Home Tech News 2017න් නවතින 3D TV
Tech News

2017න් නවතින 3D TV

Share
blank
Share

Consumer electronics market එක කියන්නෙ අලුත් අලුත් technology එකතු කරල හැම අවුරුද්දකම තමන් නිකුත් කරන නවතම product එක මිලදීගන්න පාරිභෝගිකයව යොමුකරන්න උත්සහ ගන්න field එකක්. මේ අලුත් technology gimmicks සමහර විට සාර්ථකවෙලා ජනප්රිය උනත් බොහෝ බලාපොරොත්තු තියන් market කරන technology සමහරවිට අසාර්ථක වෙනව. 3DTV කියන්නෙ 2017 වෙද්දි අලුතින් products නිෂ්පාදනය වෙන්නෙ නැති market එකෙන් ඉවත්වෙලා යන technology එකක්. 2016 වසරේ 3DTV නිෂ්පාදනය කරපු අවසාන සමාගම් 2ක වන LG සහ Sony මේ වසරෙ තමන් නිපදවන TV වලට 3D තාක්ෂණය ඇතුලත් නොවෙන බව ප්රකාශ කලා.මේ සමගම 3D අත ඇරපු Vizio, Sharp, TCL සමාගම් අතරට LG සහ Sony එකතු උනා.

2010දි නිකුත්කරපු Avatar 3D movie එක අතිසාර්ථක වීමත් එක්ක හැම TV නිෂ්පාදන සමාගමක්ම තමන්ගෙ TV වලට 3D තාක්ෂණය ඇතුල් කරන්න පටන් ගත්ත. නමුත් මේ තාක්ෂණය ගෙවල් වල එදිනෙදා බලන TV program වලටවත් home market එකට ගැලපෙන අලුත් content නිපදවන්න තරම් නිර්මාණකරුවන්ගෙ අවධානය දිනාගන්නවත් සමත් උනේ නැහැ. මේ හේතුව නිසා 3D capability එක කියන්නෙ අලුතින් TV එකක් ගන්නකොට සලකා බලන්න තරම් ප්රධාන සාධකයක් නෙමෙයි. ඒ වගේම මේ 3D අත්දැකීම ගන්න වෙනම 3D glasses පාවිච්චි කරන්න වීමත් TV එකක් සමග ලැබෙන්නෙ 3D glass 2ක් නිසා වීමත් අමතර ඒවා ලොකු මුදලක් ගෙවල වෙනම මිලදී ගන්න වීමත් 3D TV තාක්ෂණයෙ කඩාවැටීමට තවත් හේතුවක් උනා.

2012 වෙද්දිත් TV එකක් ගන්න 100 දෙනෙක්ගෙන් 23න් දෙනෙක් තමයි 3D TV එකක් මිලදී ගෙන තියෙන්නෙ. මේ ප්රමාණය එන්න එන්නම අඩුවීමත් එක්ක 3D TV නිෂ්පාදනයද අඩුවෙන්න ගත්ත. දැන් TV Industry එක 4K Video, HDR සහ smart Features තමන්ගෙ අලුත් product වලට එකතු කරමින් ඒ හරහා තමන්ගෙ අලෙවිය වැඩි කරගන්න කටයුතු කරමින් ඉන්නෙ.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...