Home Tech News software Chromium මතින් කරලියට එන New Microsoft Edge
softwareTech News

Chromium මතින් කරලියට එන New Microsoft Edge

Share
blank
Share

Chrome වලට තිත තියන්න සැරසෙන නව Edge ගැන දැනගමු. Internet Explorer අති ජනප්‍රියව පැවතුන 90 දශකයෙන් පස්සෙ නැවතත් ඒ ජනප්‍රියත්වය ලබාගන්න දැන් Microsoft සමාගම තවත් ජනප්‍රිය Browser එකක් වෙන Chrome වෙතට යොමුවෙලා.

Internet Explorer වල වෙනස්කම් සමග IE 11 – IE 12 විදිහට නව සංස්කරණ නිකුත් උනත් මේ Internet Explorer එක පාවිච්චි උනේ Firefox / chrome වැනි වෙනත් Browser එකක් Download කරගැනීමට විතරයි.

Microsoft සමාගමේ IE සහ Edge වලට ඉහලින් Google Chrome සහ Apple සමාගමේ Safari තිබීම ලෝකයේ 95% කට වඩා භාවිතා වන Windows සමග නොමිලේ ලබාදුන්නත් එහි භාවිතය මෙතරම් අඩු අගයක තිබීම තමන්ගෙ Bing Search Engine එක වගේම MSN News වල ජනප්‍රියත්වයටත් හානියක් බව Microsoft සමාගමට වැටහෙන්න පටන් අරන්.

මෙයට පිළිතුරක් විදිහට තමයි තමන්ගෙම Web Browser එකක් නිර්මාණය කිරීම පැත්තකින් තියල Microsoft සමාගම කාටත් නොමිලේ ලබාගෙන වැඩිදියුණු කරන්න පුළුවන් Chromium Project එක වෙත යොමු වෙන්නෙ.

Chromium Source Code එක Modify කිරීම තුලින් තමයි New Edge Browser එක නිර්මාණය වෙන්නෙ. මේ නිසා Chrome වල තිබෙන පහසුකම් ගොඩක් ලැබෙනව වගේම Chrome වල තියෙන අපේ online ක්‍රියාකාරකම් හැම එකක්ම වගේ Track කිරීම නැති Web browser එකක් අපට ලැබෙනව.

  • නවතම තාක්ෂණය සමග Update වෙන Web browser එකක්
  • හුරු පුරුදු Profile සහ Password / history Sync කිරීමේ පහසුකම
  • Android /Windows / Mac OS / iOS සහ ලගදීම Linux වෙතට ලබාගැනීමේ හැකියාව
  • Microsoft Extentions වගේම Chrome Extensions භාවිතා කිරීමේ හැකියාව
  • Chrome වලට සාපේක්ෂව අඩු System resources පාවිච්චි කිරීම

මේ පහසුකම් එක්ක මුළු ලෝකයේම විද්වතුන්ගෙන් Update වෙන Chromium Open Source Project එක නිසා microsoft සමාගමට පැවරෙන්නෙ තමන්ගෙ New Edge Browser එක නිවැරදිව පවත්වාගැනීමයි.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...