Home Tech News social media WhatsApp Multi Account පහසුකම ගැන දැනගමු
social mediaTech NewsUpdates

WhatsApp Multi Account පහසුකම ගැන දැනගමු

Share
blank
Share

WhatsApp වෙතින් මෑතකදි තමන්ගෙ ගිණුම වෙනත් ඩිවයිසස් කිහිපයක බාවිතා කලහැකි multi-device support පහසුකම පරිශීලකයන් වෙත ලබාදුන්න. ඒ අනුව යමින් ඔවුන් ඉදිරියෙදි නිකුත් කිරීමට සූදානම් වෙන්නෙ multi-account support පහසුකමයි.

මෙම multi-account support මගින් ඔබට ඔබේ දුරකතනයෙ WhatsApp ගිණුම් කිහිපයක් තබාගෙන ඒ අතර මාරු වෙමින් වැඩ කරන්න පුලුවන්. මෙම විශේෂාංගය ක්‍රියාත්මක වෙන්නෙ Instagram වල එකවුන්ට් අතර මාරු වෙන්න තියන ආකාරයටමයි. එනම් ඔබෙ ඇප් එකෙ පහලින් දැනට ඇතුලත් කර තිබෙන ගිණුම් සහ නව ගිණුම් එක් කිරීමේ හැකියාව ලබදී තිබෙනව.

මෙයට එක්කරන ගිණුම් වලින් ඕනෑම වෙලාවකදී ලොග් අවුට් වීමේ හැකියාවද තිබෙනව. මෙම නව විශේෂාංගය බොහෝවිට වැදගත් වෙනව ව්‍යාපාරික සහ පෞද්ගලික ගිණුම් දෙකක් බාවිතා කරන පරිශීලකයන්ට. ඒවගේම WhatsApp හදුන්වා දෙන නව Channels විශේෂාංගය බාවිතා කිරීමටත් මෙම multi-account support පහසුකම වැදගත් වෙනව.

WhatsApp වෙතින් මේ වනවිට පරීක්ශා කරගෙන යන නවාංගයක් වෙන්නෙ WhatsApp username විශේෂාංගයයි. එමගින් ඔබට Instagram හෝ Twitter වල මෙන් ඕනෑම අයෙකු username එක බාවිතයෙන් සොයාගැනීමට හැකි වෙනව. එවිට ඔබට ඔවුන්ගේ ජංගම දුරකතන අංකය තිබීම අවශ්‍ය වෙන්නෙ නැහැ.

මෙම නව අප්ඩේට් එක ලබාදෙන නිශ්චිත දවසක් තවමත් නිවේදනය කර නැහැ. මෙය iOS සහ Android සදහා ඉක්මනින්ම ලැබෙනු ඇත. දැනට මෙම විශේෂාංගය ඇත්තෙ Android beta update එකක් ලෙස පමනයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...