Home Tech News Explained Branded සහ Unbranded PSU වල වෙනස
ExplainedTech News

Branded සහ Unbranded PSU වල වෙනස

Share
blank
Share

Powersupply එකක් ගන්න ගියාම රු 1800 කට 2000 කට 550 Watt එකක් ගන්න පුළුවන් නම් ඇයි වැඩිපුර ගෙවන්න ඕන? මේක අපේ කතාබහට යොමුවුන කාලීන ඒ වගේම ඕනම කෙනෙකුට එන සාධාරණ ගැටළුවක්.

පරිගණකයක හෝ Electronic උපකරණයක PSU එක කියන්නෙ අපේ ඇගේ හදවතට සමාන භාරදූර කාර්යක් කරන කොටසක්. PC එකේ සියළුම කොටස් වැඩකරන්න ඕන කරන බලය ලබාදෙන්නෙ මේ හරහා. ඉතින් මේ බලය හොදින් ලැබුනොත් අපි ලොකු මුදලක් වැය කරල ගන්න CPU/ VGA / Motherboard ගොඩක් හොදින් දිගු කාලයක් වැඩ කරයි.

Branded PSU එකක් කියන්නෙ ලෝකයේ සම්මතයන්ට අනුව වැඩ කරනව කියල සනාථ කරල හදල තියෙන, පරිගණකයට හෝ එය යොදන Electronic උපකරණයට බලය ලබා දෙන උපකරණයක්.

EVGA, Corsair, Silverstone, Coolermaster, Seasonic, Thermaltake වගේ brands වලින් powersupply එකක් ගන්නවනම් අඩුම වශයෙන් රු 6500ක් වත් වැය කරන්න වෙනව 400 Watt output එකක් තියෙන PSU එකක් ගන්න.

මෙතනදි ඔයා හදන Computer එකට ගැලපෙන PSU එකක් තෝරගන්නෙ කොහොමද කියල හදපු Video එක බලන්න

 

මේ විදිහට ගන්න PSU එකක පහත සදහන් ගුණාංග තියෙනව

  • සදහන් කරල තියෙන විදිහටම Peak Watts / Voltage ලැබෙනව.
  • මේ නිසා System එකේ කොටස් දිගු කාලයක් පවතිනවා.
  • හොඳට quality testing කරලා තියෙනවා
  • හරියට standards වලට හදලා තියෙනවා
  • Electrical ප්‍රශ්නයක් ලෙසියෙන් එන්නෙ නැ
  • මෙවා 80+ efficiency rated නිසා විදුලි නාස්තිය අඩුයි
  • අවුරුදු කිපයක warranty දෙන නිසා ගෙවන මුදලට වැඩි වටිනාකමක් ලැබෙනව.

මේ දේවල වගේම PSU එක භාවිතා කරද්දි Standards වලට නිපදවල තියෙන නිසා අපේ නිවසේ Current Bill එකත් සෑහෙන අඩු මට්ටමක තියාගන්න පුළුවන්. ඒ ගැන අදහසක් නැත්නම් පහත Video එකත් බලන්න.

 

අඩුවට තියෙන PSU ගැන පැහැදිලි කලොතින්…

ගොඩක් අඩුවට තියෙන power supply වලදි මේ වගේ Standards වලට හදල තියෙනවද? හරි විදිහට Peak Wattage එකක් එනවද? ඒක Stable ද? කියන දේවල් ගැන වගකීමක් නැහැ. Warranty එක ලැබෙන්නෙ මාස කීපයයි.

මේ වගේ කොටස් යෙදීමෙන් System එකේ Blue Screen එන්න වගේම කොටස් ඉක්මනින් Fail වෙන්න වගේ දේවල් වෙනව. මේ හේතු නිසා අළුතින් හදන PC එකකදි PSU එකට අනිවාර්යෙන්ම අවධානය යොමු කිරීම ඔයාගේ PC එක ලෙඩ නැතුව දිගු කාලයක් පවත්වා ගන්න කරන හොද දීර්ඝ කාලීන ආයෝජනයක් කියන්න පුළුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...