Gaming වලට වගේම එදිනෙදා පාවිච්චියටත් ගන්න Keyboard එකක් සහ Mouse එකකට අපි වියදම් කරන්නෙ හරිම අඩු ගණනක්. ටිකක් වැඩියෙන් වියදම් කරල අවුරුදු 2ක වගකීමක් එක්ක ගන්න පුලුවන් LED lighting තියෙන Asus Cerberus Keyboard එක සහ Mouse එක තමයි අද Unbox කරන්නෙ.
Unboxing Package එක
Keyboard Box එකේ එන දේවල් වෙන්නෙ
- Asus Cerberus Gaming LED Keyboard එක
- W A S D තැඹිලි පාට Keys set එකක්
- Warranty Card එක
- Manual එක
Mouse Box එකේ එන දේවල් වෙන්නෙ
- Asus Cerberus Gaming LED Keyboard එක
- Warranty Card එක
- Manual එක
Unboxing Video එකත් බලන්න.
Features
LED – Asus Cerberus Gaming Keyboard එක රතු සහ සුදු පාට LED lighting තියෙන සාමානය rubber membrane එකක් තියෙන Keyboard එකක්.
Multimedia & Function keys – Keyboard එකේ F1 – F12 වෙනකම් තියෙන යතුරු 12ම Gaming වලදි Special Action වලට program කරන්නත් පුලුවන්. මේක කරන්න වෙනම Software install කරන්න ඕන නැහැ. ඒ වගේම Multimedia control කරන්න Keys තියෙනව. මේකෙන් Sounds අඩු වැඩි කරන්න, Movies play pause stop කරන්න පුලුවන්.
FULL SECC metal Plate – මේකෙ රදා පැවැත්ම සහ සවිශක්තිය වැඩි කරන්න full Metal plate එකක් තියෙනව. මේ නිසා keyboard එක නැවීම ඇදවීම වගේ දේවල් වෙන්නෙ නැහැ. ඒ වගේම Gaming වලදි Keys වලට එන පීඩනය දරා ගන්නත් සමත්.
Spill Resistant – Keyboard එක අපි කාටත් වැදගත් වෙන Spill resistant විදිහට තමයි Designකරල තියෙන්නෙ. මේ නිසා නොහිතන වෙලාවල් වලදි අපි කාටත් වෙන වතුර. බීම වගේ දේවල් keyboard එකට ඉහිරුනත් ඒවා ඉවත් වෙන්න Drain holes Design කරල තියෙනව. මේ නිසා ඉක්මනින් Keyboard එක නැවත පාවිච්චි කරන්න පුලුවන්.
Windows Key Lock – Gaming වලදි වැදගත් වෙන Windows key එක Lock කරන්නත් පුලුවන්. මේ නිසා Game එකක ඉද්දි වැරදිලා Desktop එකට යන එක නවත්තගන්න පුලුවන්.
Non Slip Rubber Grip – keyboard එක යට තියෙන Rubber grips වලින් Keyboard එක තියෙන මතුපිටින් ලිස්සල යන එක නවත්තනව. මේ නිසා heavy gaming වලදි ඕනම Stress එකක් දරාගෙන ඉන්න මේ Keyboard එකට පුලුවන්.
Cerberus Mouse
Asus Cerberus Gaming Mouse එක Rubber Matte නිමාවක් තියෙන අතට හසුරුවන්න පහසු Design එකකින් හදල තියෙන Optical Mouseඑකක්. මේකෙ Gaming වලට Buttons 5ක් තියෙනව. ඒ වගේම Cerberus Logo එක පාට 4කට මාරු වෙන විදිහට Mouse එකේ ඉස්සරහින් තියෙනව. අවුරුදු 2ක වගකීමක් එක්ක එන නිසා Mouse එක ඇතුලත කොටස් වල ප්‍රශ්නයක් ආවොත් ඒ සදහා වගකීමක් ලැබෙනව.
Mouse එකේ DPI එක 500 – 2500 වෙනකම් මාරු කරන්න පුලුවන්. මේ නිසා Gaming වලදි ලොකු පහසුවක් ලබාගන්න පුලුවන්. DPI mode එක අනුව LED color එක වෙනස් වෙනව.
- 500 – Green
- 1000 – Red
- 1500 – Blue
- 2500 – Purple
Asus Cerberus Gaming Mouse එකේ සමමිතික නිමාව නිසා වමත් වගේම දකුණත පාවිච්චි කරන අයට Mouse එක පාවිච්චි කරන්න පුලුවන්. Mouse එකක් ගද්දි මේ ගැනත් හිතන්න වෙනව.
Experience එක සහ Build Quality
ගෙවන මුදලට අවුරුදු 2ක වගකීමක් එක්ක ලැබෙන Asus Cerberus Gaming Mouse එක සහ Keyboard එක හොද ශක්තිමත් වගේම පාවිච්චියට පහසු නිමාවක් තියෙනව. මේකෙ Spill Resistant එක අත්හදා බලන්න බැරි උනත් ඊලග Keyboard unboxing එකේදි ඒ ගැනත් බලල කියන්නම්.
මිල සහ warranty
මේ ලිපිය ලියද්දි Asus Cerberus keyboard එක රු 6,000ක් සහ Asus Cerberus Mouse එක රු 3,500ක් වෙනව. අලුත්ම මිලගණන් දැනගන්න Nanotek computer solutions price list එකට යන්න.
Comments (6)
Rusiru Ranmalsays:
October 2, 2017 at 8:20 pmasus cerberus mk2 gming keyboard eke clours godak tiyenaw neda. price ekath 6000k wage eka hodai neda mekata wada?????????????????
Pcguidesays:
October 11, 2017 at 10:12 pmඔව්. මේක Blue & Red විතරයි. අනික් keyboard එක RGB.
prabodha01madusankasays:
November 24, 2017 at 2:01 pmdpi walin mokakda wenen? games walata mona wediyata wadagat wenne?
Pcguidesays:
November 27, 2017 at 5:52 amDPI එකෙන් වෙන්නෙ Mouse movement එකට සාපේක්ෂව Screen එකේදි Mouse pointer එක ගමන් කරන වේගය පාලනය කිරීම.DPi එක වැඩි වෙද්දි පුංචි Mouse movement එකකින් ලොකු Area එකක Mouse pointer එක පදඩැ කරන්න පුලුවන්. මේ නිසා Shooting games වලදි ලොකු උදව්වක් ලැබෙනව
Razzesisays:
June 5, 2020 at 6:18 am1500$ Free gift to everyone! http://ruinstaforex.ru/
Hurry up the promotion will only last a few days!
Annajarsays:
February 7, 2021 at 10:03 amCan someone recommend Tracksuits? Thanks xox