Home Tech News අලුත්ම AMD CPU වලට Cooler Master Wraith Ripper Cooler එක
Tech News

අලුත්ම AMD CPU වලට Cooler Master Wraith Ripper Cooler එක

Share
Share

අලුතෙන්ම නිකුත් වෙච්ච දෙවනි පරම්පරාවේ AMD Threadripper CPU වලට Cooler Master ලගෙන් Air Cooler එකක් නිකුත් කරල තියෙනව. ප්‍රමාණයෙන් කුඩා ලස්සන වගේම ඉතාමත් හොදින් සිසිලනය කරන්න පුලුවන් මේ Cooler එක AMD සමාගමත් තමන්ගේ CPU වලට සුදුසුයි කියල තියෙනව.

Aluminum fins සහ Heat pipe වලින් Dual tower design එකකින් හදල තියෙන Wraith ripper Cooler එකට 120mm MasterAir Pro Servo Fan එකක් හරහා 2750 උපරිම RPM එකක් යටතේ 76.4 CFM ක වායු ධාරාවක් යවන්න පුලුවන්. මේ හරහා 250 W ක විතර තාප බලයක් සිසිලනය කරන්න මේ Wraith ripper එකට පහසුවෙන්ම පුලුවන්.

අනෙක් After market Coolers වල තියෙන ප්‍රධාන ගැටලුවක් වෙන RAM Slots block වෙන එක මේ Cooler එකේදි නැති කරන්න Cooler Master සමාගම විශේෂයෙන්ම සැලසුම් කරල තියෙනව. මේ Cooler එකේ mounting එක සැලසුම් කරල තියෙන්නෙ Cooler එක ඇතුලෙන්ම යන දිග ඇණ 4ක් හරහා. මේ නිසා Mounting system එක ගොඩක්ම සරල වෙලා වගේම RAm slots වලට බාධාවක් නැහැ.

ඒ වගේම අලුත්ම RGB programmable lighting එක්ක හුරුබුහුටි විදිහට නිමාකරල තියෙන Cooler එකේ RGB lighting Cooler Master app එකෙන් වගේම Cooler එකේ Controls වලිනුත් පාලනය කරන්න පුලුවන්.

දැනට (2018/8/17) $120කට වගේ මිළ කරල තියෙන මේ Cooler එක AMD threadripper Builds කරන අයට වැදගත් වේවි.

 

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

Leave a Reply to Shiwantha gihanCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...