Home Tech News CPU ලීක් වෙච්ච AMD RYZEN 3000 තොරතුරු
CPU

ලීක් වෙච්ච AMD RYZEN 3000 තොරතුරු

Share
Share

අලුත්ම RYZEN 3000 CPU ගැන වාර්ථා වෙන අලුත්ම තොරතුරු අනුව intel සමාගමේ CPU Market එකට තවත් දැඩි ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බව පැහැදිලියි.

AMD සමාගම මේ අවුරුද්ද මුල් බාගයෙදී (2019) එයාලගෙ Ryzen 3000 ප්‍රොසෙසර් මාදිලිය වෙලද පොලට නිකුත් කිරීමට නියමිතව තිබෙනව මේ පිලිබන්දව දැඩි කතාබහකට ලක් වුනේ ඉන්ටෙල් සමාගම විසින් ඔවුන්ගෙ 9th Gen CPU එලි දැක්වීමත් සමග බව හුග දෙනෙක් දැනටමත් දන්නව.

AMD සමාගම නැවතත් ඉන්ටෙල් සමාගම තරගයෙන් පහලට දැමීමට නියමිත බව සෑම වාර්තාවකින්ම පැහැදිලි වෙනව මන් එහෙම කියන්න හේතුව තමයි ඉන්ටෙල් සමාගම විසින් දිගු කාලයක් පවත්වාගෙන ආපු මිල පරතරය සහ තාක්ශනය AMD සමාගමට 2017 වන තුරුම ලගටවත් ඒමට නොහැකි වීම ඒත් AMD සමාගම Ryzen හදුන්වාදීමත් සමගම ඉන්ටෙල් සමාගමට දැඩි තරගකාරිත්වයකට මුහුනදීමට සිදු වුනා කිව්වොත් නිවැරදී. එය ඔවුන්ට කෙතරම් බලපෑවෙද යන්න මනාව පැහැදිලි වෙනව මෙතෙක් පැවති Intel Core i3  2 core ප්‍රොසෙසර් එක 4 core ලෙස එලිදැක්වීමට පවා ඔවුන් පෙලඹුනා. කෙසේ වෙතත් තරගයට නැවත පනපොවමින් ඉන්ටෙල් සමාගම 9th Generation Core i9 9900K සහ Core i7 9700k එලි දැක්වීමත් සමග ඉන්ටෙල් සමාගම ඉදිරියට පැමිනිමට සමත් වුනා.

නමුත් මම ඔයාලට දැන් කියන දේ සමහර විට පුදුමයට කාරනයක් වෙන්නත් පුලුවන්  ඒ කියන්නෙ AMD සමාගමෙ Ryzen  3000 ප්‍රොසෙසර් වල අඩුම වටිනාකමක් ගන්න Ryzen 3 3300 යන මාදිලියටත් 6 Core 12 Threads පැවතීම, ඒ කියන්නෙ මේ ප්‍රොසෙසර් එකක වටිනාකම ලන්කාවෙ මුදලින් නම් ආසන්නව 20,000 කට තමා ඔවුන් වෙලද පොලට හදුන්වාදීමට නියමිතව තිබෙන්නෙ මෙන්න මේ තත්වයත් එක්ක ඉන්ටෙල් සමාගම දැඩි පසුබෑමකට ලක් වෙනව නොවනුමානය මොකද ඉන්ටෙල් සමාගමෙ නිශ්පාදන හා සසදන විට AMD සමාගමෙ නිශ්පාදන මිලෙන් අඩු වීම හා කාර්‍යක්ශම වීම නිසා.

