Home Tech News Phones මිලියන 250 පරිශීලකයන් සිටින Android Go
PhonessoftwareTech News

මිලියන 250 පරිශීලකයන් සිටින Android Go

Share
blank
Share

Google සමාගම විසින් entry-level devices සදහා නිකුත් කල Android Go නිකුත් කිරීමෙන් වසර පහකට පසුව මාසික ක්‍රියාකාරී උපාංග මිලියන 250 සීමාව ඉක්මවා ගොස් තිබෙනව. පසුගිය වසරේ දෙසැම්බර් මස Google සමාගම Android Go හි පරිශීලකයන් මිලියන 200 සිටින බව නිවේදනය කලා. මේ වසර තුල lightweight Android දුරකතන මිලියන 50කට අධික සංඛ්‍යාවක් අලෙවි වී තිබෙනව.

මෑත දිනකදී Google සමාගම විසින් නව Android 13 (Go Edition) නිකුත් කිරීම පිලිබදව නිවේදනය කරා. සමාගම පවසන ආකාරයට ප්‍රධාන යාවත්කාලීන කිරීම් වලින් එකක් වෙන්නෙ Google Play System updates ලැබීමයි. එයින් අදහස් වෙන්නෙ පරිශීලකයන්ට දුරකථන නිෂ්පාදකයා updates නිකුත් කරනතුරු බලානොසිට අත්‍යාවශ්‍ය updates ලැබෙන බවයි.

මෙම නව Android 13 (Go Edition) එක සමග හදුන්වාදෙන තවත් එක් විශේෂාංගයක් වන්නේ themes සහ personalization සදහා Material You හදුන්වාදීමයි. Google සමාගම මීට පෙර මෙම Material You, Android 12 සමග හදුන්වා දෙනු ලැබුව. මෙමගින් දුරකතනයේ wallpaper එක මාරු කලවිට එයට අදාලව color scheme ද මාරුවෙනව. ඒවගේම home screen එක තුල වමට swipe කලවිට personalized articles සහ game updates වැනි Discover feed එකක් දැකගන්න පුලුවන්.

ඒවගේම Android 13 සාමාන්‍ය සංස්කරණයේ ඇති විශේෂාංග කිහිපයක් වෙන Notification Permissions සහ එක් එක් ඇප් සදහා භාශාවන් වෙනස් කිරීම වගේ දේවල් මෙම Go Edition එක තුල දැකගන්න පුලුවන්. Google සමාගම පවසන්නේ Android 13 (Go Edition) එක සහිත දුරකතන ලබන වසරේ එනම්, 2023දි වෙලදපොලට නිකුත් කරන බවයි.

ඉකුත් සැප්තැම්බර් මාසයේදී Google සමාගම Android 13 සදහා අවශ්‍ය minimum RAM requirement එක 2GB දක්වා වැඩිකර තිබෙනව.

ඒ වගේම Google සමාගම මෙම Go Edition එක නිකුත් කිරීම සදහා වෙනත් දුරකතන සමාගම් සමග එකතු වී තිබෙනව. ඒ අතර ඉන්දියාවේ Jio සමාගම සිටිනව. එම සමාගම විසින් පසුගිය වසරේදී Android Go සහිත දුරකතනයක් හදුන්වා දෙනු ලැබුව. එවැනි තවත් මාදිලි කිහිපයක්ම වෙලදපොලේ මිලදී ගන්න තියනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...