Press ESC to close

Celeron Pentium නම් මාරු කරන intel සමාගම

1990 තරම් ඈතට දිවයන Intel සමාගමේ Processor Series දෙකක් සම්පූර්ණයෙන්ම තනි නමක් යටතට ගැනීමට intel සමාගම කටයුතු කර තිබෙනව. Laptop සදහා නිෂ්පාදනය කරන Intel Celeron සහ Pentium brands දෙක මෙලෙස ඉවත් වන අතර ඒ වෙනුවට ඉදිරියේදී මෙම Low End Chip Variant එක Intel Processor ලෙස හැදින්වීමට නියමිතයි.

මේ අනුව Laptop segment එක සදහා intel Core Series, Evo Series සහ VPro Series මෙන්ම නව Intel Processor series එක අඩංගු වෙනව. Laptop Chips සදහා පමණක් මේ නම් මාරුව සිදුවන බව ප්‍රකාශ උනත් – Desktop සදහා මෙය කෙසේ සිදුවේ දැයි තවම intel සමාගම පැහැදිලි කර නැහැ. ඒ වගේම 2023 නිකුත් වන Product සදහා තමයි මේ නම් මාරුව ක්‍රියාත්මක වන්නේ.

Get Your Site Up with A2 Hosting

මේ අනුව Budget – Internet Email වැඩ සදහා Laptop එකක් සෙවීමේදී Celeron / Pentium අතර සෙවීමක් කිරීම වෙනුවට – Intel Processor ලෙස Branding එකක් ඇති Device එකක් නම් එය Low End Device එකක් ලෙස හදුනාගැනීම පහසු වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *