Home Games 2021 E3 සමග එන Far Cry 6
GamesTech News

2021 E3 සමග එන Far Cry 6

Share
blank
Share

Ubisoft සමාගමේ Far Cry ක්‍රීඩා මාලාවේ නිකුත්වීමට නියමිත මීලග game එක වන Far Cry 6 මේ වසරේදී නිකුත් වේ.Far Cry යනු game franchise එකකි.එනම් මෙම ක්‍රීඩා මාලාවේ කතා මාලාව එකෙනකට සම්බන්ද වන්නේ නැති අතර මෙතෙක් නිකුත්වී ඇති ප්‍රධාන game 5 ටම එකිනෙකට අවේනික story line එකක් ඇත.First-person shooter ගණයට ගැනෙන Far Cry වල කතා තේමාවන් සම්පුර්ණයෙන්ම මනක්ලපිත වුවත් එහෙත් සැබෑ ලෝකයේ සිදුවීම් ලෙසම තාත්වික මට්ටමින් අපට Far Cry ඉරිදිපත් කිරීම එහි විශේෂ ලක්ෂණයක් වේ.මෙහි පළමුවන පරිගණක ක්‍රීඩාව සදහා පමණක් Crytek සමගම සතු CryEngine එක උපයෝගී කර ගත් අතරම Far Cry 2 සිට මේ වනතෙක්ම මෙම game එක නිර්මාණයට භාවිත කලේ Ubisoft සමාගමේ Dunia engine එක වේ.

Far Cry 6 පරිගණක ක්‍රීඩාවේ පසුබිම ලෙස ඔවුන් ” Yara ” නමින් හදුන්වන මනක්ලපිත කැරිබියානු දුපතක් යොදාගෙන ඇති අතරම එම දුපත පාලනය කරන ඒකාධිපති පාලකයකුගේ පාලනයට විරුද්ධව නිදහස් සටනක් පටන් ගන්නා රටවාසීන් සම්බන්දව මෙහි කතා තේමාව ගලා යයි.මෙය තරමක් දුරට Far Cry 4 වල story line එක හා සමාන ස්වරුපයක් ගත්තත් පරිගණක ක්‍රීඩකයා විසින් ගන්නා තීරණ අනුව game එකේ අවසානය වෙනස් වනු ඇත.ක්‍රීඩාව ඇතුලත දේශපාලන බලය,අවි ආයුධ,වාහන හැසිරවීම,ආයුධ සන්නද්ධ සටන් හා ක්‍රියාදාම වලට ක්‍රීඩකයාට මුහුණ දීමට සිදුවන අතරම තම තීරණ අනුව game එකට හොද හෝ නරක අවසානයක් ලබාදීමට ක්‍රීඩකයාට හැකි වේ.මෙහි වැදගත්ම සිදුවෙම වන්නේ Far Cry 3 game එකහි දුෂ්ටයා වන Vaas Montenegro හා Far Cry 6 හි Diego නම් කුඩා පිරිමි ළමයා අතර ඇති සම්බන්දයයි.එනම් Diego යනු Vaas Montenegro ගේ කුඩා කාලය බව බොහෝ වෙබ් අඩවි හා YouTube Channels ප්‍රකශ කලත් මේ පිලිබවදව පැහැදිලි නිගමනයට මෙතෙක් එලබීමට සාධක හමු වී නොමැති බව සදහන් කල යුතුය.

කෙසේ නමුත් Diego යනු මෙම game  එකෙහි ප්‍රධාන චරිතයක් බව Ubisoft මගින් නිකුත් කල far cry 6 official trailer එකෙන් පැහැදිලිව පෙන්නුම් කරයි.මෙම පරිගණක ක්‍රීඩාව මෙම වසරේ පෙබරවාරි මස නිකුත් වීමට තිබුනත් COVID-19 තත්වය හේතුවෙන් Ubisoft සමාගම දින නියමයක් නොමැතිව Far Cry 6 නිකුත් කිරීම කල් තැබුහ.නමුත් ජුනි මස දී පවත්වන්නට නියමිත Digital E3 ප්‍රදර්ශනය අතරතුර Ubisoft සමාගම නව නිකුත් කිරීමේ දිනය හා game එක සම්බන්ද තවත් තොරතුරු රැසක් එළිදක්වන බව ප්‍රකාශ කර ඇත.බොහෝවිට මේ වසර අවසාන භාගයේදී Far Cry 6 release වනු ඇත. සැබවින්ම Far Cry 6 නවතම gaming අත්දැකීමේ රැසක් රැගෙන එන බව නොඅනුමානය.

Share

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...