Contact Information

WhatsApp Us

AMD 500 Chip Set

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

මේ කියන්න යන්නෙ අලුත්ම අලුත් දෙයක් ගැන අන්තර්ජාලයෙ පල වෙලා තිබුන දෙයක් ගැන, මම මීට කලින් ලිපියක් ලිව්ව AMD සමාගමෙ අලුත්ම CPU මාදිලිය වෙන AMD 3000 series එක ගැන ඒක කියෙව්වෙ නැත්නම් මෙතනින් ඒක කියවන්න, ඒ වගේම මම මේ කියන්න යන දේ කලින් සදහන් කල ලිපියක දිගුවක් හැටියට කෙනෙක්ට හිතෙන්නත් පුලුවන්.

අපි හැමෝම දැනටමත් දන්න දෙයක් තමයි මේ  AMD Ryzen 3rd Gen CPU මේ වසරේ මැද භාගය වන විට වෙලදපලට නිකුත් වීමට නියමිත බව, ඉතින් මේ Ryzen CPU සදහාද පරම්පරාව අලුත් වන විට ඔවුන්ගේ Motherboard සදහා අලුත්ම Chip Set එකක් හදුන්වා දෙන්න AMD සමාගමත් කටයුතු කරල.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

අපි කවුරුත් දන්න Intel සමාගම වාගෙ ඒ කියන්නෙ Intel සමාගම ඔවුන්ගේ නවතම 9th Gen CPU සදහාම සුවිශේශී වූ Z390 කියන Chip Set  එක සහිත Motherboard ඔවුන් නිකුත් කරනු ලැබුවා, ( Z370 Chip Set සහිත Motherboard සදහා BIOS Update කල යුතු වුවත් Intel 9th Gen Processors Bios Update එකකින් තොරව Z390 Chip set Motherboard එකක ස්තාපනය කල හැක.) ඉතින් මේ වගේම AMD සමාගමද ඔවුන් Zen Architecture එක යටතේ එලි දැක් වූ Ryzen CPU සදහා පරම්පරාවෙන් පරම්පරාවට අලුත් Chip set එකක් සහිත Motherboard මාදිලියන් එලි දැක්වූවා. ( Intel සමාගම Processor Gen එක අලුත් වෙද්දි  Motherboard එකෙහි තිබෙන Processor Socket Type එක වෙනස් කලත් AMD සමාගම තවමත් ඔවුන් Ryzen හදුන්වා දුන් AM4 Socket Type එක භාවිතා කරයි)

අපි කවුරුත් දන්නව AMD සමාගම මේ වෙනකොට නිකුත් කර තිබෙන AMD Ryzen 1st Gen සදහා X300 සහ A300 වගේම A320 සහ B350, X370 යන Motherboard Chipset මාදිලි වලිනුත් AMD Ryzen 2nd Gen සදහා B450 සහ X470 යන Motherboard Chipset මාදිලි වලිනුත් මිලදී ගැනීමට ඇති බව, එහෙත් Ryzen 3000 CPU මාදිලි සදහා ද ඔවුන්ගෙ දැනට වෙලදපොලේ තිබෙන නිශ්පාදන යොදාගත හැකි වුවත් වඩාත් කාර්‍යක්ශම තාවයකින් නව තාක්ශනයේ උපරිම ප්‍රතිපල ලබාගැනීමෙ උත්සහයෙන් ඔවුන් Ryzen 3000 CPU සදහා නවතම Motherboard Chip set  මාදිලියක් හදුන්වාදීමට නියමිතව තිබෙනවා ඒ The 500 Series Chip set නමින්. නමින් එතරම් විශේෂයක් නොවුනත් මෙහි පෙර පැවති ඒවට වඩා විශේෂතා රැසක් තියෙනව කියල තමයි දැනගන්න ලැබුනු විදිහට කියන්නෙ.

AMD සමාගමෙ නවතම Graphic Card සදහා  7nm (nano meter lithography) සහ PCIe 4.0  සහ GDDR6 ( GDDR6 මුලින්ම ආවෙ Nvidia RTX සමගින්)යන තාක්ශණයන්ගෙන් සමන්විත වෙන අතර මෙම Graphic Card මාදිලි සහ Ryzen 3000 CPU වල තිබෙන Cores සහ Threads ප්‍රමානය පෙර ඒවාට වඩා වැඩි වීමෙන් ලැබෙන වේගවත් බව එලෙසින්ම පරිශීලකයාට ලබාදීමට මෙම අලුත් 500 Series Chipset සහිත Motherboard වලට හැකියාවක් ලැබෙවි යැයි එම සමාගම දක්වා සිටිනව. (මම AMD Radeon 7 ගැන ලිපියක් සදහන් කලා )

මේ වන විට වෙලද පලේ මිලදී ගැනීමට තිබෙන Radeon 7 Graphic Card එකෙහි (ලංකාවෙ තවම මෙම නිශ්පාදනය මිලදී ගැනීමට හැකියාවක් නැත) ලබාගත හැකි උපරිම වේගය සහ වීඩියෝ නිර්මාණයේදී භාවිතා වෙන AMD Stream Processors ( Nvidia වලදී Cuda Cores ලෙස භාවිතා වන්නෙද මෙවැනි තාක්ශනයකි) වල සම්පූර්ණ වේගය පරිශීලකයාට ලබාගැනීමට මෙම නව තාක්ශනයෙන් යුතු AMD 500 Series Chip සහිත මව් පුවරු වලට හැකියාවක් තිබෙනවා.

මේ සමගම තවත් දෙයක් මම කියන්න කැමති ඒ තමයි AMD Ryzen 3000 Series එකේ එන APU ( On Board Graphic CPU ) Processors සදහා භාවිතා වෙන්නෙ AMD Radeon Navi කියන Graphic පරම්පරාවයි ( මෙතෙක් කල් ඔවුන් භාවිතා කලේ AMD  Radeon Vega කියන Graphic මාදිලියයි)


අන්තර්ජාලයෙන් උපුටාගත් කරුනු වලින් තමා මේ ලිපිය ලියල තියෙන්නෙ අඩුපාඩුවක් හෝ මීට වඩා යම් දෙයක් තිබෙනවා නම් කමෙන්ට් එකක් දාල දැනුවත් කරන්න. ස්තූතී!

Share:

4 Comments

  • Dulanrandika, February 6, 2019 @ 7:02 am Reply

    AMd 500 chip set eka apita ganna puluwanda kiyak veida

    • Lakshan-PCguide.lk, February 7, 2019 @ 7:06 pm Reply

      මෙම නිශ්පාදන සදහා තවමත් මිල ගනන් නිකුත් කර නැහැ ඒ වුනත් අපට විශ්වාසයක් තියන්න පුලුවන් මේ අවුරුද්දෙ අග භාගයෙ ආරම්භයේදී වගේ මිල ගනන් සමග වෙලදපලට මේ Chip Set එකට් අදාල මව් පුවරු නිකුත් වේ යයි කියල.

  • Sadeepa Maduranga, February 6, 2019 @ 10:08 pm Reply

    Lankawata enne kawadda

    • Lakshan-PCguide.lk, February 7, 2019 @ 7:10 pm Reply

      Quarter 3 (Q3) එකේදි තමා බලාපොරොත්තු වෙන්නෙ ලෝකෙටම හදුන් වා දෙයි කියල ඒත් වෙලදපල හා දැනට ඇති AMD ඉල්ලුම අනුව වෙනස් වෙන්න පුලුවන් ගොඩක් දුරට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *