AMD Radeon Vii කියන්නෙ මොකක්ද?
ගොඩක් දෙනෙක් දන්නෙ නැති ඒත් ලගදිම දැන ගන්න ලැබෙන දෙයක් ගැන තමයි අද කතා කරන්න යන්නෙ ඒ තමයි AMD සමාගම විසින් 2019 වර්ශය සදහා එලි දක්වපු ඔවුන්ගෙ නවතම High End Graphic Card එක ගැන. AMD Radeon 7 නැත්තම් AMD Radeon Vii කියන නාමයෙන් තමයි ඔවුන් මෙය එලි දැක් වූයෙ . මේ ගැන කතා කරන්න විශේෂ හේතු කිහිපයක් තියෙනව.

Computer Graphic Card Chip නිශ්පාදනය කරන ප්‍රකට සමාගම් දෙක වන AMD  සහ Nvidia යන සමාගම් අතර මේ වන විට දැඩි තගකාරි බවක් ඇතිව තිබෙන බව ඔබ අපි නොදන්නා කාරනයක් නෙවෙයි. ඉතින් මෙ තරගයෙ පෙරමුණ ගැනීම සදහා එම සමාගම් විසින් කාලයෙන් කාලයට විවිද නිශ්පාදන එලි දැක් වූවා. පහුගිය වසර 10ක පමණ කාලයක් මේ තරගයේ පෙරමුණ ගන්නට Nvidia සමාගමට හැකියාව ලැබුනෙ ඔවුන්ගේ නිශ්පාදන දීර්ග කාලයක් තිස්සෙ තාක්ශනික මට්ටමින් ඉදිරියෙන් සිටීම නිසා. AMD සමාගමේ නිෂ්පාදන කෙතරම් හොද උනත් මේ තරගයේදි වැඩිම Performance වලට හිමි කිරුළෙ හිමිකරු වෙච්ච Nvidia සමාගමට පරිගණක ක්‍රීඩා ලෝකයේම අවධානය යොමු වෙලා තිබුන, කොහොම උනත් ගෙවන මිලට හොදම Performance දෙන්න Radeon නිෂ්පාදන සමත් උනා.

එහෙත් Nvidia සමාගම 2018 වසරෙ අවසානයෙ ඔවුන්ගෙ පෙරලිකාර නව නිශ්පාදනයක් වූ RTX Series එක හදුන්වා දීමත් සමග නැවත AMD සමාගම පසුබෑමකට ලක් වුනා. Nvidia සමාගමෙ 2018 නිකුත් කල නව Graphic Card මාදිලි  වන RTX 2080 , RTX 2070 , Quadro RTX 6000 සහ RTX Titan යන මාදිලි වල සදහ Nvidia සමාගම විසින් හදුන්වා දුන් Ray Tracing තාක්ශනය ගැන වැඩි කතා බහක් ඇති වූවා, එමෙන්ම එම නිශ්පාදන ඉහල මිල අගයකින් ඔවුන් වෙලදපල වෙත නිකුත් කිරීම හේතුවෙන් වැඩි දෙනෙකුගේ අප්‍රසාදයද පලනොවූවාද නොවේ.

Computer Shop ගැන ඔයාගෙ අත්දැකීම කියන්න එන්න shop rating

කෙසේ වෙතත් ඔවුන් එසේ ඔවුන්ගෙ මාර්ගයේ ඉදිරියට යන විට AMD සමාගම ඊට හාත්පසින්ම වෙනස් හා නැවුම් අත් දැකීමක් එක් කිරීමට සමත් වුනා ඒ පිලිබදව ඔවුන් මුල සිට ඉගි පල කර තිබුනත් නිශ්චිතවම ඒ සදහා වර්තාවක් ඔවුන් ඉදිරිපත් කර නොතිබීම කුතුහලයට කාරනාවක් විය. (AMD Radeon 3000 Graphic Card Series ගැන ලිපිය කියවන්න)

AMD Radeon 7 කියන්නෙ එම සමාගම විසින් එලි දක්වපු අලුත්ම Graphic Card එක. මේ කාඩ් එකෙ ගොඩක් වෙනස්ම සහ කලින් නොතිබුන Features ගොඩක් එක්ක තමයි එලි දක්වල තියෙන්නෙ. AMD සමාගම කියන විදිහට මේ Graphic Card එක Gaming වලට වගේම ගොඩක් heavy use වලටත් පාවිච්චි කරන්න පුලුවන්. මේකට ප්‍රධාන හේතුව තමයි මෙතෙක් කල් අපි Graphic Card  එකක් mother board එකට සවි කරන්න ආවෙ PCI Express 3 කියන තාක්ශනය එක්ක උනත් මේ  Graphic Card එක ඉන් එහාට ගිහින් PCI Express 4 කියන තාක්ශනයත් ඇතුලත් කරල තියෙනව ඒ වගේම HBM 2 Technology එකත් මේ කාඩ් එකෙ තියෙනව.

