Home Tech News cyber security රුසියානු Cyber Attack වලට ලක්වුනු යුක්‍රේනය
cyber securityExplainedTech News

රුසියානු Cyber Attack වලට ලක්වුනු යුක්‍රේනය

Share
blank
Share

යුක්‍රේනයත් රුසියාවත් අතර පවතින ගොඩබිම් යුද්ධයට වඩා සයිබර් යුද්ධය බලගතුයි. ඉන් හොඳටම බැට කන්නේ යුක්‍රේනයයි. නිරන්තරයෙන් එල්ල වෙන රුසියානු සයිබර් ප්‍රහාර අතරින් දරුණුම ප්‍රහාරයට යුක්‍රේනය ගොදුරු වූයේ, මෙම 2024 පෙබරවාරි අග සතියේදීය. ඒ, යුක්‍රේනයේ ප්‍රධාන පුවත්පත් සියල්ලම පාහේ ඉලක්ක කරමිනි රුසියානු හැකර්කරුවන් විසින් එල්ල කරන ලැබූ සයිබර් ප්‍රහාර මාලාව නිසා. යුක්‍රේනය විශාලතම ඔන්ලයින් පුවත්පත වෙන යුක්‍රනිස්කා ප්‍රව්දා නම් පුවත්පත ද ඒ අතරය. යුක්‍රේනයේ සයිබර් ආරක්ෂක ඒජන්සිය තහවුරු කොට ගෙන තිබෙන්නේ මෙම ප්‍රහාරය රුසියාවෙන් එල්ලවූ බවටයි.

යුක්‍රේනයට සයිබර් ප්‍රහාර එල්ල කරනවාට අමතර වශයෙන්, සමාජ මාධ්‍ය ඔස්සේ යුද්ධය පිළිබඳ දුර්මත පැතිරවීමටද රුසියානු ආණ්ඩුව වැඩ කරන බව පසුගියදා සවිස්තර වාර්තාවක් පළ කරමින් බීබීසී පුවත් සේවය කියා සිටියා.

රුසියාව, යුක්‍රේනයට එල්ල කළ ගොඩබිම් ප්‍රහාරයකට එරට ගුරුවරියත් ලක් වූවා. ජීවත්වීමට වාසනාව ලැබූ ඇගේ ලේ වැකුණු මුහුණේ ඡායාරූපය ලොව පුරා කාගේත් කනගාටුවට හේතු වෙනවාත් සමඟම රුසියානු රජයේ සමාජ මාධ්‍ය, එය ව්‍යාජයක් බවට පෝස්ට් පළ කරන්නට පටන් ගත්තා. බීබීසී පුවත් සේවය ගවේෂණාත්මකව ඒ ගැන විපරම් කිරීම ඇරඹියේ, ඡායාරූපය පළ කළ රොයිටර්ස් පුවත් සේවයෙන් ඡායාරූපය සත්‍ය එකක් බවට සහතික කර ගැනීමෙන් පසුවයි.

බීබීසී සේවයේ ජනමාධ්‍යවේදීන් කළ සොයා බැලීමෙන් පමණක් රුසියානු රජය සතුව ව්‍යාජ ට්විටර් හෙවත් එක්ස් එක්වුන්ට් සියයකට වඩා වැඩි ගණනාවක් තිබෙන බව අනාවරණය කර ගත්ත. ඉන් ඇතැම් ඒවාට සම්බන්ධ වෙන්නන් හෙවත් ෆලෝවර්ස් දහස් ගණනක් සිටියත්, ඇතැම් ඒවාට මිලියනයකටත් වඩා සිටිනව. මේවා ක්‍රියාත්මක වෙන්නේ රුසියානු තානාපති කාර්යාල, රජයේ කාර්යාල සහ වෙනත් පක්ෂපාති ආයතනවල සිටයි.

මෙම රුසියානු සමාජ මාධ්‍ය ජාලය පිළිබඳව ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ඩිජිටල් මීඩියා රිසර්ච් සෙන්ටර් ආයතනයේ සහය මහාචාර්ය තිමති ග්‍රෙහැම්, දීර්ඝ වශයෙන් අධ්‍යයනය කර තිබෙනව. රුසියානු රජයෙන් මෙහෙයවන ට්විටර් ජාලයක ඒකාබද්ධ ක්‍රියාකාරිත්වය හේ අධ්‍යයනය කර තිබෙනව. මෙම ජාලයේ ඉතා සක්‍රිය ට්විටර් එකවුන්ට් හැත්තෑ පහක් තිබෙනව. ඒවායේ ෆලොවර්ස් ගණන හැත්තෑ ලක්ෂයක්. එම එකවුන්ට් වෙතට ලයික්ස් මිලියන තිහක් ලැබී තිබුන. එම එකවුන්ට් වෙත එන පණිවුඩ මිලියන තිස් හය වාරයක් නැවත හරවා යවා හෙවත් රීට්වීට් කර තිබුණ. ඒවාට මිලියන හතර වාරයක් පිළිතුරුදී තිබුණා.

සෑම ට්විටර් එකවුන්ට් එකකින්ම පැයක් තුළ කෙසේ ඊට්වීට් කරන්නේදැයි සොයා බැලූ මහාචාර්ය තිමති ග්‍රෙහැම්ට පෙනී ගියේ, ඔවුන් නිරන්තරයෙන්ම එය කරගෙන යමින් තමාට කැමති, එනම් රුසියානු රජයට පක්ෂ, යුක්‍රේනයට විරුද්ධ මත රැගත් ට්විටර් පණිවුඩ ජාලයක් ක්‍රියාත්මක කරවන බවයි. මෙයට මැදි වෙන යමෙක් වෙතොත් එහුට හැඟී යන්නේ, බොහෝ සෙනඟක් නිරන්තරයෙන්ම මෙම මතයේ සිටින බවයි. එහෙත් සැබැවින්ම එය කීප දෙනෙක් විසින් මෙහෙයවනු ලබන්නක් පමණි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...