Home Tech News නවීන පන්නයේ Arc Web browser
Tech News

නවීන පන්නයේ Arc Web browser

Share
blank
Share

දැන් අලුත් වෙබ් බ්‍රව්සර් එකක් පැමිණ තිබෙනවා. ඇමරිකාවේ සිලිකන් වැලිහි පිහිටා තිබෙන ද බ්‍රව්සර් කම්පැනි (the browser company)නම් සමාගමෙන් එය ඉදිරිපත් කර තිබෙනවා. ඕනෑම කෙනෙක්ට වෙබ් බ්‍රව්සරයෙන් ලබා දෙන සීමාවේ සිට නොව තමාගේ කැමැත්තට අනුව නිදහසේ වෙබ් පිටු සොයා ගන්නට ආක් බ්‍රව්සරය යොදා ගත හැක.

සාමාන්‍ය වෙබ් බ්‍රව්සර් වල ඉහලින් තිබෙන ටැබ් සහිත ටූල් බාර් එකක් මෙහි නැහැ. ඒ වෙනුවට ආක් වෙබ් බ්‍රව්සරයේ ක්‍රියාකාරිත්වයට සම්බන්ධ ටැබ්ස් සියල්ල ගොණු කර තිබෙන්නේ එහි වම් පසින් ඇති ඇති සයිඩ් බාර් එකෙහිය. එසේම ෆෝල්ඩර්, ලයිබ්‍රි, නෝට්ස්, ස්පේසස් යනාදී තවත් බොහෝ දේ මෙහි තිබෙනවා. මෙහි තිරය පුරා විහිදී යාම වෙනුවට ඕනෑනම් ටැබ් දෙකක් සිරස් අතට තිරයේ පෙන්වා ගන්නත් පුළුවන්. එය ස්ප්ලිට් වීව්ය.

භාවිතා කරන්නාගේ කාර්යක්ෂමතාව වැඩි කරන යෙඳුම් ගණනාවක් මෙහි තිබෙනවා. වෙබ් පිටු විමසමින් සිටින අතරම විවිධ සටහන් තබාගැනීමටත් පුලුවන්. ඩිජිටල් වයිට් බෝඩ් එකක් වැනි පුවරුවක් එහි තිබෙනවා. එසේම ළඟදී ඩවුන්ලෝඩ් රැස් කර තබා ගැනීම වැනි දේත් කළ හැක.

තවත් අලුත් වෙබ් බ්‍රව්සරයක් ලෝකයාට ඕනෑදැයි මෙහිදී සිතෙන්නට පුළුවන්. ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය, බොහෝ විශේෂාංග ඉදිරිපත් කරන ලෝක ප්‍රමුඛ වෙබ් බ්‍රව්සරයයි. අන්තර්ජාලයට පිවිසෙන්නන්ගෙන් 65% ක් දෙනා භාවිතා කරන්නේ එයයි. ඊට වඩා කාර්යක්ෂමතාවක් අපේක්ෂා කරන්නන් වෙනුවෙන් Vivaldi වෙබ් බ්‍රව්සරය තිබේ. වෙබ් මෙහෙයුම් පද්ධතියක් සේද භාවිතා කළ හැකි සේ sigmaos බ්‍රව්සරය තිබෙනවා. පෞද්ගලිකත්වයට මුල් තැන දෙන්නට ඕනෑනම් brave වෙබ් බ්‍රව්සරය භාවිතා කළ යුතුය. වේගය වැඩියෙන් අවශ්‍ය නම් එජ් හෝ ෆයර් ෆොක්ස් හෝ භාවිතා කළ යුතුයි.

එසේ නම් තවත් වෙබ් බ්‍රව්සරයක් අවශ්‍ය ඇයි? ආක් වෙබ් බ්‍රව්සර් නිර්මාණය කළ බ්‍රව්සර් කොම්පැනි සමාගමේ නිර්මාතෘවරු දෙදෙනා වෙන ජොස් මිලර් සහ හර්ෂ් අග්‍රවාල් පවසන්නේ මෙම සියලුම වෙබ් බ්‍රව්සර්වල තිබෙන පොදු ක්‍රියාකාරිත්වය සහ සම්ප්‍රදාය වෙනුවට නවීන වෙබ් ක්‍රියාකාරිත්වයක් ඇති බ්‍රව්සරයක් අවශ්‍ය බවයි. අන්තර්ජාලය හා සම්බන්ධවී වැඩ කරන එකම උපාංගය පරිගණකය නොවෙන නිසා, මොබයිල් උපාංග සියල්ලටම මෙන්ම විවිධ සමාජ ජාල වෙබ් සේවාවල අතුරුමුහුණත් සමඟ පහසුවෙන් වැඩ කළ හැකි සේ නූතන වෙබ් බ්‍රව්සරයක් අවශ්‍ය බවයි. ආක්, එම අවශ්‍යතා සපුරා තිබෙනවා.

මෙසේ ආක් වෙබ් බ්‍රව්සරය නිර්මාණය කර තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 17ක් වැය කරමින් තැනූ සමාගමකින්. එම අරමුදල් රැස් කර ගත්තේ ආක් වෙබ් බ්‍රව්සරයේ ගුණාංග ගැන ආයෝජකයින්ට කරුණු පහදා දීමෙන් පසුවයි. එය නූතන පරපුර භාර ගන්නා එකක් බවට එම ආයෝජකයින් විශ්වාස කර තිබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...