Press ESC to close

ඉක්මනින් චිත්‍ර අදින්න උදව් කරන Google AutoDraw

චිත්‍ර අදින්න අපි හැමෝටම බැහැ. දැන් ඒ ගැන දුක්වෙන්න ඕන නැහැ. අවශය කරන හැඩතල ටික කුරුටු ගාගන්න පුලුවන්නම් ඔයාටත් ලේසියෙන්ම හොදම තත්වයෙ චිත්‍ර අදින්න දැන් පුලුවන්.

පොඩිකාලෙ ලස්සනට චිත්‍ර අදින්න බැරුව අයියලට අක්කලට කියල චිත්‍ර ඇදගත්ත අයට වගේම සරල Birthday cards, project drawing වගේ දේවල් දැන් ඔයාලටම අදින්න පුලුවන් කරවන ලේසි ක්‍රමයක් Google සමාගම හදුන්වල දීල තියෙනව. මේ AutoDraw program එක මත අදින හැඩතල Machine Learning තාක්ෂණය උපයෝගී කරගෙන හදුනාගෙන ඊට සමාන විධිමත් රූප, icon පෙලක්ම පෙන්නනව. දැන් කරන්න තියෙන්නෙ මේකෙන් වඩාත්ම ගැලපෙන රූපය තෝරගන්න එකයි.

Get Your Site Up with A2 Hosting

මේකෙන් හැම වෙලේම අපට අවශ්‍ය දෙය එන්නෙ නැහැ. ඒත් ඉක්මනට සරල චිත්‍රයක් ඇදගන්න වගේම ඒක පිළවෙලකට ලස්සනට කරන්නත් මේකෙන පුලුවන්.  Phone එකේ Tab එකේ වගේම PC එකෙත් පාවිච්චි කරන්න මේ Google AutoDraw tool එක ඔයත් පාවිච්චි කරල බලන්න.

මේක කියවන දෙමව්පියො වගේම ලොකු අයියල අක්කලටත් පණිවිඩයක් කියන්න තියෙනව. ඒ තමයි පුංචි ළමයි අදින දේවල් නිවැරදි කරන්න, සංසන්දනය කරන්න යන්නෙපා. එයාල දකින දේවල් ඒ විදිහටම අදින්න, වරද්දන්න ඉඩ දෙන්න. Computer print out අරන් පොතේ අලවන පොඩ්ඩොන්ට වඩා නිර්මාණශීලී වෙනස් විදිහට හිතන ළමයි ගොඩක් වටිනව.

මේ ගැන හිතෙන දේ Comment කරන්නත් අමතක කරන්නෙපා

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *