Home Tech News ඩිජිටල් උපාංග නිසා දරුවන්ගේ අත් අකුරු ලිවීමේ හැකියාව මොටවේ
Tech News

ඩිජිටල් උපාංග නිසා දරුවන්ගේ අත් අකුරු ලිවීමේ හැකියාව මොටවේ

Share
blank
Share

ස්පර්ශ සංවේදී තිර හෙවත් ටච් ස්ක්‍රීන් සහිත දුරකතන සහ ටැබ්ලට් පරිගණක ඕනෑවට වඩා භාවිතා කරන්නට පුරුදුවීම නිසා දරුවන්ගේ අතින් ලිවීමේ හැකියාව හොඳටම අඩුව යමින් තිබෙන බව දැන් එළිදරව්ව තිබෙනව. ලෝකයේ බොහෝ රටවල දරුවන්ට බලපාන මෙම තත්වය ගැන මුලින්ම අවධානය යොමු කොට ඇත්තේ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනඥයින් යැයි, ඒ ගැන විශේෂ වාර්තාවක් පළ කළ ලන්ඩනයේ ‘ද ගාඩියන්’ පුවත්පත එළි කර තිබෙනව.

ඉන් පෙන්වා දී තිබුණේ අකුරු කරන වයසේ දරුවන් පැන්සල භාවිතා කොට කඩදාසියේ අකුරු ලිවීම අතින් බොහෝ පහළ අඩියක සිටින්නේ නොමනා වයසේදීම තාක්ෂණික මෙවලම් භාවිතා කිරීමට ඔවුන්ට ඉඩදීම නිසා බවයි.

ළමා වයසේ දරුවන් විදහාපෑ යුතු කුසලතා අතරින් මූලිකම කුසලතාව සේ සැලකෙන්නේ අත්අකුරු ලිවීමයි. දරුවෙක් අකුරු කිරීම ඇරඹිය යුත්තේ නිවැරදිව පැන්සල අල්ලාගත යුතු ආකාරය උගැනීම මඟින්. එසේ නිවැරදිව පැන්සලක් අල්ලන්නට හුරු නොවෙනතාක් කල් අකුරු ලිවිය හැකියාවක් නැහැ. අත්අකුරු යනු පුද්ගලයෙක්ගේ ඇඟිලි සලකුණ වැනි ඒ ඒ තැනැත්තාට ආවේණික අනන්‍ය ලක්ෂණයක්. දෙදෙනෙක්ගේ අත්අකුරු කිසිසේත්ම එකිනෙකට සමාන නොවීම තුළින් පිළිබිඹු කෙරෙන්නේ එය සුවිශේෂ පුද්ගල අනන්‍ය ලක්ෂණයක් වශයෙන්.

අත්සන පුද්ගලයෙන්ගේ අනන්‍යතාව පෙන්වන ප්‍රධාන සලකුනක් වෙනව. අනෙක්අතට අතින් අකුරු ලිවීමත් සමඟම දරුවන්ගේ නිර්මාණාත්මක දක්ෂතා වැඩෙන බව, ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් මෙහෙයවන ලද විද්‍යාත්මක පර්යේෂණවලින් දැන් එළිවී තිබෙනව.

තවමත් වැඩෙමින් තිබෙන දරුවන්ගේ මොළය බුද්ධිමත්ව වැඩෙන්නට ව්‍යායාම අවශ්‍යයි. නිර්මාණාත්මකව කල්පනා කරමින් සිටින දරුවෙක් තම නිර්මාණාත්මක හැකියා ප්‍රකට කරන එක් ක්‍රමයක් වෙන්නේ අත් අකුරුය. කාලයත් සමඟ දරුවන්ගේ අත් අකුරු මුලින් ලියුවාට වඩා සම්පූර්ණ වෙන්නේත්, ඒවා ඒ පුද්ගලයාගේ අනන්‍යතාව පෙන්වන ලක්ෂණයක් සේ දියුණු වෙන්නේත් එනිසායි.

පැන්සල නිවැරදිව අල්ලන්නට නොදන්නා තැනැත්තෙක්ට මඟහැරෙන තවත් දක්ශතා ගණනාවක් තිබෙනව. අත සහ ඇඟිලි සියුම්ව භාවිතා කරනු පිණිස ඇඟිලිවල පේශි සියල්ල ක්‍රියාත්මකවී වැඩීමට, පැන්සල අල්ලා ලීවිම තුළින් ලොකු පිටිවහලක් ලැබෙනව. කතුරකින් රටා කැපීම, මැටියෙන් ඇඹීම, කෙළි බඩු භාවිතය යනාදී වැඩ එය දියුණු කරනව. එහෙත් මේ වැඩ සියල්ල පසෙකලා දුරකතන හෝ අයිපෑඩ් හෝ භාවිතා කරන දරුවාගේ අත්අකුරු ලිවීමේ කුසලතාව ඇතුළු අතෙහි සියුම් හැකියා මොට වෙනව.

අතින් අකුරු ලිවීමේ පුරුද්ද ඇති කරනු වස් දැන් ලොව බොහෝ රටවල අධ්‍යාපනඥයෝ දැන් වෙහෙසෙනව. තාක්ෂණික මෙවලම් බොහෝ සේ භාවිතා කරමින් අධ්‍යාපන කටයුතු මෙහෙයවූ රටක් වශයෙන් ප්‍රකට ස්වීඩනය, පසුගිය 2023 නොවැම්බර් මාසයේ සිට එරට පාසැල් සිසුන්ට අතින් සටහන් ලිවීම මෙන්ම මුද්‍රිත පොත් භාවිතය, අනිවාර්යය කර ඇත.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...