Home Tech News Cisco හි සේවකයින් දහස් ගණනක් සේවයෙන් ඉවතට ?
Tech News

Cisco හි සේවකයින් දහස් ගණනක් සේවයෙන් ඉවතට ?

Share
blank
Share

එක්සත් ජනපදයේ තාක්ෂණික දැවැන්තයෙකු වන Ciscoසමාගම දෙවන වරටත් සේවක කප්පාදුවක් කිරීමට සැරසෙන බව වාර්තා වේ.ඔවුන් ගිය අගෝස්තු මාස ප්‍රකාශ කර තිබුනේ තම සේවක සංඛ්‍යාව 7% කින් හෝ සේවකයින් 5600 කින් පමණ අඩුකරන බවය.මීට පෙරද ඔවුන් සේවක කප්පාදුවක් සිදුකර තිබුනි.

මෙලෙස සේවක කප්පාදුවකින් ඔවුන් බලාපොරොත්තු වනුයේ සමාගමේ මූල්‍ය වර්ධන ක්ෂේත්‍රයේ වැඩි දියුණුව යි.එසේම මූල්‍ය සාර්ථකත්වය මගින් තරගකාරී වෙළදපලෙහි ප්‍රමුඛස්ථානයක් ගැනීමද ඔවුන්ගේ තව අරමුණකි.තවද මෙම සේවක කප්පාදුවට අදාළ සේවක ලයිස්තුව මේවන තෙක් ප්‍රසිද්ධ කිරීම සමාගම ප්‍රතික්ෂේප කරතිබේ.සමාගමේ සේවකයින් මේ වන විට දැඩි පීඩනයකින් යුතුව සේවයේ නියැලෙන බවද වැඩි දුරටත් වාර්තා වේ.මෙම සේවක කප්පාදුව මගින් සමාගමේ බුද්ධි සහ ආරක්ෂක අංශය වන Talos Securityවෙතද බලපෑම් එල්ලවිය හැකි බව තාක්ෂණික විශේෂඥයින් අනතුරු අගවයි.

Talos Security-Cisco
Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...