Press ESC to close

ලැව්ගිනි නිවන AI

ලැව්ගිනි කියන්නෙ ලංකාවෙත් සුලබව ඇතිවෙන ස්වාභාවික විපතක්. ලැව්ගිනි ස්වාභාවිකව වගේම මිනිස් ක්‍රියාකාරකම් නිසාත් ඇතිවෙනව. මේ වගේ ස්වාභාවික විපත් යම්තරමකින් මැඩපවත්වා ගන්න දැන් අපට AI තාක්ශනය යොදාගැනීමේ හැකියාවත් තිබෙනව.

ඉතින් ඇමරිකාවෙ California Department of Forestry and Fire Protection ආයතනය විසින් ලැව්ගිනි ඇතිවීම පිලිබද පෙර දැනුම්දීමක් ලබාදිය හැකි AI තාක්ශනික වැඩසටහනක් දියත් කර තිබෙනව.

Get Your Site Up with A2 Hosting

මෙම වැඩසටහන සදහා 1,032 360-degree rotating cameras වලින් ලබාගන්නා දත්ත AI පාධක වැඩසටහන වෙත යවා එයින් තොරතුරු විශ්ලේෂනය සිදු කරනු ලබනව. එහිදී යම්කිසි වෙනස්වීමක් කැලෑ තුල සිදු වේ නම් ඉක්මනින් ඊට අදාල දෙපාර්තමේන්තු වෙත පනිවිඩයක් යැවෙනව.

ජූලි මාසයේදී පලමුවෙන්ම මේ වැඩසටහන දියත් කර තිබෙන අතර මේ වනවිට එ‍ය සාර්තකව එක් ලැව්ගින්නක් මැඩ පවත්වා තිබෙනව. San Diego හි පිහිටා තිබෙන Cleveland National වනයේ පාන්දර 3ට ඇතිවූ ලැව්ගින්නක් මෙසේ කැමරාවක සටහන් වී තිබූ අතර AI පාධක වැඩසටහන මගින් එය හදුනාගෙන ඉක්මනින්ම ලගම තිබූ ගිනි නිවන හමුදා ඒකකය දැනුවත් කර තිබූ අතර විනාඩි 45ක් ඇතුලත එම ගින්න නිවා දැමූ බව වාර්තා වෙනව.

DigitalPath නම් සමාගමක් විසින් තමයි මෙම වැඩසටහන නිර්මානය කර තිබෙන්නෙ. Cal Fire විසින් මේ වනවිට ඩොලර් මිලියන 20 පමන මේ සදහා වියදම් කොට තිබෙනව.

ඔබටත් ඔබේ පරිගණකයෙන් හෝ ජංගම උපාංගයෙන් Alert California හි “කැමරා දර්ශන” පරීක්ෂා කරන්න පුලුවන්. මෙම වෙබ් අඩවිය කලාපය පුරා දුරස්ථව ක්‍රියාත්මක වන සජීවී කැමරා දර්ශන ජාලයක් පෙන්වනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *