Home Tech News ලැව්ගිනි නිවන AI
Tech News

ලැව්ගිනි නිවන AI

Share
blank
Share

ලැව්ගිනි කියන්නෙ ලංකාවෙත් සුලබව ඇතිවෙන ස්වාභාවික විපතක්. ලැව්ගිනි ස්වාභාවිකව වගේම මිනිස් ක්‍රියාකාරකම් නිසාත් ඇතිවෙනව. මේ වගේ ස්වාභාවික විපත් යම්තරමකින් මැඩපවත්වා ගන්න දැන් අපට AI තාක්ශනය යොදාගැනීමේ හැකියාවත් තිබෙනව.

ඉතින් ඇමරිකාවෙ California Department of Forestry and Fire Protection ආයතනය විසින් ලැව්ගිනි ඇතිවීම පිලිබද පෙර දැනුම්දීමක් ලබාදිය හැකි AI තාක්ශනික වැඩසටහනක් දියත් කර තිබෙනව.

මෙම වැඩසටහන සදහා 1,032 360-degree rotating cameras වලින් ලබාගන්නා දත්ත AI පාධක වැඩසටහන වෙත යවා එයින් තොරතුරු විශ්ලේෂනය සිදු කරනු ලබනව. එහිදී යම්කිසි වෙනස්වීමක් කැලෑ තුල සිදු වේ නම් ඉක්මනින් ඊට අදාල දෙපාර්තමේන්තු වෙත පනිවිඩයක් යැවෙනව.

ජූලි මාසයේදී පලමුවෙන්ම මේ වැඩසටහන දියත් කර තිබෙන අතර මේ වනවිට එ‍ය සාර්තකව එක් ලැව්ගින්නක් මැඩ පවත්වා තිබෙනව. San Diego හි පිහිටා තිබෙන Cleveland National වනයේ පාන්දර 3ට ඇතිවූ ලැව්ගින්නක් මෙසේ කැමරාවක සටහන් වී තිබූ අතර AI පාධක වැඩසටහන මගින් එය හදුනාගෙන ඉක්මනින්ම ලගම තිබූ ගිනි නිවන හමුදා ඒකකය දැනුවත් කර තිබූ අතර විනාඩි 45ක් ඇතුලත එම ගින්න නිවා දැමූ බව වාර්තා වෙනව.

DigitalPath නම් සමාගමක් විසින් තමයි මෙම වැඩසටහන නිර්මානය කර තිබෙන්නෙ. Cal Fire විසින් මේ වනවිට ඩොලර් මිලියන 20 පමන මේ සදහා වියදම් කොට තිබෙනව.

ඔබටත් ඔබේ පරිගණකයෙන් හෝ ජංගම උපාංගයෙන් Alert California හි “කැමරා දර්ශන” පරීක්ෂා කරන්න පුලුවන්. මෙම වෙබ් අඩවිය කලාපය පුරා දුරස්ථව ක්‍රියාත්මක වන සජීවී කැමරා දර්ශන ජාලයක් පෙන්වනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...