Home Tech News අප්‍රේල් 1 වෙනිදා Tech ලෝකෙ විහිලු
Tech News

අප්‍රේල් 1 වෙනිදා Tech ලෝකෙ විහිලු

Share
blank
Share

අප්‍රේල් 1 වෙනිදා කියන්නෙ කවුරු කවුරුත් විහිලු කරල අනික් අයව මෝඩයන් කරන දවසක්.  මේ තියෙන්නෙ Tech ලෝකයේ 2017 මේ විදිහට ඉදිරිපත් කරපු විහිලු වල එකතුවක්.

GeForce GTX G-Assist

කියන්නෙ Gaming වලටම හදපු Artificial Intelligence තියෙන USB Drive එකක්. මේකෙන් ඔයා Game එක play කරන විදිහ ඉගෙනගෙන ඒ වගේම Automaticallyම Game එක play කරන්නත් ඒ වගේම Games වල අමාරුම Final fight එහෙම Automaticallyම කරන්නත් Game එකක් ගහද්දි කන්න බොන්න මතක් කරන්නත් පුලුවන් කියලයි කියන්නෙ.

Corsair B11-ND RGB Gaming Monitor

මේක 2016 ආපු විහිලුවක්. මොනිටර් එකක ඉස්සරහින් RGB panels හයි කරල Fully Immersive gaming experience එකක් ගන්න පුලුවන් කියල තමයි කියන්නෙ. හැබැයි වැඩේ නරකම නැහැ.

Lexus Lane Valet

කියන්නෙ ඉස්සරහින් යන වාහනේ හිමින් යනවනම් ඒකෙ lane එක මාරු කරල තමන්ගෙ නිදහසේ ගමන යන්න පුලුවන් latestම Assist එක. මේක විහිලුවක් උනත් ලංකාවෙ සමහර වාහන යන හැටි එක්ක, තියෙනවනම් හොදයි කියල හිතෙන විහිලුවක්.

Square Enix – Tactics Alexander

ජපන් Video Game Company එකක් වෙන Square Enix ල තමන්ගෙ ඊලග Game එක ගැන Trailer එකක් කරල. හැබැයි මේක කවදාවත් එන Game එකක් නෙමේ.

Newegg 9 screen laptop

Online retailer කෙනෙක් වෙන newegg Screen 9ක් තියෙන laptop එකක් ගැන විහිලුවක් කරේ මෙහෙමයි.

T Mobile onesie

මේ විහිලුවත් අනාගතයේ ඇත්ත වෙන්න පුලුවන් එකක් වගේ. T Mobile onesie කියන්නෙ 4G connectivity එක තියෙන overall එකක්. මේකෙ තියෙන Sensors වලින් සම්පූර්ණ ඇගේම වෙනස්කම් මනින්න පුලුවන්. ඒ වගේම කෑම පාලනය, Alarm එක මේ හැමදේම වගේම යන යන තැන 4G Connectivity එකත් අරන් යන්න පුලුවන්.

Google Gnome – Home වෙනුවට

Google Gnome කියන්නෙ වත්තෙ වැඩ කරද්දි උදව්වට එන Google Assistant. මෙයාගෙන් අහන්න පුලුවන් එලිමහනෙ වැඩ ගැන. වතුර දාන්න tap එක අරින්න, හුළග හමන පැත්ත දැනගන්න වගේ දේවල්.

Amazon Petlexa

Amazon Alexa වගේම සුරතලුන්ටත් වෙනම එන Petlexa ගැන තමයි මේ Video එකෙන් කියන්නෙ.

Google Nose – Smell is a click away

Google Nose කියන්නෙ අනික් Google search වගේ සුවද හොයන්න පුලුවන් ක්‍රමයක්. මේකෙන් අපිට සුවද වර්ග Search කරල බලන්න වගේම සුවද මොකක්ද කියල Phone එකෙන් scan කරල බලන්නත් පුලුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...