Home Tech News Explained එදිනෙදා අපට වැදගත් වන වෙබ් අඩවි කිහිපයක්
ExplainedInternetTech Newswebsites

එදිනෙදා අපට වැදගත් වන වෙබ් අඩවි කිහිපයක්

Share
Share

1. අලුත්ම චිත්‍රපටි නොමිලේ නැරඹිය හැකි Tubi

චිත්‍රපටි හෝ කතමාලා නැරඹීමට දැන් විවිධ streaming platforms තිබෙනව. නමුත් ඒවා බොහොමයක් මාසික subscription ක්‍රමය යටතේ නමයි තිබෙන්නෙ. නමුත් මෙම Tubi මගින් ඔන්ලයින් ක්‍රමයට නොමිලේ චිත්‍රපටි නැරඹීමේ හැකියාව තිබෙනව. මේ සදහා ගිණුමක් සාදාගැනීම වැනි කිසිවක් අවශ්‍ය වෙන්නෙ නැහැ. අවශ්‍ය චිත්‍රපටිය හෝ කතාමාලාව තෝරාගෙන කැමති streaming quality එකක් යටතේ නැරඹීමේ පහසුකම තිබෙනව. මෙය  Android, iOS, Roku, Apple TV, Amazon Fire TV, Xfinity X1, Xbox, Samsung Smart TVs, Sony Smart TVs, PlayStation සහ මෙම වෙබ් අඩවිය තුලින් වැනි ඕනෑම ක්‍රමයකින් නොමිලේ බාවිතා කිරීමේ හැකියාව ඇත. (https://tubitv.com/)

2. පහසුවෙන් වෙබ් සයිට් සාදා ගැනීමට ඉඩදෙන Yola

මෙම වෙබ් සේවයෙන් සපයන ටූල්ස් යොදා ගනිමින් කේත නොලියා වෘත්තීය මට්ටමේ වෙබ් අඩවි සකසා ගන්න පුලුවන්. මෙමගින් වෙබ් අඩවි සාදා ගැනීමට කේත පිලිබද කිසිදු මූලික දැනුමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. මෙහිම domain සහ hosting සේවයක් තියන අතර ඒවා බාවිතා කරන්නේ නම් ඒ සදහා මුදල් ගෙවීමට සිදු වෙනව. (https://www.yola.com/)

3. වෙබ් අඩවි ඩවුන්ලෝඩ් කර දෙන සේවය

මෙම වෙබ් අඩවියට පිවිස එහි ඇති සර්ච් බොක්ස් එක මත වෙබ් අඩවියේ ලිපිනය යොදා වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තිබෙනව. එනම් යම් වෙබ් අඩවියක කේතය එහි ඇති media files යනාදී සියල්ලක්ම මෙමගින් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව ඇත. නමුත් මේ සදහා මුදලක් ගෙවීමට සිදුවෙනව. (https://websitedownloader.io/)

4. ඔන්ලයින් ගේම්ස් ලබාදෙන Pogo

මෙම වෙබ් අඩවියට පිවිස ඔන්ලයින් ක්‍රමයට නොමිලේ පරිගණක ක්‍රීඩා කරන්නට පුලුවන්. මෙහිදී සැපයෙන්නෙ ලොව ජනප්‍රියම පරිගණක ක්‍රීඩා වීම විශේෂත්වයක්. (https://www.pogo.com/)

5. ස්ක්‍රීන් කැප්චර් කර දෙන Screencast-O-Matic

මෙය ඩෙස්ක්ටොප් තිරයෙන් පෙන්වන දේ ඒ හැටියෙන්ම රෙකෝඩ් කර දෙන වෙබ් සේවාවක්. කැමති වෙලාවක එය නවත්වා එම ෆයිල් එක ශෙයා කිරීමේ හැකියාව පවතිනව. මේ සදහා ගිණුමක් නිර්මානය කිරීමට අවශ්‍ය වෙන්නෙ නැහැ. වෙබ් අඩවියට පිවිස රෙකෝඩ් කිරීම මෙන්ම එඩිට් කිරිමෙ හැකියාව පවතිනව. මෙය Windows, Mac සහ iOS, Android, Chromebook සදහා සහය දක්වනව. (https://screencast-o-matic.com/)

6. හඬ සහ සංගීතය වෙන්කර දෙන Vocal Remover

යම් ගීතයක ඩිජිටල් ෆයිල් එකක් මෙම වෙබ් අඩවියට එක් කල විට එහි සංගීතය සහ හඬ වෙන් කර වෙන වෙනම ෆයිල් වශ‍යෙන් ලබාගැනීමේ හැකියාව පවතිනව. මෙය සම්පූර්නයෙන්ම නොමිලේ බාවිතා කලහැකි වෙබ් සේවාවක්. (https://vocalremover.org/)

7. සෝෂල් මීඩිය් ලයික්ස්, Followers යනාදිය මිලදී ගත හැකි Socialpros

යූටියුබ්, ෆේස්බු, ට්විටර් යනාදී ඕනෑම සෝෂල් මීඩියා සේවයක් සදහා ලයික්ස්, විව්ස්, Followers සහ subscriptions යනාදිය මිලදී ගන්නට මෙම වෙබ් සේවය මගින් පුලුවන්. මෙය විශ්වාසදායී සේවාවක් වන අතර විවිධ මිල ගනන් යටතේ පවතින පැකේජ තොරාගැනීමේ හැකියාව පවතිනව. (https://socialpros.io/)

