Home Tech News ටික්ටොක් සේවය තහනම් කිරීම ලොව පුරා වේගයෙන් පැතිර යයි
Tech News

ටික්ටොක් සේවය තහනම් කිරීම ලොව පුරා වේගයෙන් පැතිර යයි

Share
blank
Share

ටික්ටොක් සේවය (tiktok) දැන් ලොව මහජනයා අතර ඉතාමත් ජනප්‍රියයි. එහෙත් ලොව පුරා රාජ්‍ය තාන්ත්‍රිකයින් එදෙස බලන්නේ වපර ඇසින්. චීනයේ ByteDance සමාගමට අයත් ටික් ටොක් ඇප් එක මඟින් චීන රජයට ඔත්තු සපයන්නේය යන්න ඇමෙරිකාවේත්, යුරෝපයේත් ඊට සම ප්‍රතිපත්ති ඇති ලොව වෙනත් රටවලත්, නිල පිළිගැනීමවී තිබෙනවා. ටික්ටොක් භාවිතා කරන්නන්ගේ විස්තර, චීන කොමියුනිස්ට් පක්ෂයේ බුද්ධි සේවා වෙත ලබා දෙන බවත්, ඒ ඔස්සේ ලෝක බලවත් රටවල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා පිළිවෙතට එරෙහිව එරටවල ජනයාම කුපිත කරවන ව්‍යාපාර චීනයෙන් මෙහෙයවන බවත්, ඔවුහු විශ්වාස කරනවා.

ඇමෙරිකානුවෝ මිලියන 170ක් දෙනා ටික්ටොක් භාවිතා කරනවා. ඒ අයගෙන් යම් ප්‍රතිශතයක් නොමඟ යවා වුවත්, ඇමෙරිකානු ජනපතිවරණ ප්‍රතිඵලයට ‘කොම්පියුටර් ජිල්මාට්’ දැමිය හැක. 2024 ඇමෙරිකානු ජනාධිපතිවරණයට කලින් ටික්ටොක් තහනම් කළ යුතු යැයි ඔවුන් සිතා තිබෙන්නෙ එනිසයි.

ByteDance සමාගම එම චෝදනාව තරයේම ප්‍රතික්ෂේප කරමින් සිටියත් ඉන් පලක්වී නැහැ. පසුගිය 2024 මාර්තු 13 වැනිදා ඇමෙරිකානු මන්ත්‍රී මණ්ඩලය ටික්ටොක් තහනම් කිරීමේ පනත සම්මත කළා. එය, සෙනෙට් මණ්ඩලය විසින් අප්‍රේල් 24 වැනිදා සම්මත කිරීමෙන් පසුව, ජනාධිපති ජෝ බයිඩන්ගේ අනුමැතිය ලබා නීතියක් බවට පත් කෙරුණා.

එම නීතියට අනුව, ඉදිරි මාස හය ඇතුළතදී ටික්ටොක් ඇප් එක ඇප්ස් ස්ටෝර් වලින් ඉවත් කළ යුතුයි. ටික්ටොක් ඔස්සේ මෙතෙක් ඇමෙරිකානුවන් පිළිබඳ රැස් කළ සියලුම තොරතුරු ඇතුළු ඇමෙරිකානුවන්ගේ ටික්ටොක්හි ගිණුම් සියල්ල මකා දැමිය යුතුයි. එසේ නැතහොත් මෙම තොරතුරු ඇමෙරිකාව තුළ රැදෙන සේ, යම් ඇමෙරිකානු සමාගමකට ටික්ටොක් සේවය විකිණිය යුතුයි.

ටික්ටොක් සේවය චීන රජයට ඕනෑ හැටියට ක්‍රියාත්මක වෙන්නේය යන්න ඇමෙරිකාවේත්, යුරෝපයේත් පමණක් නොව ඉන්දියාවේත් සයිබර් ආරක්ෂණ සේවා විසින් පෙන්වා දී ඇතැයි එම රටවල් කී විට, තවත් රටවල්ද ඒ ගැන සොයා බලා තිබෙනවා. ඒ සියලු දෙනාට සැක ඇති වී තිබෙන නිසා, පසුගිය කාලය පුරාම විවිධ රටවල් ටික්ටොක් සේවය සම්පූර්ණයෙන් හෝ අඩ වශයෙන් හෝ තහනමට ලක් කළා. ඉන්දියාව ටින්ටොක් තහනම් කළ ලොව මුල්ම රටයි. 2020 ජූනි 30 වැනිදා සිට එම තහනම ක්‍රියාත්මක වෙනවා. 2022 දෙසැම්බර් මාසයේ පටන් තායිවානයේ රාජ්‍ය ආයතනවලට අයත් උපාංගවලදී ටික්ටොක් භාවිතය තහනම් කෙරුනා.

මාර්තු මාසයේදී ඇමෙරිකානු මන්ත්‍රී මණ්ඩලය ටික්ටොක් තහනම් කිරීමේ පනත සම්මත කළාත් සමඟම ලොව පුරා රටවල් ටික්ටොක් තහනම් කිරීම ඇරබුනා. 2024 මාර්තු 06 වැනිදා ඩෙන්මාර්කයත්, මාර්තු 10 වැනිදා බෙල්ජියමත් සිය රාජ්‍ය සේවකයින්ට ටික්ටොක් භාවිතා කිරීම තහනම් කළා. 2024 මාර්තු 16 වැනිදා සිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සේවකයින්ට ටික්ටොක් භාවිතා කිරීම තහනම් කෙරුනා. යුරෝපා පාර්ලිමේන්තු සෙවකයින්ට මෙම තහනම් මාර්තු 20 සිට ක්‍රියාත්මක උනා. ඒ අයුරින්ම, 2024 මාර්තු 17 වැනිදා සිට නවසීලන්ත පාර්ලිමේන්තු නියෝජිතයෝ ටික්ටොක් බාවිතයෙන් වැළකී සිටිනවා.

2024 මාර්තු 21 වැනිදා සිට නෙදර්ලන්ත රජයද, මාර්තු 23 වැනිදා නෝර්වේ රජයද, 2024 මාර්තු 24 වැනිදා ප්‍රංශ රජයද, සිය රාජ්‍ය සේවකයින්ට ටික්ටොක් තහනම් කළා. 2024 අප්‍රේල් 01 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවයට අයත් උපාංගවලදී ටික්ටොක් භාවිතා කිරීම තහනම් කෙරුනා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...