Press ESC to close

Facebook මව් සමාගම Meta ලෙස වෙනස් වේ..

Faceඉook හි නිර්මාතෘ Mark Suckerberg විසින් Faceඉook ආයතනයේ නව මුහුණුවර වඩාත් අර්ථවත් වන ලෙස Meta ලෙස මව් සමාගමක් යටතට Facebook, Instagram, WhatsApp ඇතුළු සමාගම් සියල්ල ඇතුලත් කර තිබෙනව.

මේ අතරම 2021 වසරේදී Facebook reality labs වල නව සොයාගැනීම් සහ පර්යේෂණ කටයුතු සදහා ඇමරිකානු ඩොලර් බිලියන 10ක් වෙන් කර තිබෙනව. Facebook Reality Labs හරහා දැනටමත් AR සහ VR වගේම Oculus Rift සම්බන්ධ ක්‍රියාකාරකම් සිදු කරමින් පවතිනව. මින් පෙර පැවසූ ලෙසම Metaverse වෙත යන Internet හි මීළග පියවර තැබීම මෙලෙස Meta සමාගම හරහා සිදුවෙනවා.

Get Your Site Up with A2 Hosting

නම් මාරුව

Facebook සහ අනෙකුත් Social media වල ඉදිරි ගමන ගැන වඩාත් පැහැදිලි ලෙස ඉදිරියට යාම සදහා තමයි Meta කියන මව් සමාගම ඒන්නෙ. දැන් තියෙන Facebook, Instagram සහ WhatsApp ඇතුළු අනෙක් සේවාවවන් ඒලෙසම පැවතෙනු ඇති. මේ නිසා Facebook හෝ වෙනත් Social media ඒකක නම් වෙනසක් වෙන්නෙ නැහැ.

Metaverse

දැන් තිබෙන අන්තර්ජාලය සමන්විත වෙන්නෙ Web pages, Video, Audio, Images විදිහට. මේව අපට තිරයක් හරහා බැලීම කියවීම සහ ඇසීම තමයි කරන්න පුළුවන්. Metaverse කියන්නෙ අන්තර්ජාලයේ මීලග පියවර. ඒ් කියන්නෙ අපිට 3D විදිහට ඒම මොහොතෙ ජීවත් වෙන්න අත්විදින්න හැකියාව මේ හරහා ලැබෙනව. මේ නිසා තමයි Oculus rift වගේ Virtual reality Development සදහා Facebook reality Labs වලට විශාල මුදලක් යොදල තියෙන්නෙ.

ගෙදර ඉදන්ම Virtual reality හරහා වෙනත් ලෝකයකට ඇතුළු වෙන්න, වැඩට යන්න, Meeting වලට සහභාගී වෙන්න වගේම ඇත්ත ලෝකය තුලට වඩා සජීවී ලෙස Games Play කරන්න පවා මේ හරහා අවස්ථාව ලැබෙනව.මේ හරහා දැන් Games වල වගේ Digital ලෝකය තුල අපේ Avatar කෙනෙක් හදාගන්න Upgrade කරන්න වගේ දේවල් කරන්න පුළුවන් වේවි. මේ ගැන හොදම අදහසක් ලබාගන්න පුළුවන් Film ඒකක් තමයි Ready Player One කියන්නෙ.

Metaverse සහ අනාගතය

මේ වෙනකොටත් Mobile Phones, Computers ඉදිරියේ වැඩි කාලයක් ගත කරන්න බොහෝ පිරිසක් හුරුවෙලා. කාමරයකින් එලියට ඒමේ සිට ඒකට ආහාර ගැනීමේදී පවා Phone ඒක භාවිතා කිරීම සුලභ අත්දැකීමක් වෙලා. metaverse Virtual Reality ඒකත් මේ වගේම දෙයක් වෙන්න බොහෝ ඉඩ තිබෙනව. තාක්ෂණය කෙතරම් අළුත් සහ නවමු උනත් පාලනයකින් තොරව සිදුවෙන්නේ නම් ඒය විනාශයක් කරා අතවැනීමක් වෙනු ඇති බව සාමාන්‍ය හැගීමයි.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *