Home Tech News ChatGPT වෙතින් හදුන්වාදෙන Image Library
Tech News

ChatGPT වෙතින් හදුන්වාදෙන Image Library

Share
Share

OpenAI සමාගමෙන් දැන් ඔබ ChatGPT මඟින් නිර්මාණය කරන සියලුම AI රූප එකම තැනක සුරැකිය හැකි නව “Image Library” විශේෂාංගයක් ලබාදී තිබෙනවා. මෙම විශේෂාංගය ChatGPT හි GPT-4o මොඩලය භාවිතයෙන් නිර්මාණය කරන රූප ස්වයංක්‍රීයව සුරැකීමට සහ ඒවා නැවත බැලීමට, සංස්කරණය කිරීමට සහ බෙදාගැනීමට හැකියාව සපයනවා.​

Image Library එකේ විශේෂාංග
ස්වයංක්‍රීය සුරැකුම: GPT-4o මොඩ්ල් එක භාවිතයෙන් නිර්මාණය කරන සියලුම රූප ස්වයංක්‍රීයව Library එකේ සුරැකෙනවා.​

සංස්කරණය සහ බෙදාගැනීම: රූපයක් තෝරාගෙන එය සංස්කරණය කිරීමට, සුරැකීමට හෝ බෙදාගැනීමට හැකියාව ලැබෙනව.​

සංස්කරණය කිරීමේ පහසුකම්: රූපයේ කොටස් තෝරාගෙන ඒවා සංස්කරණය කිරීමට හැකියාව තියනවා.​

ප්‍රවේශය: මෙම Library එක Android, iOS, Windows, macOS සහ වෙබ් අඩවිය මගින් උනත් ChatGPT හි පරිශීලකයින්ට ලබාගත හැකි වෙනවා.

මෙහිදී GPT-4o මොඩ්ල් එක භාවිතයෙන් නිර්මාණය කරන රූප පමණක් Library එකේ සුරැකෙනවා.​ රූපයක් මකාදැමීමට, එය අඩංගු සංවාදය සම්පූර්ණයෙන්ම මකාදැමිය යුතු වෙනවා.

OpenAI සමාගම ChatGPT හි රූප නිර්මාණය මත පදනම්ව සමාජ මාධ්‍ය ජාලයක් සංවර්ධනය කරමින් සිටින බවට වාර්තා වෙනවා. මෙය X සහ Instagram වැනි සමාජ මාධ්‍ය platform එකක් වෙන්න පුලුවන්.​

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...