Home Tech News CPU වෙලඳපොළ වටිනාකමින් AMD විසින් Intel පසුකරයයි
CPUTech News

වෙලඳපොළ වටිනාකමින් AMD විසින් Intel පසුකරයයි

Share
blank
Share

ඉතිහාසයේ ප්‍රථම වතාවට වෙලඳපොල වටිනාකමෙන් Intel සමාගම පසු කරන්න AMD සමාගමට හැකිවෙලා තියනවා. පසුගිය පෙබරවාරි 15 වෙනකොට AMD හි වෙලඳපොල වටිනාකම ඩොලර් බිලියන 197.5 ක් පමණ වූ අතර Intel හි වෙලඳපොල වටිනාකම ලෙස සටහන් වුනේ ඩොලර් බිලියන 197.25 ක්. AMD විසින් පසුගිය දවසක කරපු ඩොලර් බිලියන 49 ක Xilinx නමැති අර්ධ සන්නායක නිශ්පාදන සමාගම මිලට ගැනීමේ ප්‍රථිපලයක් විදිහට මේ විදිහට AMD වල වෙලඳපොල වටිනාකම හදිසි වැඩිවීමක් වුනා කියන්න පුලුවන්. මේ මිලදී ගැනීම අර්ධ සන්නායක නිශ්පාදන ක්ශේත්‍රයේ කරපු විශාලම මිලදී ගැනීම ලෙස වාර්තා වෙනවා.

මේ මිලදී ගැනීමෙන් Xilinx කොටස් මිලියන 248.38 ක් නව AMD කොටස් මිලියන 428 ක් බවට පරිවර්තනය වුනා. ඒක කලින් තිබුන කොටස් බිලියන 1.2 ට එකතු වෙලා මුලු AMD කොටස් ගණන බිලියන 1.628 ක් දක්වා වැඩි වුනා, මේ හින්ද AMD වල වෙලඳපොල ප්‍රාග්ධනය ඩොලර් බිලියන 197.75 ක් දක්වා වැඩි වෙලා තියනවා.

AMD වෙලඳපොල වටිනාකමින් Intel අභිබවා ගියත් තවමත් x86 chip වෙලඳපොලෙන් 75% කට ආසන්න ප්‍රමාණයක් Intel සතුයි. ඒ වගේම වාර්ෂිකව ලබන ආදායමෙන් සහ ලාභයෙනුත් ඉදිරියෙන් ඉන්නෙ Intel සමාගමයි. AMD විසින් තමන්ගෙ chips, design කරත් නිශ්පාදනය කරගන්නෙ බාහිර පාර්ශව වලින්, නමුත් Intel විසින් තමන්ගෙ chips, design කරනව විතරක් නෙවෙයි නිශ්පාදනයත් තමන් විසින්ම කරගන්නවා. කොහොම උනත් AMD සමාගමේ මේ වර්ධනය අනාගතය පිලිබඳ ශුභවාදී අදහස් ඇතිකරනවා.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...