ProcessorCores / Threadsbase / Boost ClockTDP
RYZEN 3 33006/123.2 / 4.0 GHz50W
RYZEN 3 3300X6/123.5 / 4.3 GHz65W
RYZEN 5 36008/163.6 / 4.4 GHz65W
RYZEN 5 3600X8/164.0 / 4.8 GHz95W
RYZEN 7 370012/243.8 / 4.6 GHz95W
RYZEN 7 3700X12/244.2 / 5.0 GHz105W
RYZEN 9 3800X16/323.9 / 4.7 GHz125W
RYZEN 9 3850X16/324.3 / 5.1 GHz135W

තවත් වැදගත් කාරනාවක් තියෙනව මේ එක්කම කියන්න ඒ තමයි ඉන්ටෙල් සමාගම තවමත් ඔවුන්ගෙ 9th Gen Non K moddle CPU වෙලද පොලට නිකුත් කරල නැහැ සමහර විට ඔවුන් එයින් යම් වෙනස් දෙයක් කිරීමට බලාපොරොත්තු වෙනවද යන්න දන්නෙ නැහැ.

2019 ජනවාරි 8 වෙනිද පටන් ගන්න Consumer Electronics Show එකේදි AMD සමාගම තමන්ගෙ RYZEN 3000 CPU මාදිලි ඉදිරිපත් කරනව.

ප.ලි. AMD මීලග Graphic Card පරම්පරාවද මේ අවුරුද්දෙ නිකුත් වීමට නියමිතව තිබේ…

Share
Written by
Lakshan-PCguide.lk

තාක්ෂණික ලිපිවලින් දායකත්වය ලබාදෙන ලක්ෂාන්, Gaming ගැන හොද අත්දැකීම් සහ දැනීමක් තිබෙන සාමාජිකයෙක්.

9 Comments

  • ෆට්ට බන්මම හිතන් හිටියේ AMD වැඩක් නෑ කියලා මම ගොඩක් සතුටු වෙනෝ යාලුවෝ පවා කිව්වා..වැඩක් නෑ AMD Processor කියලා එලාලුත් නිව්ස් හම්බු උන ගමන් දාන්න..Good Lick❤👍😂

    • ඒ ඉස්සර මටත් මතකයි එෆ් එක්ස් සීපීයූ වල රත් වෙනවා වැඩි හින්දා ඒක උඩ කෑම පවා ඉව්වා ඒක තමා ගොඩක් අය ඕක තාමත් කියන්න‍ෙ ඒත් රයිසන් එහ‍ෙ ම අවුලක් නෑ
      රයිසන් ත්‍රේඩ්රිපර් එකක් තමා දැනට පවර්ෆුල්ම සීපීයූ එක

  • AMD Cooler එක ලස්සන විතරක් නෙව‍ෙ සිසිලන ක්‍රියාවත් Intel එකට වඩා හොදට වෙනවා ඒකයි ඇත්ත කතාව.Intel නම් කවදාවත් K,X Sierries Cpu cooler නිකන් දෙන්නෑ. Intel K Gaming Build or X professsonal Build එකක් නම් After Marketing cooler එකකට අනිවා යන්න වෙනවා

  • 3gen cpu ලංකාවට එන්න හරියටම කොච්චර කාලයක් යයිද. අලුතින් pc එකක් හදන්න ඉන්නේ ryzen 3gen වලින්.ගොඩක් කල් යයිද

Leave a Reply to Thivindu NirmithCancel reply

Related Articles

MediaTek සමාගමේ නවතම Dimensity 9300 චිප්සෙට් එක

Qualcomm සමාගම පසුගිය දිනෙක Snapdragon 8 Gen 3 මොබයිල් චිප් එක එළිදැක්වූවා....

ඇමරිකානු රජයේ restrictions නිසා Nvidia ඇතුලු සමාගම් කිහිපයක කොටස් වෙළදපොල මිල පහත වැටේ

Nvidia සමාගම ඇතුලු තවත් ප්‍රධාන චිප් නිශ්පාදනය කරන සමාගම් කිහිපයක මේ වනවිට...

Qualcomm සමාගමේ නවතම Snapdragon 8 Gen 2

Qualcomm සමාගම විසින් ඔවුන්ගේ නවතම flagship mobile chipset එක එළිදැක්වූවා. එය Snapdragon...

Celeron Pentium නම් මාරු කරන intel සමාගම

1990 තරම් ඈතට දිවයන Intel සමාගමේ Processor Series දෙකක් සම්පූර්ණයෙන්ම තනි නමක්...