Home Games Eastshade පරිගණක ක්‍රීඩාව
Games

Eastshade පරිගණක ක්‍රීඩාව

Share
blank
Share

ඊස්ට්ෂේඩ් යනු තම මවගේ අවසන් කැමැත්ත ඉටු කිරිමේ අරමුණෙන් එකෝමත් එත දූපතකට ගමන් කරන චිත්‍ර ශිල්පියෙකුට එම දූපතේදී මුහුණදීමට සිදුවන සිදුවීම් පාදක කර ගෙන තැනූ පරිගණක ක්‍රීඩාවක්.

ඊස්ට්ෂේඩ් ක්‍රීඩාවේදී පරිගණක ක්‍රීඩකයා ක්‍රියාත්මක විය යුත්තේ ක්‍රීඩාවේ කතා නායකයා වෙන චිත්‍ර ශිල්පියා ලෙසය. ඔහු වානර සම්භවයක් ඇති ජන කොට්ඨාසයකට අයත් අයෙක්. හදිසියේ රෝගාතුර වෙන ඔහුගේ මව මිය යයි. ඇය මිය යාමට කලින් ඇගේ අවසන් කැමැත්ත පුතුට දන්වනව. කලකට ඉහතදී ඇය විසින් සංචාරය කළ එක්තරා දූපතක් තිබෙන බවත්, එහි ඇගේ සිත් ගත් ස්ථාන හතරක් තිබෙන බවත් පවසන ඇය, තම පුතුගෙන් ඉල්ලා සිටින්නේ හැකිනම් එම දූපතට ගොස් තමන් සිත් ගත් එම දර්ශන හතර සිතුවමට නඟන ලෙසයි. එහෙත් එම ස්ථාන හතර පිළිබඳ නිශ්චිත දැනුමක් ඇයට නැහැ.

ඉටු කිරීමට අදිටන් කර ගන්නා මව මිය ගිය පසු ඇගේ ඉල්ලීම ගෙන එම දූපතට ගමන් කිරීමට ඔහු සිතුවම් ඇඳීමට අවශ්‍ය දේ සමග මගී නෞකාවකට නගිනව. ගමන අතරතුරදී නැව මුහුදුබත් වෙනව. සිහිසුන් වෙන ඔහු අසල දූපතක වෙරළට ගසා ගෙන යනව. එහිදි දූපත් වැසියෙකු විසින් ඔහු සිය කරනු ලැබ චිත්‍ර ශිල්පියාගේ ජීවිතය බේරෙයි. නිවසට රැගෙන ගොස් ප්‍රතිකාර පියවි සිහිය ලැබී විමසා බලන විට තමන් පැමිණ තිබෙන්නේ මව කී දූපතටම බව දැන ගන්නව.

එතැන් සිටි ඔහු සිතුවම් ඇඳීමට ඕනෑ දේ සොයා ගෙන, දූපතේ ගමන් කරමින් තම මවගේ ඉල්ලීම ඉටු කිරීමට වෙහෙසෙනව. මවගේ සිත් ගත් තැන් මොනවා දැයි නොදන්නා නිසා එතැන් අනුමාන කළ යුතුයි. ඔහු කරන්නේ අලංකාර සෑම තැනක්ම සිතුවම් කිරීම ඇරඹීමයි. එවිට ඒ සිතුවම් අතර මව කැමති තැන් වල සිතුවම්ද තිබෙනු ඇති.

මෙම ඊඩ් ක්‍රීඩාවේදී පරිගණක ක්‍රීඩකයාගේ වගකීම වෙන්නේ සිතුවම් ඇඳීමට අවශ්‍ය කැන්වස්, තීන්ත යනාදිය සොයා දීමයි. දූපතේ ගමන් කරමින් සිටින අතර තුර සිත් ගන්නා දර්ශනයක් දුටු විගස එය චිත්‍ර ශිල්පියෙකු දකින ආකාරයෙන් දැක සිතුවම් කර ගත යුතුයි. එවැනි දර්ශනයක් දුටු විට, ගැළපෙන දර්ශනය මත මවුසය මඟින් දර්ශනය විය යුතු සීමාව සීලෙක්ට් කළොත්, එය සිතුවමක් බවට පත් වෙන සේ මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කර තිබෙනව.

ත්‍රිමාන සජීවීකරණවලින් යුත් මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණයේදී නිර්මාණ ශිල්පීන් විසින් වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ දූපතේ පරිසරයේ සුන්දරත්වය සහ එහි ඇති පැරණි ගොඩනැගිලි යනාදිය දැකුම්කලු ලෙස නිර්මාණය කිරිමටයි. සිතුවම්කරණය තේමාව කොටගත් පරිගණක ක්‍රීඩාවක් නිසා එම දර්ශන හොඳින් නිර්මාණය කිරිමට ඔවුන් උත්සාහ කර තිබෙනව.

එසේම හොඳින් ආලෝකය ලැබෙන තැන් වඩාත් දීප්තිමත්ව පෙන්වමින් ආලෝකය පාලනය කර තිබෙනව. භූමියේ කඳු, පල්ලම්, ජලාශ යනාදී භූවිෂමතා නිර්මාණය කර ඇති නිසා පරිගණක ක්‍රීඩකයාට සත්‍ය ලෙසම තමන් එම දූපතේ ජීවත්වන්නාක් සේ දැනෙන අවස්ථා එමටය. චරිත අතර කෙරෙන සංවාද දෙබස් ආකාරයෙන් තිරයේ පෙන්නුම් කිරිමත් පහසුවක්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...