත් iPhone කියන වචනය Type කරද්දි Simple “i” වලට පස්සෙ Capital “P” සදහන් වීම Error එකක් නොමැති දෙයක් ලෙස පෙන්වන තරමට මෙය දියුණු වෙලා.

Get Your Site Up with A2 Hosting

මූලාශ්‍රය – https://gs.statcounter.com/os-market-share/mobile/worldwide

ලෝකයේ Smart Phone OS භාවිතය දත්ත අනුව ලබාගත්තම 75%ක ප්‍රතිශතයක් අයත්වන්නේ Android Device වලට.මෙතනින් iOS Devices වලට හිමිවන්නෙ 24.98%ක ප්‍රතිශතයක් පමණයි. නමුත් තනි සමාගමක් නිපදවන hardware සහ software එකතුවක් නියෝජනයෙන් මෙය සිදුවීම නිසා Apple iPhone කියන්නෙ ලෝකයේ අංක එකේ Smart phone එක ලෙස හැදින්වීමේ වැරැද්දක් නැහැ.

5G තාක්ෂණයේ පෙරගමන්කරු

මේ වසරේ iPhone 12 සමග සියළුම iPhone වල 5G තාක්ෂණය අඩංගු කරන්න Apple සමාගම පියවර ගැනීමත් සමගම තවමත් ප්‍රචලිත වී නැති 5G තාක්ෂණය Apple සමාගමේ පිළිගැන්මට ලක්වීම හරහා අනෙකුත් Smart Phone නිපවදන සමාගම් යවලට මෙය තමන්ගේ High end Devices සදහා යොදාගත යුතු දෙයක් බවට පත්වෙනවා.

5G Coverage Map එක බලන්න – https://www.nperf.com/en/map/5g

මේ සමගම අවධාරණය කල යුතු කාරණය නම් තවමත් ලෝකයේ සියල්ලන්ටම 4G LTE තාක්ෂණය පවා ලගාවී නොමැති වටපිටාවක 4G වලටත් වඩා දැඩි පිරිවැයක් දරන්නට සිදුවන 5G network coverage සදහා Apple සමාගම ඉලක්ක කිරීමෙන්, සන්නිවේදන තාක්ෂණයේ දියුණුවට වැඩදායී බලපෑමක් එල්ල කිරීමට Apple වැනි සමාගම් වලට ඇති හැකියාව මෙයින් පෙන්නුම් කිරීමයි.

A14 bionic Chip

Apple සමාගම තමන්ගේම Bionic A14 Chip එක වැඩිදියිණු කිරීම නිසා අනෙක් Smart Phone වලට වඩා කාර්යක්ෂමතාවයක් සහ ඉතාමත් අඩු බලයක් භාවිතා කරන දුරකථන නිපදවීමට සමත් වෙනවා. නව A14 Bisonic Chip එක හරහා දැනට වෙළදපලේ ඇති Soc වලට වඩා 50%ක වැඩි කාර්යක්ෂමතාවයක් ගැන කතා කරන Apple සමාගම මේ සමගම Machine Learning – AI පිළිබදව තමන්ගෙ අවධානය යොමු කර තිබෙනවා.

LIDAR, Augmented Reality, Artificial Intelligence අවශ්‍ය වන Photography, Video processing වැනි දේවල් වලට අත්‍යවශ්‍ය වන machine learning කොටස සදහා විශාල CPu resources ප්‍රමාණයක් වෙන් කරන්න Apple සමාගමට හැකිවන්නේ මුලින් සදහන් කල ඔවුන්ගේම SOC design එක නිසායි.

e Waste

Apple සමාගම iPhone 12 නිකුතුවත් සමගම තමන්ගේ නිෂ්පාදන නිසා පරිසරයට සිදුවන විනාශය අවම කිරීමට වෙනස්ම ආකාරයේ පියවරක් ගෙන තිබීම එක් අතකින් ප්‍රශංසනීය කරුණක්. iPhone 12 මිළදී ගැනීමේදී මින් පසු ඔබට ලැබෙන්නේ iPhone එක සහ data Cable එකක් පමණයි. මේ නිසා දැනටමත් ඔබ භාවිතා කරන Charger, Handsfree නැවත භාවිතා කිරීම හෝ අවශ්‍ය නම් වෙනම මිලකට මේවා මිළදී ගැනීමට සිදුවෙනවා.

iPhone මිලදී ගන්නා බොහෝ දෙනා ලග මෙම උපාංග තිබෙන නිසා මෙය එතරම් ගැටළුවක් බවට පත් නොවනු ඇති බව මගේ මතයයි.

SafeMag Charge

තමන්ගේ Lighting Conncetor එක Data Connection එකක් සදහා සහ අවශ්‍ය නම් Headphones භාවිතය සදහා පමණක් සීමා කරමින් Charging සදහා Wireless තාක්ෂණය ප්‍රචලිත කිරීමට Apple MagSafe තාක්ෂණය සෑම iPhone එකකටම මෙහිදී ලබාදී තිබෙනව. මෙහිදී Charging Station වගේම වෙනත් Accessories නිෂ්පාදනය කරමින් 3rd party Accessories නිෂ්පාදන වෙළදපොලක් ඇති කරමින් තමන්ගේ Wireless තාක්ෂණය සිත්ගන්නා සුළු අන්දමින් ප්‍රචලිත කරන්නත් Apple සමාගම කටයුතු කරල.

Apple iPhone අනාගතය

ආයතනයක් ලෙස තම carbon Footprint එක විශාල ලෙස අඩු කරගනිමින් Wireless Charging,machine learning සහ 5G තාක්ෂණයන් සම්මතයන් බවට පත්කරමින් Apple සමාගම සිදුකල මේ launch එක Smart Phone ලෝකයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන මොහොතක් බවට පත්වනු ඇති.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *