Home Games BATTLEFIELD 6 ළගදීම එන ලකුණු
GamesTech News

BATTLEFIELD 6 ළගදීම එන ලකුණු

Share
Share

2021 වසරේ අවසානයේ Battlefield 6 pc සහ console සඳහා නිකුත්කරන බව EA සමාගම නිවේදනය කළේය.එමෙන්ම එය EA DICE,Criterion,DICE Los Angeles සහ EA Gothenburg යන developing studios හතරක එකතුවෙන් නිපදවෙන අතර එය Battlefield game series එකෙහි විශාලතම project එක බව සඳහන් වෙනවා.

                  2002 වසරේ ආරම්භ වුනු Battlefield game series එක first-person shooter game එකක් ලෙස ලොව පුරා අතිශය ජනප්‍රිය වී ඇති අතර මේ වනවිට Battlefield games 11ක් නිකුත්වී තිබෙනවා. Call of Duty මෙන් වසරෙන් වසර games නිකුත් නොකරන බැවින් Battlefield games වල graphic quality සහ gameplay එක පිළිබඳව EA විශේෂ අවධානයක් යොමුකරනවා.මින් පෙර නිකුත්වූ Battlefield I සහ Battlefield V සඳහා පිළිවෙලින් පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය පාදක වී නිර්මාණය වුණ අතර Battlefield VI සඳහා බොහෝ විට අනාගත කාල කතා මාලාවක් පාදක වේ යැයි අපේක්ෂා කරනවා.එමෙන්ම Battlefield V වල ඇතිවු bugs විශාල ප්‍රමාණයක් නිහා එය ක්‍රිඩකයන්ගේ බොහෝ අප්‍රසාදයට පත් වූ අතර Battlefield VI එම අතපසු වීම් වලක්වා ගෙන නිකුත් කරනු ඇතැයි බොහෝ දෙනෙකුගේ මතයයි.

                    එමෙන්ම පසුගිය වසර වලදී mobile gaming industry එකද විශාල ජනප්‍රිය වූ බැවින් 2022 වසරේදී Battlefield mobile game එකක්ද නිකුත් කරන බව EA සමාගම මඟින් තහවුරු කරනු ලැබුවා.ඉදිරියේදී නිකුත් වීමට නියමිත APEX LEGEND mobile game එකද EA විසින් නිකුත්කරන අතර Battlefield mobile game එක ඔවුන්ගේ දෙවන ප්‍රධාන mobile game එක වනවා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply to sandaruwanCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...