Home Tech News ලෝක ඉමෝජි දිනය ගැන දැනගමු
Tech News

ලෝක ඉමෝජි දිනය ගැන දැනගමු

Share
blank
Share

ජූලි 17 වැනිදා ලෝක ඉමෝජි දිනය යෙදී තිබුනා. මේ එය සමරන්නේ දස වැනි වතාවටයි. ඉමෝජි භාවිතා කිරීම ප්‍රචලිත කිරීම, මෙසේ විශේෂ දිනයක් වෙන් කර ගැනීමේ අපේක්ෂාවයි. මොබයිල් උපාංග තමාට භාවිතයට පහසුසේ ප්‍රතිරූපණය කර ගැනීමට භාවිතා කළ හැකි ලොව ප්‍රසිද්ධම ඇප් එක ලෙස සලකන්නෙ Zedgeඇප් එක. මෙම ඇප් එක අයත් මෙන්ම, දැනට ඇති ඕනෑම ඉමෝජි එකක් හොයාගන්න ඉඩ දෙන emojipedia වෙබ් අඩවියද පවත්වා ගෙන යන ඇමෙරිකාවේ Zedge මෘදුකාංග සමාගම, ලෝක emoji දිනය සංවිධානය කරනවා.

Email යවන විටත්, SMS සහ MMS පණිවුඩ යවන විට මෙන්ම Facebook, Whatsapp, Instagram, Thread, Twitter යනාදී social network හරහා පණිවුඩ හුවමාරු කරගන්නා විටත්, හැඟීම් ප්‍රකාශ කිරීම වෙනුවට යෙදිය හැකි කුඩා අයිකන emoji ලෙස හඳුන්වනවා.

Emoji යනු සතුට, දුක, ජුගුප්සාව, කේන්තිය, කම්මැලිබව යනාදී නානා හැඟීම් සහ අභින පෙන්වන සේ ඇඳි රූපයයි. දැන් මෙවැනි රූප රටා, එහෙමත් නැත්නම් නූතන රූපාක්ෂර 3664ක් තිබෙනවා. මේ සෑම එකක්ම යම් අදහසක් ප්‍රබලව ප්‍රකාශ කරන වාක්‍යයක් වගෙ.

දැන් ඩිජිටල් මාධ්‍යයේදී කවුරුත් භාවිතා කරන නව භාෂාව emoji. ඒ ඒ තැනැත්තාගේ මවු භාෂා හෝ සන්ධාන භාෂා හෝ භාවිතා කරනවාට වඩා පහසුවෙන් emoji අයිකන එක් කර අදහස් ප්‍රකාශ කිරීම ප්‍රචලිතවී තිබෙනවා. අනෙක් අතට ඉලක්කම්වලට වඩා පහසුවෙන් emoji මතක තබා ගන්නට පුළුවන් නිසා එය භාවිතා කිරීමද පහසුයි. මුලින්ම මෙම emoji යොදා ගත්තේ ජපානයේ සෙල්ෆෝන් සන්නිවේදන සේවා සපයන ආයතන විසින්. ඒ ඉක්මනින් සහ පහසුවෙන් පණිවුඩ යැවිය හැකි ක්‍රමයක් වශයෙන්. මෙවිට මෙම පණිවුඩ කුඩා වෙන නිසා දුරකතන ජාලවල තදබදය අඩු වීමට එය හේතු වුනා.

ජපානයෙන් ඔබ්බට ඉමෝජි ප්‍රචලිත වූයේ 2011 දී, Apple iOS 5 මෙහෙයුම් පද්ධතිය සමඟ ඉමෝජි යතුරුපුවරුවක් ලබාදීමත් සමඟයි. එසේම emoji අයිකන යුනිකෝඩ් ක්‍රමයට ප්‍රමිතිගත කිරීමත් පටන් ගත්ත. එනිසා Apple අයිෆෝන් එකකින් යවන emoji පණිවුඩයක් වෙනත් උපාංගවලදීත් හරියටම පරිවර්තනයවී පෙන්නුවා.

එතැන් පටන් යුනිකෝඩ් ප්‍රමිතිය යාවත්කාල කරන සෑම අවස්ථාවකදීම අලුත් ඉමෝජි හඳුන්වා දුන්න. මේ අනුව දැන් තිබෙන අලුත්ම ඉමෝජි, 2022 සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කළ යුනිකෝඩ් 15 ප්‍රමිතිය සමඟ ආ ඒවා. නැවතත් යුනිකෝඩ් 15.1 ප්‍රමිතිය සමග ඉදිරිපත් කරන 2023 සැපතැම්බර් මාසයේදී අලුත් ඉමෝජි 118 ක් එළි දැක්වීමට කටයුතු කර තිබෙනවා.

2023 වසරට එක්කරන ලද නව ඉමෝජි

අද ඉමෝජි භාවිතා කරන්නේ පණිවුඩ යැවීමට පමණක් නොවෙයි. Passcode වශයෙන්ද යොදා ගැනෙනව. Password එකක් භාවිතා කර පිවිසෙන ඇප් එකක හෝ උපාංගයක හෝ ආරක්ෂාව තවත් වැඩි කර ගැනීමට ඉලක්කම් හෝ රූප හතරකින් යුත් රහස්‍ය යෙදුමක් සේ Passcode යොදා ගැනෙනව. එය, ඔන්ලයින් බැංකු කටයුතු සඳහා භාවිතා කරන ඉලක්කම් හතරකින් යුත් Pin code වගේ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...