Home Tech News Ai පිළිකා සෛල හදුනාගැනීමට Google වෙතින් AI පාධක උපකරණයක්
AiExplainedTech News

පිළිකා සෛල හදුනාගැනීමට Google වෙතින් AI පාධක උපකරණයක්

Share
blank
Share

Google සමාගම විසින් නවතම AI පාධක උපාංගයක මූලාකෘතියක් ඉදිරිපත් කර තිබෙනව. එය Augmented Reality Microscope ලෙස නම් කර තිබෙනව. මෙම උපාංගයට real-time තාප සිතියම් (heatmaps) හෝ වස්තු මායිම් වැනි දෘශ්‍ය දර්ශක ආවරණය කිරීම සඳහා කෘතිම බුද්ධිය යොදාගෙන තිබෙනව.

මෙම උපාංගයෙන් පිළිකා සෛල හෝ රෝග කාරක ඇති බව හඳුනා ගැනීම පහසු කරනව. ARM පිලිබදව ප්‍රථම වරට 2018 දී ප්‍රසිද්ධියට පත් කරන ලද අතර තවමත් රෝගීන් හඳුනා ගැනීමට භාවිතා කර නැහැ. දැනට, ARM හි මූලාකෘති 13 ක් පවතින අතර, එදිනෙදා වෛද්‍යවරුන්ට සහාය වීමට පෙර තවත් වැඩිදියුනු කිරීම් සිදු කිරීමට තිබෙන බව Google සමාගම පවසා තිබෙනව.

කෙසේ වෙතත්, Google සමාගම පවසන පරිදි, රෝහල්වල සහ සායනවල පවතින ආලෝක අන්වීක්ෂවලට නැවත සකස් කළ හැකි පද්ධතියක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි. ARM සවි කරන ලද අන්වීක්ෂවලට පසුව text, arrows, contours, heat maps, හෝ animations ඇතුළු විවිධ output ලබා දෙන්න පුලුවන්.

තක්සේරු කර ඇති ආකාරයට මෙම උපකරනයක් $90,000 ත් $100,000 අතර මුදලක් වනු ඇත.

Google Health විසින් මේ ආකාරයට AI පාධක උපකරන සෞඛ්‍ය ක්ෂේත්‍රයට හදුන්වා දෙන්නෙ පලමුවතාවට නෙවේ. රොයිටර් පුවත් සේවයට අනුව සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සඳහා AI හි ආයෝජනය කරන ආරම්භකයින් සමඟ හවුල් වීමට Google සමාගම පසුගිය දශකය තුළ ඩොලර් බිලියන 200 කට වඩා වැඩි මුදලක් ආයෝජනය කර ඇතැයි සදහන් වෙනව.

2030 වන විට ලොව පුරා සෞඛ්‍ය සේවකයින් මිලියන 15 ක හිඟයක් පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කිරීම සැලකිල්ලට ගනිමින් මෙය විශේෂයෙන් කැපී පෙනෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...