Home Tech News cyber security පාරිබෝගිකයන් මිලියන ගණනකගේ data සොරාගත් T-Mobile data breach එක
cyber securityPhonesTech News

පාරිබෝගිකයන් මිලියන ගණනකගේ data සොරාගත් T-Mobile data breach එක

Share
blank
Share

T-Mobile සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනේ පාරිබෝගිකයන් මිලියන 37කගේ පමන දත්ත හැකර්කරුවන් විසින් සොරාගෙන ඇති බවයි. ඔවුන් තවදුරත් පවසා තිබුනේ මෙම දත්ත සොරාගැනීම පිලිබදව අනාවරණය කරගත්තෙ ජනවාරි 5 වන දින වුවත් හැකර්කරුවන් දත්ත ලබාගැනීම නොවැම්බර් 25 වන දින සිට සිදුකර ඇති බවයි.

මෙම හැකර්කරුවන් පාරිබෝගිකයන්ගේ දත්ත සොරාගැනීමට API (Application Programming Interface) යොදාගෙන ඇත. සමාගම මෙම දත්ත සොරාගැනීම අනාවරණය කරගන්න විට හැකර්කරුවන් විසින් පාරිබෝගිකයන්ගේ නම්, බිල්පත් ලිපින, ඊමේල්, දුරකථන අංක සහ උපන් දින සොරකම් කරගැනීමට සමත් වෙලා තියනව. ඒවගේම පාරිබෝගිකයන්ගේ ගිනුම් අංක සහ ඔවුන් බාවිතා කරන පෙරගෙවුම්, පසුගෙවුම් පැකේජ පිලිබද දත්ත පවා මොවුන් සොරාගෙන තිබෙනව.

T-Mobile පවසා තිබුනේ කෙසේ නමුත් පාරිබෝගිකයන්ගේ passwords, ගෙවීම් කාඩ්පත් තොරතුරු, සමාජ ආරක්ෂණ අංක, රජයේ හැඳුනුම්පත් අංක හෝ වෙනත් මූල්‍ය ගිණුම් තොරතුරු සොරකම් කර නොමැති බවයි. කෙසේ නමුත් මේ වනවිට මේ සදහා පරීක්ශනයක් ආරම්බ වී තිබෙනව. ඒ වගේම T-Mobile සමාගෙමේ ආයෝජකයන් හට සිද්ධිය හේතුවෙන් සැලකිය යුතු පිරිවැයක් දැරීමට ඉඩ ඇති බවට අනතුරු අඟවා තිබෙනව.

මීට පෙරත් මෙම සමාගමේ දත්ත සොරාගැනීමක් සිදු වූ අතර එහිදී පාරිබෝගිකයන් මිලියන 76කගේ දත්ත ලබාගැනුනා. ඒ සදහා ඔවුන්ට මිලියන $350 මුදලක් වන්දි ලෙස ගෙවීමට සිදුවුනා. සමාගම වැඩිදුරටත් පවසා තිබුනේ ඔවුන්ගේ සයිබ‍ර් ආරක්ශන වැඩසටහන ශක්තිමත් කිරීම සදහා වැඩි අවධානයක් යොදන බවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...