ඒ වගේම තමයි AMD සමාගම මේ නිෂ්නාදනය සංසන්දනය කරන්නෙ Nvidia සමාගමේ අලුත්ම ඒ වගේම Top of the Line RTX 2080 එකත් එක්ක 4K Resolution වලින්.

කොහොම උනත් මේ Performance ගැන වැඩි විශ්වාසයක් තියන්න එපා. මේව AMD විසින් නිකුත් කරපු ඒව මිසක් Real world Gaming scenarios නෙමෙයි. Card එක පෙබරවාරි මාසෙ නිකුත් උනාම අපිට Tests බලාගන්න පුලුවන්.

වැදගත්ම දේ තමයි මෙතෙක් කාලෙකට ආව වැඩිම Memory Bandwidth එකක් තියන කාඩ් එක තමයි මේ AMD Radeon 7 කියන්නෙ. ගනනය කලොත් ඔවුන්ගේ සන්ක්‍යාතයන් අනුව 1TBps දක්වා Memory Bandwidth එකක් මෙම කාඩ් එක සතුව තිබෙනව ඒ වගේම තමයි මේක තමයි Workstation සහ Gaming යන දෙකටම බාවිතා කරන්න පුලුවන් දැනට වෙලද පොලට නිකුත් වී ඇති පලවෙනි High END Graphic Card එක. 16GB VRAM දාරිතාවකද Cooling අතින් අනෙකුත් Card සමග සසදන විට ඉතා ඉහල මට්ටමක සිටින බවට AMD සමාගම විසින් දක්වා තිබෙනව.

AMD සමාගම මේ නිශ්පාදනය හදුන්වාදීමත් සමග Nvidia සමාගමෙ නිශ්පාදන සහ එහි මිල ගනන් පිලිබදව දැඩි කතා බහකට ලක් වුනා, එයට හේතුව වන්නෙ Nvidia සමාගමෙ RTX 2080TI 11GB Card එක ඇමරිකානු ඩොලර් 1100$(ආසන්න මුදල) වෙනකොට AMD සමාගමේ AMD Radeon 7 වෙලදපොලට හදුන්වාදෙන මිල වන්නෙ ඇමරිකානු ඩොලර් 799$ වශයෙනි. ( ආසන්න අගයන් දක්වා ඇත මිල ගනන් වෙනස් විය හැක) තවමත් AMD සමාගම එලි දක්වා තිබෙන්නෙ ඔවුන්ගේ High End Card එක පමණයි. ඔවුන්ගෙ Mid Range සහ Low End මාදිලි මෙම වසරෙ පෙබරවාරි මස එලි දැක්වීමට නියමිත බව ආරන්චි මාර්ග වලින් දැනගන්න ලැබිල තියනව.


ප.ලි. මම දැකපු දෙයක් ලන්කාවෙ ගොඩක් දෙනෙක් AMD Graphic කාඩ් පාවිච්චි කරන්න බයයි මොකද හීට් වෙල පිච්චිලා යයි කියන හේතුවෙන් සහ තවත් ගොඩ දෙනෙක් Nvidia Card එකක් ගන්නෙ පොඩි කාඩ් එකක් උනත් ලොකු Performance එකක් ගන්න පුලුවන් කියන පුහු මතය ලන්කාවෙ තියන නිසා ඒත් මම කියන්නෙ තමන්ට හැකියාවක් තියෙන මුදලකට සහ තමන්ට තිබෙන අවශ්‍යතාවය අනුව තමන්ට ගැලපෙන කාඩ් එක තෝරගන්න කියල ඒක AMD or Nvidia කියන දේ නෙමෙයි වැදගත් වෙන්නෙ.

උදාහරනයක් වශයෙන් ගත්තොත් AMD Card ගොඩක් වෙලාවට Budget Friendly විදිහට තමයි නිශ්පාදකය එවන්නෙ ඒ වගේම Nvidia Card වල Service එක හොදයි(Drivers) Power Management එක හොදයි (බහුතරයක)  ඉතින් මේවගෙ වෙන වෙන එකින් එකට වෙන් වූ විශේශාන්ගයන් තියෙන්නෙ එකම Speed එක වුනත්. තමන්ගෙ අවශ්‍යතාවය මත තමන්ට මිලදී ගත හැකි නිශ්පාදනය තෝරගන්න ඒ පිලිබදව දැනුවත් වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here