Home Tech News Internet Windows 7 සහ Windows 8.1 සදහා Chrome සහය නවතී
InternetsoftwareTech News

Windows 7 සහ Windows 8.1 සදහා Chrome සහය නවතී

Share
blank
Share

Google සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ ලබන වසරේ මුල සිට Windows 7 සහ Windows 8.1 සදහා Chrome support එක නවත්වන බවයි. ලබන වසරේ පෙබරවාරි 07 වන දින නිකුත් කිරීමට නියමිත Chrome 110 එක මෙම මෙහෙයුම් පද්ධති දෙකටම සහය දක්වන්නෙ නැහැ. නමුත් පරිශීලකයන්ට Chrome පැරනි සංස්කරණයන් දිගටම බාවිතා කරන්න පුලුවන් වුනත් ඒවාට නව විශේෂාංග හෝ security updates ලැබෙන්නේ නැහැ.

Google සමාගම විසින් පවසා තිබුනේ දිගටම Chrome updates ලබාගැනීමට නම් Windows 10 හෝ Windows 11 වලට තම පරිගණක upgrade කරගන්නා ලෙසයි. කෙසේ වුවත් බොහොමයක් සමාගම් වල ඇති පැරනි පරිගණක සදහා මෙම නව මෙහෙයුම් පද්ධති සහය නොදැක්වීමත් නව පරිගණක මිලදී ගැනීමට අපහසු පිරිසටත් මෙය තරමක් අසීරු දෙයක් වෙනව.

Google සමාගම තවදුරටත් පැවසුවේ Microsoft සමාගම විසින් ජනවාරි 10 දක්වා දීර්ඝ කර තිබුනු Windows 7 සහ Windows 8.1 support එක නවත්වනවත් සමගම මේ ආකාරයට Chrome support එකත් නවත්වන බවයි.

කෙසේ හෝ Google සමාගම කලින් නිවේදනය කර තිබුනාට වඩා දීර්ඝ කාලයක් Chrome Windows 7 සදහා සහය දැක්වූවා. 2021 වසරේ එම සහය නවත්වන බව පැවසුවත් 2023 ජනවාරි දක්වා එය පැවතෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...