Press ESC to close

අලුත්ම AMD CPU වලට Cooler Master Wraith Ripper Cooler එක

අලුතෙන්ම නිකුත් වෙච්ච දෙවනි පරම්පරාවේ AMD Threadripper CPU වලට Cooler Master ලගෙන් Air Cooler එකක් නිකුත් කරල තියෙනව. ප්‍රමාණයෙන් කුඩා ලස්සන වගේම ඉතාමත් හොදින් සිසිලනය කරන්න පුලුවන් මේ Cooler එක AMD සමාගමත් තමන්ගේ CPU වලට සුදුසුයි කියල තියෙනව.

Aluminum fins සහ Heat pipe වලින් Dual tower design එකකින් හදල තියෙන Wraith ripper Cooler එකට 120mm MasterAir Pro Servo Fan එකක් හරහා 2750 උපරිම RPM එකක් යටතේ 76.4 CFM ක වායු ධාරාවක් යවන්න පුලුවන්. මේ හරහා 250 W ක විතර තාප බලයක් සිසිලනය කරන්න මේ Wraith ripper එකට පහසුවෙන්ම පුලුවන්.

Get Your Site Up with A2 Hosting

අනෙක් After market Coolers වල තියෙන ප්‍රධාන ගැටලුවක් වෙන RAM Slots block වෙන එක මේ Cooler එකේදි නැති කරන්න Cooler Master සමාගම විශේෂයෙන්ම සැලසුම් කරල තියෙනව. මේ Cooler එකේ mounting එක සැලසුම් කරල තියෙන්නෙ Cooler එක ඇතුලෙන්ම යන දිග ඇණ 4ක් හරහා. මේ නිසා Mounting system එක ගොඩක්ම සරල වෙලා වගේම RAm slots වලට බාධාවක් නැහැ.

ඒ වගේම අලුත්ම RGB programmable lighting එක්ක හුරුබුහුටි විදිහට නිමාකරල තියෙන Cooler එකේ RGB lighting Cooler Master app එකෙන් වගේම Cooler එකේ Controls වලිනුත් පාලනය කරන්න පුලුවන්.

දැනට (2018/8/17) $120කට වගේ මිළ කරල තියෙන මේ Cooler එක AMD threadripper Builds කරන අයට වැදගත් වේවි.

 

 

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *