Asus TUF Series එකේ Gaming සහ Professional වැඩ වලට යොදාගන්න පුළුවන් 144Hz Refresh rate සහ Asus ELMB Sync තාක්ෂණය සහිත අළුත්ම Gaming Monitors ගැනයි මේ Review එක.

Asus TUF කියන්නෙ හොද build Quality එකක් සහ Features තියෙන Value Brand එකක්. මෙතනදි වැයකරන මුදලට සරිලන හොදම සහ අවශ්‍යම වන දේවල් විතරක් මේ Brand එක හරහා ලබාදෙන්න Asus සමාගම කටයුතු කරනව.

මේ Asus TUF Series Gaming Monitors පහත ආකාරයට ලබාගන්න පුළුවන්.

Computer Shop ගැන ඔයාගෙ අත්දැකීම කියන්න එන්න shop rating
ModelScreen SizePrice
VG249Q24"LKR .45,000
VG259Q25"LKR 50,000
VG279Q27"LKR 55,000

සදහන් කර ඇත්තේ  2020 පෙබරවාරි මාසයේ මිළ ගණන් බව සලකන්න

Build Quality

TUF Gaming Monitor Series එකේදි Solid Build Quality එකක් ලබාදීල තියෙනව. සවි ශක්තිමත් Base එකක් වගේම ලොකු Range එකකින් Display එක සකස් කරගන්න වගේම අවශ්‍ය නම් අංශක 90කට පවා හරවගන්නත් (Coding) පුළුවන්. ඒ වගේම මේ හැම සකස් කිරීමක්ම ඉතාමත් පුංචි තල්ලුවකින් කරන්න පුළුවන්.

Features

IPS Panel – මේ සදහා යොදාගෙන තියෙන්නෙ IPS panel එකක්. IPS වලදි වර්ණ ඉතාමත් හොදින් පෙන්වීම සිදු කරනව වගේම ලොකු Viewing Angle එකක් තියෙනව. නමුත් IPS panel වලදි Refresh rate එක 60Hz වලට වඩා වැඩි කරගැනීමේ තාක්ෂණික අපහසුතා තිබුන. ඒ නිසා මීට කලින් 144Hz Monitor එකක් ගන්නවනම් තිබුනෙ වර්ණ පෙන්වීමේ සීමාසහිත බවකින් තිබුන TN Panel භාවිතා කිරීමයි.

නමුත් දැන් IPS Panel හරහා මේ වගේ හොද වර්ණ වගේම 144Hz Refresh rate එකක් ලබාගන්නත් පුළුවන්.

ELMB –  Extremely Low Motion Blur කියන්නෙ Gameplay වලදි Screen එකේ ඇතිවෙන Blur එක නැති කරල Pixel Crisp image එකක් හදන්න Asus සමාගම හදුන්වා දුන්න අළුත්ම තාක්ෂණයක්. මේ හරහා සිද්ද වෙන්නෙ Screen එකේ Back-light එක වේගයෙන් on OFF කිරීමක්. මේ නිසා අපට Screen එකේ පේන Frames අතරමැද Blur අවස්ථාව පේන්නෙ නැහැ.

OnScreen Features – Gaming කරද්දි Onscreen Cross-hair එකක්, Timer එකක්, Frame Rate Counter එකක් වගේම multi monitor Screen Align කරන්න අවශ්‍ය Marking ලබාගන්න පුළුවන් Overlay එකක් තියෙනව.

Final Thoughts

මේ Monitor Series එක මේ තියෙන Features එක්ක Office වගේම Gamersලටත් එක වගේ පාවිච්චි කරන්න පුළුවන් Screen එකක් විදිහට නම් කරන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here