
AMD Radeon සමාගම තමන්ගෙ Desktop Entry Level GPU එක විදිහට අළුත්ම RX 5300 Graphic Card එක නිකුත් කලේ කිසිම Launch / unvail event එකක් නැතුව.
දැනට Budget Gaming Build එකක් කරන්න තියෙන මිළ අඩුම සහ අළුත්ම Generation එකේ Card එකක් නම් ඒ GTX 1650 එකක්. AMD සමාගමේ GTX 5500XT කියන්නෙ මේ Budget Range එකට ටිකක් ඉහලින් තියෙන Card එකක්. ඉතින් මෙන්න මේ Budget Market එකට තමයි RDNA 1st Generation එකේ RX 5300 Card එක නිකුත් වෙන්නෙ.

NAvi 14 GPU එක සහිත RX 5300 Card එකේ Spcification එක මින් ඉහල තියෙන Rx 5500XT Card එකත් එක්ක Compare වෙන්නේ මෙහෙමයි.
Rx 5500XT | Rx 5300 | |
---|---|---|
GPU Architecture | 7nm Navi (RDNA 1st Gen) | 7nm Navi (RDNA 1st Gen) |
Stream Processors | 1408 | 1408 |
TMUs/ROPs | 88/32 | 88/32 |
Boost Clock | 1845MHz | 1645MHz |
VRAM | 4GB / 8GB - GDDR6 | 3GB - GDDR6 |
Bus Interface | 128-bit | 96-bit |
Power | 130W | 100W |
ඒ වගේම දැනට නිකුත් කරල තියෙන FPS Comparison අනුව GTX 1650 වලට හොද තරගයක් දෙන්න පුළුවන් Card එකක් වේවි. පහතින් දැක්වෙන්නෙ AMD Radeon සමාගම ඉදිරිපත් කරල තියෙන Comparison එකක්.

මේ තියෙන Spec එක අනුව Rx 5300 කියන්නෙ ඉතාමත් තරගකාරී මිළකට ඉදිරිපත් උනොත් Budget Gaming Build එකකට යොදාගන්න පුළුවන් හොදම Card එක වෙන්න පුළුවන්. මේක ඉදිරියෙදි අපේ Builds වලටත් එකතු කරගන්න පුළුවන් වේවි.
Comments (2)
Haritha Dilshansays:
September 2, 2020 at 12:54 amලංකාවට එනකොට price කොහොම වගේ වෙයිද? 35k ටත් වැඩිවෙයිනේ!
Bawantha hirushasays:
October 29, 2020 at 6:55 amලන්කවට කවද එයිද price කොහොම වෙයිද