Home Tech News Graphics AMD සමාගමේ සියළුම DX 12 Card වලට real-time ray tracing පුළුවන්ලු
GraphicsTech News

AMD සමාගමේ සියළුම DX 12 Card වලට real-time ray tracing පුළුවන්ලු

Share
blank
Share

මේ දවස්වල Graphic card ලෝකයේ කියවෙන වචන වලින් වඩාත්ම උණුසුම් වචනය තමා Ray Tracing! Nvidia සමාගම තමන්ගෙ RTX හරහා මේ උණුසුම පාරිභෝගිකයන්ට අත්විදින්න සලස්වද්දි AMD සමාගම දැන් කියන විදිහට Direct X 12 Support කරන හැම AMD Card එකකටම Real Time Ray Tracing කරන්න හැකියාව තියෙනවලු!

AMD සමාගම කියන විදිහට Microsoft සමාගමේ DXR Fallback layer එක හරහා තමන්ගෙ Direct X 12 තියෙන හැම Radeon Card එකක් හරහාම Real Time Ray tracing පහසුකම ලබාගන්න පුලුවන් කියල කිව්වත් ඒ සදහා මේ Microsoft’s DXR fallback layer එකට Support කරන Driver එකක් නම් නිකුත් කරල නැහැ.

දැනට මේ Real Time Ray Tracing එක RTX නොවන Card  එකක් විදිහට ඉහත සදහන් කරපු DXR Fallback layer එක හරහා Support කරන්නෙ Nvidia සමාගමේ Titan V card එකට පමණයි.

කොහොම වෙතත් මේ DXR Fallback layer එක හරහා Real-Time Ray Tracing පාවිච්චි කරන්න පුලුවන් විදිහට AMD සමාගම ඉදිරියෙදි තමන්ගෙ Drivers නිකුත් කලත් ඒවල Ray Tracing Performance ගැන නම් සතුටු දායක වෙන්නෙ නැති වෙයි කියලයි Online ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙන්නෙ.

මේකට ප්‍රධාන හේතුවක් විදිහට Ray Tracing වලට අවශ්‍ය වෙන මූලික Hardware සැලැස්ම Nvidia සමාගම තමන්ගෙ RTX Card වලට ඇතුලත් කරල තිබුනත් AMD Card වලට මේක කරන්න වෙන්නෙ Software/Emulation ක්‍රමයක් හරහා වීමයි.

සරලවම කිව්වොත් න්‍යායක් හැටියට AMD Card වලට Real-time Ray Tracing හැකියාව ලබාගන්න පුළුවන් උනත් මේ Performance Nvidia සමාගමට තරගයක් දෙන්න පුලුවන් මට්ටමේ තියෙන එකක් නැහැ.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...