Home Tech News Hardware ආරක්ෂක අවදානම් සහිත models සඳහා HP විසින් BIOS update නිකුත් කරයි
HardwareTech News

ආරක්ෂක අවදානම් සහිත models සඳහා HP විසින් BIOS update නිකුත් කරයි

Share
blank
Share

HP විසින් තම පරිගණක models 200කට අධික සංඛ්‍යාවකට ඇතිවෙලා තියන Kernel මට්ටමෙන් අනිසි කේත ක්‍රියාත්මක කරන්න පුලුවන් ආරක්ෂක අවදානමක් වසා දමන්න BIOS update එකක් මේ වෙනකොට නිකුත් කරල තියනවා. මේ වගේ අවදානමකින් hacker කෙනෙක්ට පරිගණකයේ BIOS වලට ඇතුල් වෙලා malware එකක් plant කරන්න හැකියාව තියනවා, මේ වගේ malware සාමාන්‍ය antivirus software එකකින් හෝ මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම reinstall කිරීමෙන් හෝ ඉවත් කරන්න හැකියාවක් නෑ.

මේ අවදානම 8.8ක ලකුණු ප්‍රමාණයක් සහිත ඉහළ බරපතල තත්වයකින් යුක්තයි. CVE-2021-3808 සහ CVE-2021-3809 යන නමින් මේ අවදානම් නම් කරල තියනවා. HP විසින් මේ දුර්වලතාවල තාක්ෂණික තොරතුරු තවමත් හෙළි කරලා නෑ. මේ ආරක්ෂක අවදානම සොයාගෙන තියෙන්නෙ security researcher කෙනෙක් වන Nicholas Starke විසින්. මේක භාවිතයෙන් hacker කෙනෙක්ට kernel-level එකෙන් System Management Mode (SMM) එකට access එකක් ඇතිකරගෙන ප්‍රහාර දියත් කරන්න හැකියාව ඇති වෙනවා. මෙහෙම SMM access එක තියන ප්‍රහාරකයෙක්ට ඒ device එක පූර්ණ ලෙස පාලනය කරන්න පුලුවන්.

මේ දුර්වලතාවය සහිත devices අතර Elite Dragonfly වගේ business notebook PCs වගේම EliteBooks සහ ProBooks models කිහිපයකුත් ඇතුලත්. EliteDesk සහ EliteOne වගේ business desktop PCs කිහිපයකුත් ඇතුලත්. මීට අමතරව desktop workstation PCs models පවා මේ list එකේ තියනවා. මෙසේ බලපෑමට ලක්වුණු devices සම්පූර්ණ list එක HP වෙබ් අඩවියේ සඳහන් කරල තියනවා සියලුම devices වලට තවමත් BIOS update එක ලැබිල නැති වෙන්න පුලුවන්.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...