Home Tech News 3.5% Online බද්දට ඇතුලත් වන දේවල්
Tech News

3.5% Online බද්දට ඇතුලත් වන දේවල්

Share
blank
Share

මේ ලිපිය ලියන අවස්ථාව වනවිට ශ්‍රී ලංකාවේ 2019 සදහා වන අයවැය නිකුත් කර අවසන්. මේ අයවැය වාර්ථාව අනුව මින් පසු Credit හා Debit Card භාවිතා කරමින් පිටරට (මෙරට නොවන) භාණ්ඩ හා සේවා වන් වලට ගෙවීම් කිරීමේදී ඒ සදහා 3.5% ක ජාතිය ගොඩනැගීමේ බදු අයකිරීමක් සිදුවේ.

2019 අයවැය කතාව යනුවෙන් නිකුත් වී ඇති budget-speech-2019 PDF ගොනුවේ 56 වැනි පිටුවේ සදහන් වන පරිදි මේ හරහා පිටරට භාණ්ඩ හා සේවාවන් වලට මෙරට Credit / Debit Card මගින් ගෙවීමේදී මෙම බද්දට යටත් වීමක් සිදුවේ. මේ අනුව Ebay, Ali express, Amazon වැනි සේවාවන්ද Online Market place වලින් ලබාගන්නා Software, Games, Gaming service subscriptions සහ අනෙකුත් ඕනෑම මෙරට නොවන භාණ්ඩයක් හෝ සේවාවක් සදහා කරන ගෙවීම් වලදීද මෙලෙස 3.5%ක බද්දක් ගෙවීමට සිදුවනු ඇත.

මෙය රු 1000ක ගෙවීමක් සදහා රු 35ක බදු මුදලක් වන අතර බොහෝ දෙනෙකුට නොදැනෙන වැඩිවීමක් වුවද මේ හරහා දිනපතා Online හරහා ගෙන්වාගන්නා Phone Cover වැනි සුලු දේවල්ව වල සිට දිනකට සිදුවන ගනුදෙනු විශාල ප්‍රමාණය අනුව රජයට ඉතා විශාල ආදායමක් ලැබෙන මාර්ගයක් වනු ඇත.

මේ අනුව Facebook Ads සදහා ගෙවීම් කරන්නේ නම් ඒ සදහාත් මෙම බදු මුදල වලංගු වේ. නමුත් පිටරට භාණ්ඩයක් හෝ සේවාවක් ලංකාවේ ආයතනයක් හරහා ගෙන්වාගන්නේ නම් මෙම බදු මුදල අය වන්නේද නැද්ද පිළිබදව නිවැරදි පැහැදිලි කිරීමක් කර නැති අතර බොහෝ දුරට අදාල ආයතන පාරිභෝගිකයාගෙන් මෙම මුදල අයකරගැනීමේ හැකියාවක් මේ පැහැදිලි කිරීම නැති නිසා සිදුවිය හැක.

මේ හරහා මෙරට ආයතන වලට ගෙවන දුරකථන බිල්පත් ගෙවීම්, හා අනෙකුත් Online ගෙවීම් සදහා කිසිදු බදු මුදලක් අයවන්නේ නැත.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

  • ammo ayye mama amazon ekwn components buy karanna kapruka ekwn bill ekak gatta, tax eka witahrak 88$ una, e nisa mn dn lankawenma buy karanna inne😂

    • Online ගෙන්වද්දි එන ලොකුම ගැටළුව ලංකාවෙන් නිදහස් කරගැනීමේදී එකතු වෙන බදු. ඒ වගේම Warranty Claim කරන්න නැවතත් Ship කරන්න වීම. මේ නිසා ලංකාවෙන් ගන්න එක තමයි සුදුසුම. බදු අයින කරල හැමෝටම සහනයක් දෙන්න පුලුවන් ඔළුව ඇති පාලකයන් ඉන්න රටක ඉපදෙන එක තමයි අනික් Option එක.

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...