Press ESC to close

පරිගණක ක්‍රීඩා කරන වදුරන් සහ Neuralink

Elon Musk ගේ අයිති සමාගම් රාශියෙන් බොහොම interesting වැඩ කරන සමාගමක් වෙන Neuralink සමාගම කියන්නෙ brain machine interface සමාගමක්. සරලව කීවොත් මොළයෙන් අපිට දෙයක් පාලනය කරන්න හරි මොළයට inputs දෙන්න පුළුවන් තාක්ෂණයක් develop කරන එක සහ ඒ තාක්ෂණය අඩු මුදලකට වෙලඳපොලට එකතු කරන එක තමා මේ සමාගමේ ප්‍රධාන අරමුණ. මේ සමාගම ඒ තාක්ෂණයෙන් බොහෝ ඉදිරියට එන්නට සමාගම ආරම්භ වූ 2016 සහ මේ වසර කීපය තුලදී හැකිවී තිබෙනවා. Neuralink සමාගම තමන් සාර්ථක කරගත් අලුත්ම පරීක්ෂණය ගැන විස්තර මේ වෙද්දි අන්තර්ජාලයට නිකුත් කරල තියනවා.

Neuralink සමාගමේ YouTube channel එකේ මේ සම්බන්දව video එක එයාල publish කරල තියනවා. ඒ වීඩියෝ එකේ අවුරුදු 9ක් වයසැති “Pager” කියල සුරතල් නාමයෙන් හඳුන්වන macaque වර්ගයේ වඳුරෙක් ඉතා දක්ශ ලෙස Pong ක්‍රීඩාවේ යෙදෙනව අපිට බලාගන්න පුළුවන්.

Get Your Site Up with A2 Hosting

Elon Musk පවා මේක තමන්ගෙ Twitter ගිණුමේ share කරල තිබුන “A monkey is literally playing a video game telepathically using a brain chip!!” කියල සටහනක් තබමින්.

වීඩියෝ එකේ පසුබිම් කටහඬින් සිද්ද වෙන දේ ගැන අපිට විස්තරයක් සපයනවා,

  • මේ වැඩේ කරන්න Pager ගෙ මොළයට සති 6 කට කලින් Neuralink Implants දෙකක් බද්ධ කරල තියනවා. ඒ වගේම වීඩියෝ එකේ මුලින් පෙන්නන විදිහට joystick එකක් පාවිච්චි කරල cursor එක, වෙනස් වෙන target එකකට ගෙනියන්න Pager ට පුළුවන් වෙනවා. සාර්ථකව target එකට cursor එක ගෙනිච්චොත් Reward එකක් විදිහට බටයකින් Pager ට banana smoothie ලැබෙනවා.
  • ඔය සේරම සිද්ධ වෙද්දි Neuralink සමාගමේ සම්බන්ධක උපකරණ Pager ගෙ මොළයේ සිද්ද වෙන නියුරෝන ක්‍රියාවලි record කරගන්නවා. මෙහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ Pager ගෙ මොළයේ තියන motor cortex කියන කොටස ආසන්නයේ Neuralink Implant එක විසින් පිහිටවා තිබෙන කුඩා සංවේදී තන්තු 2000කට අධික සංඛ්‍යාවක උදව්වෙන්.
  • මේ ලැබෙන දත්ත විකේතක ඇල්ගොරිතමයකට ලබාදීල ඒ මගින් Pager ගෙ hand movements, real time අනුමාන කරන්න පුළුවන් වෙනවා.
  • විකේතක ඇල්ගොරිතමය calibrate උනාට පස්සෙ Neuralink team එක joystick එක disconnect කරනවා. නමුත් Pager හිතන්නෙ තමන් joystick එක භාවිතා කරල ගේම් එක ප්ලේ කරනව කියල. ඒත් ඇත්තටම Pager ඒ ගේම් එකේ cursor එක control කරන්නෙ එයාගෙ මොලයෙන්.
  • වීඩියෝ එකේ ඊලඟ කොටසින් අපිට බලාගන්න පුළුවන් කිසිම input device එකක අධාරයක් නොමැතිව Pager දක්ශ ලෙස pong ක්‍රීඩාවේ නිරත වෙන ආකාරය. Game screen එකේ දකුණු පැත්තෙ තියන paddle එක සම්පූර්ණයෙන් හසුරවන්නෙ Pager තමන්ගෙ මොලයෙන් එන signals වලින්. වීඩියෝ එකේ දකින්න පුළුවන් Pager සාමාන්‍ය මිනිසෙක්ටත් වඩා හොඳින් Pong ක්‍රීඩාව ප්ලේ කරන විදිහ.

මේ ක්‍රියාවලිය අලුත් දෙයක් නොවන බවයි Newcastle විශ්වවිද්‍යාලයේ ස්නායුක අතුරුමුහුණත් පිලිබඳ මහාචාර්‍ය Andrew Jackson පවසා සිටින්නෙ. මොළයෙන් යම් යම් දේවල් පාලනය කිරීමේ හැකියාව ගැන පරයේෂණ 1960 වසර තරම් ඈතට දිව යන බවයි ඔහු පවසන්නේ. ඔහු තවදුරටත් කියා සිටියේ මේ තාක්ෂණය අලුත් නොවුනත් Neuralink සමාගම කරගෙන යන වැඩපිළිවල ප්‍රශංසනීය බවයි. Neuralink තාක්ෂනයෙන් කිසිම වයර් එකක් සම හරහා යන්නෙ නෑ වගේම සියලු brain signals සන්නිවේදනය වෙන්නෙ wireless තාක්ෂණය හරහායි. එය උපාංගය භාවිතා කරන පුද්ගලයාගෙ සෞඛයට හිතකර දෙයක් බවයි මහාචාර්‍ය Jackson පවසන්නේ. මේ තාක්ෂණය Test කිරීමට යොදාගන්නා සත්වයන්ද මනා ලෙස රැක බලා ගන්නා බව Elon Musk පසු ගිය දිනක දැනුම් දී තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *