Home Tech News social media YouTube නිසා පරිශීලකයන් ad blockers uninstall කිරීම වේගවත් වේ
social mediaTech News

YouTube නිසා පරිශීලකයන් ad blockers uninstall කිරීම වේගවත් වේ

Share
blank
Share

YouTube විසින් පසුගිය මාසයෙ සිට දියත් කල YouTube Anti-AdBlock ප්‍රතිපත්තිය නිසා බොහොමයක් ad block නිර්මානය කරන සමාගම් මේ වනවිට දැඩි අපහසුතාවයකට පත්වී සිටිනව. එම සමාගම් පවසන ආකාරයට දැන් සීඝ්‍රයෙන් ඔවුන්ගේ පරිශීලකයන් සංඛ්‍යාව අඩුවෙමින් යනව.

මේ සදහා ප්‍රසිද්ද සමාගමක් වන AdGuard විසින් අනාවරණය කර තිබෙන ආකාරයට ඔක්තෝම්බර් 9 වන දා සිට ඔවුන්ගේ Chrome extension එක පරිශීලකයන් 11000ක් පමන දිනකට uninstall කර තිබෙනව. ඔක්තෝම්බර් 18 වනවිට මෙම සංඛ්‍යාව 52000ක් දක්වා ඉහල ගොස් තිබෙනව. කෙසේ නමුත් AdGuard වාණිජ සංස්කරණය බාවිතා කරන පරිශීලකයන්ට YouTube Anti-AdBlock ප්‍රතිපත්තිය මගින් හානියක් සිදුවී නැහැ.

Ghostery නම් තවත් සමාගමක් පවසා තිබෙන්නෙ දිනකට නව installs 5ක් සිදුවන විට නැවත uninstalls 3ක් පමන සිදුවන බවයි. ඔවුන්ගේ extension එකෙ බාගත කිරීම්ද ඔක්තෝම්බර් මාසයේ සිට කැපීපෙනෙන ලෙස අඩුවී තිබෙන බව එම සමාගම වැඩිදුරටත් පවසා තිබෙනව. එම uninstall කිරීම් වලදී එයට හේතුව අසන පැනයන්ට පිළිතුරු දී තිබූ පරිශීලකයන්ගෙන් 90%ක්ම පවසා තිබුනෙ එය YouTube සමග ක්‍රියා නොකරන නිසා ඉවත් කරන බවයි.

සමහර අවස්තාවල මෙම YouTube crackdown එක දක්නට ලැබුනෙ Chrome සහිත laptop සහ desktop වල බැවින් සමහර පරිශීලකයන් වෙනත් බ්‍රව්සර් බාවිතා කරමින් YouTube වෙත ප්‍රවේශ වී තිබෙනව. Ghostery සමාගම පවසන ආකාරයට ඔවුන්ගේ extension එක Microsoft’s Edge තුල ස්ථාපනය කිරීම් 30%කින් ඉහල ගොස් තිබෙනව.

මේ ආකාරයට YouTube මගින් ඇඩ් සදහා මෙතරම් තද ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පෙළබෙන්නෙ Google සමාගමේ ආදායමෙන් විශාල කොටසක් මෙමගින් ලැබෙන නිසයි. මෙම වසරේ මුල සිට මේ දක්වා ඔවුන් බිලියන 22ක මුදලක් ඇඩ් පෙන්වීම මගින් උපයාගෙන තිබෙනව. දැන් YouTube මගින් සැරසෙන්නෙ ඔවුන්ගේ YouTube Premium සේවාව බාවිතා කිරීමට පරිශීලකයන් දිරිගැන්වීමයි. කෙසේ නමුත් ඔවුන් එම YouTube Premium සේවාවේ මිල මීට මාස කිහිපයකට පෙර මසකට $2 සිට $14 දක්වා වැඩි කිරීමක් සිදුකරනු ලැබුවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...