Contact Information

WhatsApp Us

Facebook අලුත් UI එක

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

ලොව ප්‍රකටම සමාජ මාද්‍ය වන Facebook සමාගම විසින් ඔවුන්ගෙ නව පරිශීලක අතුරු මුහුනත (User Interface) මාස කිහිපයකට ඉහතදී පරිශීලකයන්ට හදුන්වා දෙනු ලැබුවා.

නව user interface එක හදුන්වා දීමත් සමගම පරිශීලකයන් හට තමන් කැමති නම් පෙර තිබූ ලෙස මුහුනත වෙනස් කර ගැනීමට හැකියාවද ඇතිව එය හදුන්වා දුන් අතර, මෙම අලුත් මුහුනත ( User Interface ) බොහෝ දුරට Facebook Mobile App එක සදාහ භාවිතා කරන මුහුනතට සමාන කමක් දක්වනවා.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Facebook සමාගම විසින් මෙම නව UI එක සැප්තැම්බර් මාසයේ සිට තම ප්‍රදාන User Interface එක ලෙස තෝරාගන්නා අතර, ඔබට එය පැරනි ක්‍රමයට Classic Facebook UI එකට මාරු කල හැකි වන්නේ නැහැ.Facebook සමාගම ප්‍රකාශ කරන අන්දමට මෙය Dekstop UI එක භාවිතා කරන පරිශීලකයන් හට පැරනි UI එකට වඩා ඉතාමත් පහසු සහ වඩා වේගවත් බවත් සදහන් කර සිටිනවා.

Facebook New User Interface එකට මාරු කර ගැනීමට මේ දින වලදී ඔබත් Facebook Dekstop UI එක භාවිතා කරන්නෙ නම් ඔබට ගිනුමට පිවිසීමෙන් පසුව command massage එකක් මාර්ගයෙන් ඒ සදහා පිවිසීමට අවස්තාව සලසා දෙන අතර නැවත පෙර පැවති මුහුනතට මාරු වීම සදහා Option එක මෙවර ලබාදෙන්නෙ නැත, එනම් ඔබ අලුත් මුහුනතට මාරු වූ පසු නැවත පැරනි මුහුනත සදහා යොමුවීමට හැකියාව නැත.

එමෙන්ම මෙම නව මුහුනත සදහා Facebook සමාගම විසින් අලුතෙන්ම හදුන්වා දුන් නවතම විශේශාංග අතරට Dark Mode එක පිලිබද වැඩි අවදානයක් යොමු වී තිබෙන අතර මෙහිදී පරිශීලකයා හට සුපුරුදු සුදු පැහැති මුහුනත වෙනුවට Dark Mode යන Option එක හරා මුහුනත කලු Facebook මුහුනත කලු පැහැයකින් හා අකුරු සුදු පැහැයකින් බලාගැනීමෙ හැකියාව සලසා තිබෙනවා. මෙම නව විශේශාංගය මීට පෙර Facebook Messenger සදහාද ලබා දී තිබූ අතර දැන් එය මෙම නව මුහුනත සමග පරිශීලකයාට Facebook New User Interface එකෙන් ද අත්විදීමට හැකියාව තිබෙනවා.

Facebook සමාගම මෙම නව මුහුනතත් සමගම හදුන්වා දුන් විශේශාංග අතරට Group Live එකක තම පරිශීලකයාගෙ මිතුරන් හට Invite කිරීමේ හැකියාව සහ messenger room මගින් පිරිසක් සමග එක වර සම්බන්ද වී වීඩියෝ සංවාදයේ යෙදීමටද අවස්තාව සලසා දී තිබෙනව.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *