Home Tech News Discord වලත් දැන් end-to-end පහසුකම
Tech News

Discord වලත් දැන් end-to-end පහසුකම

Share
blank
Share

Discord කියන්නෙ gaming community එක අතර ප්‍රසිද්ධ platform එකක්. Discord තුලින් පරිගණක ක්‍රීඩකයන්ට ඔවුන් කැමති gaming community එකකට එක්වෙලා චැට් කිරීමේ පහසුකම තියනවා. ඉතින් මෙහි ජනප්‍රියත්වයත් එක්ක සංවර්ධකයන් චැට් කිරීමේ පහසුකමට අමතරව මෙයට audio සහ video චැට් කිරීමේ පහසුකමත් එක්කලා.

අලුත්ම නිවේදනයක් මගින් Discord සමාගම පවසා තිබුනේ දැන් ඔවුන් audio සහ video චැට් කිරීමේ විශේෂාංගයට end-to-end encryption පහසුකම ලබාදීලා තියනවා. මේ වෙනකොට බොහොමයක් ප්‍රසිද්ධ චැට් ඇප්ස් end-to-end encryption පහසුකම සහිතවයි ක්‍රියාත්මක වෙන්නෙ. iMessage, WhatsApp, Signal, සහ Facebook Messenger මේ අතරට අයත් වෙනවා.

Discord ඇප් එක මාසයකට මිලියන 200ක පමන පිරිසක් එක්වෙන platform එකක්. ඔවුන් මේ ආකාරයට audio සහ video කෝල් සදහා end-to-end encryption පහසුකම ලබාදෙන බව පරිශීලකයන්ට පොරොන්දු උනේ පසුගිය වසරෙදියි. මේ වනවිට එය සියලුම පරිශීලකයන්ට ලබාදීලා තිබෙනවා. කෙසේ නමුත් මෙම end-to-end encryption පහසුකම private messages සදහා යොදා නොමැති බව සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

Discord සමාගම වෙනුවෙන් ප්‍රකාශ ඉදිරිපත් කල Kellyn Slone පවසා තිබුනේ direct messages හෝ group chats සදහා end-to-end encryption පහසුකම ලබාදෙන්න ඔවුන් තවමත් සැලසුම් කර නැති බවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...