Press ESC to close

2024දී නිකුත් වෙන Windows 12

Microsoft සමාගම ඔවුන්ගේ ප්‍රධානම PC Operating System වන Windows OS එක වැඩිදියුණු කිරීම සහ නිකුත් කිරීම වසර තුනෙන් තුනට සිදුකරන්න යනව. මේ අනුව මීලග Windows පද්ධතිය Windows 12 වන අතර එය 2024දී නිකුත් කෙරෙනු ඇති.

Microsoft සමාගම මින් පෙර සිදුකල වසර 3කට වරක් ප්‍රධාන OS version upgrade එකක් කිරීම හා ඒ අතරතුර OS Updates ලබාදීම අතහැරියේ 2015දී Windows 10 නිකුත් කිරීමත් සමගයි. Windows as a service යන model එක ඉලක්ක කර ගනිමින් සිදුකල මේ වෙනස සමග, වසර 3කට වරක් නව සංස්කරණයක් වෙනුවට වසරකට දෙවතාවක් Major Updates ලබාදීම සිදුකෙරුනා. මේ සමගම Windows 10 යනු 2015දි සදහන් කල ආකාරයට අවසාන Major Windows version එක බවට තහවුරු වීම සිදුවුනා.

Get Your Site Up with A2 Hosting

කෙසේ වෙතත් 2021 වසරේදී Microsoft සමාගම Windows 11 නිකුත් කරන්නේ ඒ වනවිටත් Plan කර තිබූ Windows X version එක සහ තවත් ප්‍රධාන කොටස් කීපයක්ම එකතු කරමින් නව OS එකක් නිර්මාණය කරමින්. මේ සමගම වාර්ෂිකව Updates ලැබෙන OS බවට Windows 10 සහ 11 පත්වුනා.

කොහොම වෙතත් මේ වනතෙක් Windows 11.1 Windows 11.2 ලෙස Updates නිකත් නොකිරීම සහ මින් පෙර සිදුකල ලෙස Windows 11 අවසන් OS ලෙස ප්‍රකාශ නොකිරීම යන හේතු මත, Windows 12 බොහෝවිට 2024දි නිකුත් වනු ඇති බවට සැක කල හැකි වෙනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *