Home Tech News ChatGPT වෙතින් හදුන්වාදෙන Image Library
Tech News

ChatGPT වෙතින් හදුන්වාදෙන Image Library

Share
blank
Share

OpenAI සමාගමෙන් දැන් ඔබ ChatGPT මඟින් නිර්මාණය කරන සියලුම AI රූප එකම තැනක සුරැකිය හැකි නව “Image Library” විශේෂාංගයක් ලබාදී තිබෙනවා. මෙම විශේෂාංගය ChatGPT හි GPT-4o මොඩලය භාවිතයෙන් නිර්මාණය කරන රූප ස්වයංක්‍රීයව සුරැකීමට සහ ඒවා නැවත බැලීමට, සංස්කරණය කිරීමට සහ බෙදාගැනීමට හැකියාව සපයනවා.​

Image Library එකේ විශේෂාංග
ස්වයංක්‍රීය සුරැකුම: GPT-4o මොඩ්ල් එක භාවිතයෙන් නිර්මාණය කරන සියලුම රූප ස්වයංක්‍රීයව Library එකේ සුරැකෙනවා.​

සංස්කරණය සහ බෙදාගැනීම: රූපයක් තෝරාගෙන එය සංස්කරණය කිරීමට, සුරැකීමට හෝ බෙදාගැනීමට හැකියාව ලැබෙනව.​

සංස්කරණය කිරීමේ පහසුකම්: රූපයේ කොටස් තෝරාගෙන ඒවා සංස්කරණය කිරීමට හැකියාව තියනවා.​

ප්‍රවේශය: මෙම Library එක Android, iOS, Windows, macOS සහ වෙබ් අඩවිය මගින් උනත් ChatGPT හි පරිශීලකයින්ට ලබාගත හැකි වෙනවා.

මෙහිදී GPT-4o මොඩ්ල් එක භාවිතයෙන් නිර්මාණය කරන රූප පමණක් Library එකේ සුරැකෙනවා.​ රූපයක් මකාදැමීමට, එය අඩංගු සංවාදය සම්පූර්ණයෙන්ම මකාදැමිය යුතු වෙනවා.

OpenAI සමාගම ChatGPT හි රූප නිර්මාණය මත පදනම්ව සමාජ මාධ්‍ය ජාලයක් සංවර්ධනය කරමින් සිටින බවට වාර්තා වෙනවා. මෙය X සහ Instagram වැනි සමාජ මාධ්‍ය platform එකක් වෙන්න පුලුවන්.​

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...