Contact Information

WhatsApp Us

Video Editing වලට Computer එකක් හදමු

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Video Editing කරන කෙනෙකුට හරියන PC එකක් හදාගන්න හැටි තමයි මේ ලිපියෙන් විස්තර කරන්නෙ. එක් එක්කෙනා විවිධ මත දැරුවත් Graphic Design – 3D – Video field එකේ අවුරුදු 10ක් විතර අත්දැකීමෙන් වගේම තවත් Editing කරන අයගෙ තොරතුරුත් මතයි මේ කියන දේවල් තීරණය කරල තියෙන්නෙ.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Monitor – (IPS) Video Editing වලදි වැදගත්ම දේ තමයි Monitor / screen එක. මොකද ඔයා දකින පාට සහ Safe Areas වගේ දේවල් තමයි ඔයාගෙ Video බලන අයට පේන්නෙ. ලංකාවෙ නම් තාමත් 1080p Resolution එකක් තමයි උපරිම අවශ්‍ය වෙන්නෙ. ඒත් සමහර Clientල 2K / 4K වගේ Resolution ඉල්ලන්නත් පුලුවන්. ඔයාගෙ Setup එකේ Program Monitor එක විදිහටවත් IPS Panel එකක් ගන්න. විශේෂයෙන් IPS කියල සදහන් කරල නැත්නම් ඒක TN Panel එකක්. ඒ නිසා IPS Panel එකක් තියෙන අගල් 22 – 24 වගේ Screen එකකට යන්න පුලුවන්නම් ඒක ගොඩක් වැදගත්.

CPU – Video Editing software වලට Core i5 එකකට වඩා Core i7 එකක් ගොඩක් හොදයි. මොකද Video Editing වලදි Hyper Threading එහෙමත් නැත්නම් AMD SMT කියන Technology වලින් සෑහෙන ලොකු performance එකක් ගන්න පුලුවන්. ඒ වගේම Cores ගාන වැඩි වෙන එකත් හොදයි. ඉතින් අලුත්ම  6 core / 8 core AMD RYZEN system එකක් කියන්නෙ Budget එකට හොද performance තියෙන Video editing machine එකක්.

RAM – අවමය 8GB විදිහට ගන්න. 16GB කියන්නෙ හොදම RAM ප්‍රමාණය. එතනින් එහාට වැඩි උනා කියල ලොකු වෙනසක් වෙන්නෙ නැහැ.  ඒ වගේම DDR 4 RAM ගද්දි 2400MHz ඒවම ගන්න.

Hard Disk –  ඔයාට අනිවාර්යෙන් 2TB වගේ HDD capacity එකකට යන්න වෙනව. මෙතනදි 2TB Hard Disk දෙකක් ගන්න පුලුවන්නම් හොදයි. එකක් RAW Footage තියාගන්නත් අනික් එක Render වෙන Files තියාගන්නත් විදිහටත මොකද Video Rendering වලදි මේ විදිහට එක hard එකකින් Read වෙමින් අනික් hard එකට Write වෙද්දි System එකේ කාර්යක්ෂමතාව වැඩි වෙනව.  ඒ වගේම RAID configuration එකකට යන්න පුලුවන්නම් ගොඩක් හොදයි. හැබැයි මේ ගැන හරියටම දන්න කෙනෙක් එක්කයි මේ දේ කරන්න ඕන. මම මේ ගැන වැඩිය කියන්නැත්තෙ ඒක ටිකක් විතර සංකීර්ණ දෙයක් වෙන්න පුලුවන් නිසා.

SSD – ඔයාට පුලුවන්නම් OS එක සහ Software ටික Solid State Drive එකකට දාන්න, System එකේ Responsiveness වැඩි කරගන්න පුලුවන්.

Backup – මේ ගැනත් අනිවාර්යෙන් හිතන්න. External Hard Disk, DVD වගේ දේකට ඔයාගෙ System එකෙන් පිටත තැනක backup එකක් තියාගන්න පුරුදු වෙන්න. දැනට යන Edit එකේ premiere File එක අනිවාර්යෙන් backup කරගන්න. ඒකත් සෑහෙන ප්‍රයෝජනවත් වෙනව ගොඩක් වෙලාවට.

Motherboard  – intel Z270, H270, Q 270 chipset තියෙන Motherboard එකකට යන්න. මේ Motherboard වල තමයි Computer එකේ කොටස් අතර සන්නිවේදනයට ගොඩක් පහසුකම් තියෙන්නෙ. ඔයා ඉස්සරහට System එක තවදුරටත් වැඩිදියුණු (upgrade) කරද්දි මේ කරපු ආයෝජනය වැදගත් වෙයි.

Power supply එක අනිවාර්යෙන් Branded, warranty තියෙන එකක් ගන්න. කවදාවත් රු 3000 Casing එකයි ඒකෙම එන power supply එකයි අරන් හයි කරන්න එපා. power supply එක තමයි මුලු computer එකටම power එක පාලනය කරන කෙනා. ඒක අවුල් ගියොත් අනික් ඔක්කොම parts අවධානමක තියෙන්නෙ.

Graphics Card – Video Editing වලදි Nvidia Graphics Card එකකට ආයෝජනය කරන්න. Nvidia CUDA තාක්ෂණය දැනට Video editing වලදි ඒ දේවල් Accelerate කරන්න යොදා ගැනෙනව. ඒ වගේම Nvidia GTX 1060 – 1070 – 1080 වගේ හොදම Card එකක් මේකට අවශ්‍ය වෙන්නෙ නැහැ. ඔයාට පුලුවන්නම් හොදම card එකක් ගන්න. හැබැයි Nvidia 750 Ti නැත්නම් GTX 960 වගේ Graphics card එකකුත් මේකට ඇති. මේ Card වල තියෙන DVI, HDMI, Display port වගේ පහසුකම් ඔයා පාවිච්චි කරන Monitor setup එකට වගේම අනාගතයෙ ගන්න ඉන්න monitor වලටත් ඇතිද කියල බලන්න.

හැබැයි තව ටිකක් කල් යද්දි මේක වෙනස් වෙන්න පුලුවන්. මොකද ගොඩක් developers ල OpenCL වලට මාරු වෙමිනුයි ඉන්නෙ. එහෙම උනොත් AMD Radeon Card එකක් උනත් පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි මේ වෙනස අපිට දැනෙන්න තව අවුරුදු 5ක් වත් යයි.

මේ ගැන තවත් දැනගන්න ඕන නම් ඔයාගෙ ප්‍රශ්නෙ පහතින් Comment එකක් විදිහට දාන්න.

 

Share:

3 Comments

  • Sandun Lakshitha, May 1, 2017 @ 7:26 pm Reply

    Colour correction gana kiyala denna

  • Tharindu Hashan, June 2, 2020 @ 3:07 am Reply

    Low budget VGA aka moakkda 4K Video editing walata. GTX 960 2gb akei 4gb akei wenasa moakkda. 2gb madida 4k editing Walata.

Leave a Reply to Author of site Cancel reply

Your email address will not be published. Required fields are marked *