8. ලාංඡන පහසුවෙන් සකසා ගැනීමට පහසුකම් දෙන Logo Maker

මෙම වෙබ් අඩවියෙන් නොමිලේ දෙන ටූල්ස් යොදා ගනිමින් අලංකාර වෙළද ලාංඡන සකසා ගන්න පුලුවන්. එහිදී කලයුත්තෙ මූලික වශයෙන් ලබාදෙන ලෝගෝ එක අවශ්‍ය විදියට හැඩගස්වා අලුත් ලාංඡනයක් සකසා ගැනීමයි. (https://www.logomaker.com/)

9. නොමිලේ ඔන්ලයින් මීටින් කලහැකි Zoho Meeting

ඕඩියෝ, වීඩියෝ සහ ස්ක්‍රීන් ෂෙයාරිං කරමින් නවීන පන්නයේ වෙබිනාර් පවත්වන්නට මෙම සේවයෙන් ඉඩ ලබාදෙයි. මෙම සේවය සම්පූර්නයෙන්ම නොමිලේ වන අතර මෙමගින් එක් මීටිමක් සදහා පැයක කාලයක් ලබාදෙනව. මීට අමතරව මෙහි Whiteboard සහ Virtual backgrounds වැනි දෑත් අඩංගු වෙනව. (https://www.zoho.com/meeting/free-online-meeting.html)

10. සවිස්තර කාලගුණ වාර්තා ලබාදෙන ventusky

කාලගුණ වාර්තා ලබාදෙන සාමාන්‍ය වෙබ් සේවාවලට වඩා පහසුවෙන් මෙම වෙබ් සේවය ඔස්සේ කාලගුණ වාර්තා හා විස්තර දැනගන්න පුලුවන්. තමන්ට අවශ්‍ය තොරතුරු පමනක් ලබාගත හැකි සේ බාවිතා කල හැකි ෆිල්ටර් ගණනාවක්ද මෙහි තිබෙනව. (https://www.ventusky.com/?p=6.8;79.9;5&l=temperature-2m&t=20230122/2000)

11. ලියවිලි වශයෙන් ඇති දේ කටහඩ බවට පරිවර්තනය කරදෙන NaturalReader

වචන ටයිප් කර සකසා ඇති ලියවිල්ලක් මෙම වෙබ් සේවයට අප්ලෝඩ් කලවිට එහි ඇති දේ හඩ නාගා කියවන ඕඩියෝ ෆයිල් එකක් සාදා ගන්න පුලුවන්. මේ සදහා විවිධ ලියවිලි format 20කට වැඩි සංක්‍යාවක් සදහා සහය දක්වනව. මෙහි යොදාගන්නා හඩ තමන්ට අවශ්‍ය emotions සහ effects සහිත එකක් තෝරාගන්න පුලුවන්. (https://www.naturalreaders.com/)

12. පාස්වර්ඩ් වල ආරක්ශිත බව තක්සේරු කරන වෙබ් සේවය

Kaspersky සමාගමෙන් සපයන මෙම වෙබ් සේවයට පිවිස එහි ඇති සර්ච් බොක්ස් එක මත ඕනෑම පාස්වර්ඩ් එකක් ටයිප් කර සොයා බැලූ විට එය ආරක්ශිතද නැද්ද පිලිබදව තක්සේරුවක් ලබාගන්න පුලුවන්. (https://password.kaspersky.com/)

13. පුවතක නිවැරදි බව සොයාදෙන Factcrescendo

අන්තර්ජාලය ඔස්සේ වේගයෙන් පැතිරෙන කුහුල දනවන පුවත්වල සත්‍යතාව කෙතරම් දැයි සොයා මෙම වෙබ් අඩවියෙන් වාර්තා කරනව. (https://srilanka.factcrescendo.com/)

14. තම ඡායාරූප වෙබ් අඩවියක ඇත්දැයි සොයා දෙන PimEye’s

යම් වෙබ් අඩවියක තම ඡායාරූපයක් පළවී තිබේදැයි සොයා ගැනීම පිණිස කල යුත්තෙ තමාගෙ මුහුණ පෙනෙන ඡායාරූපයක් මෙම වෙබ් අඩවිය වෙත අප්ලෝඩ් කිරීමයි. එමගින් එම ඡායාරූපය යම් වෙබ් අඩවියක තිබේ නම් එම වෙබ් අඩවි වල නම් පෙන්වන අතර ඒවායින් තමන්ගේ ඡායාරූප ඉවත් කිරීමෙ හැකියාවත් තිබෙනව. අමතර විශේෂාංග ලබාගැනීම සදහා මුදල් ගෙවීමක් කර subscription එකක් ලබාගත යුතුය. (https://pimeyes.com/en)

15. විශාල ෆයිල් ඊමේල් කිරීමට උදව් කරන Filemail

සාමාන්‍ය ඊමේල් ගිණුමක් හරහා හුවමාරු කල නොහැකි ඉතා විශාල ෆයිල් හුවමාරු කිරීමට මෙම වෙබ් අඩවියෙන් ඉඩ සලසා දෙයි. නොමිලේ ලබාදෙන ගිණුමකින් 5GB දක්වා විශාල ෆයිල් හුවමාරු ක‍රන්න පුලුවන්. මුදල් ගෙවා ගන්නා subscription එකක් මගින් ඕනෑම ප්‍රමානයක ෆයිල් යැවීම මෙන්ම ෆයිල් ශෙයා කිරීම track  කිරීම වැනි අමතර විශේෂාංග ලැබෙනව. (https://www.filemail.com/)

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

4 Comments

Leave a Reply to Pramuka RamanayakeCancel reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...