Home Tech News 2025 දී විශ්‍රාම යන Windows 10
Tech News

2025 දී විශ්‍රාම යන Windows 10

Share
windows-10
Share

Windows 10 කියන්නේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත්, බොහෝ දෙනෙක් පාවිච්චි කරලා තිබෙන Microsoft හි තවත් එක් ප්‍රසිද්ද පරිගණක මෙහෙයුම් පද්ධතියක්. Windows 11 නිකුත් වීමත් සමග Microsoft සමාගම පැවසුවා, 2025 ඔක්තෝම්බර් මාසයෙන් පසු තාක්ෂණික සහාය හා මෘදුකාංග යාවත්කාලීන කිරීම් Windows 10 සඳහා ලබා නොදෙන බව.

Windows 10 කියන්නේ පරිගණකය සමඟ ජීවිතයේ වැඩිපුර කාලයක් ගත කරන බොහෝ දෙනාට ඉතාමත් සමීප වූ මෙහෙයුම් පද්ධතියකි. Gaming, Video Editing, Graphic Designing, House Planning, 3D rendering , Education සහ Web Browsing වැනි බොහෝ ක්ෂේත්‍ර සඳහා Windows 10 ඉතාමත් Stable වූ මෙහෙයුම් පද්ධතියකි. නමුත්, Microsoft සමාගම 2015 දී “ඔවුන්ගේ අවසාන OS එක Windows 10” ලෙස කියූ ප්‍රකාශය අසත්‍යක් කරමින්, 2021 දී, පරණ පරිගණක වලට ස්ථාපනය කළ නොහැකි ලෙස සීමාද පනවමින් Windows 11 නිකුත් කරන ලදී. ඉන් පසුව, Windows 11 සහය දක්වන පරිගණක ඇති බොහෝ දෙනා කෙමෙන් කෙමෙන් Windows 11 වෙතට මාරු වූ අතර, පරණ පරිගණක ඇති බොහෝ දෙනා තවමත් Windows 10 සමඟ රැඳී සිටි.

Windows 10 හි Official Support එක නැති වීමෙන් වන අවාසි මොනවාද?

බොහෝ දෙනාට මේ ගැටලුව ඇති. දැනට Windows 10 මෙහෙයුම් පද්ධතියට Official Support එක සහ Apps/Security Updates ලැබෙනවා. Official Support එක නැති උනාම සරලවම සිද්ධ වෙන දේ තමා Windows 10 යල් පැනපු මෙහෙයුම් පද්ධතියක් බවට පත්වෙන එක.ඉන් පසු Microsoft Online Services, Microsoft Store Support, Security Updates සහ Official Support වගේ බොහෝ දේ නැතිවීමට / කප්පාදු වෙන්න පුලුවන්. ඔබ offline සිට එදිනෙදා වැඩ පරිගණකයෙන් සිදු කරන්නෙ නම් මේ ගැටළු එච්චරටම බලපෑමක් ඇති නොකරයි. නමුත් Online වැඩ කරන බහුතරයකට මෙය විශාල ගැටළුවක් විය හැක.

කොහොමද අපි Windows 11 වලට Upgrade වෙන්නේ?

ඔයාගේ දැනට තියෙන Windows 10 ; Activate කරලා තියෙනවා නම්, ඔයාගේ PC එකත් Windows 11 Support කරනවා නම් (Ryzen 2nd Gen හෝ Intel 8th Gen දක්වා), Windows Updates හරහා හෝ Microsoft Site එක හරහා ඔයාට Windows 11 වෙතට Free Upgrade එකක් ලබාගන්න පුලුවන්. එකපාර අලුත් OS එකට Upgrade වෙන්න බැරි නම්, ඊට කලින් Windows 11 Dual Boot කර හෝ වෙනත් පරිගණකයකට හෝ Virtual PC එකකට හෝ දාගෙන Experience කරලා බලන්න. සමහරවිට පරිශීලක පැමිණිලි හා ප්‍රතිපෝෂණ සලකා බලා හෝ Windows 10 Official Support එක අවසන් වන දිනය කල් යෑමටත් හැකියාවක් තියෙන්න පුලුවන්.

අවසාන වශයෙන් කියන්න තිබෙන්නෙ, අපිත් ලෝකයත් සමඟ යාවත්කාලීන විය යුතු වේ. එහිදී මෙවැනි ගැටළු වලට මුහුණ දෙන්නට සිදුවේවි. ඉතිං ලැබූවා වූ නව වසර ඔබ සැමට සාමය සතුට හා දියුණුවට පාර කියන සුභම සුභ නව වසරක් වේවා…!

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල...

Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්

Samsung සමාගම මෑතකදී නිවේදනය කළේ, ඉදිරියේදී එන Samsung දුරකථන සහ Galaxy Watch...

PC Manager එක්ක Storage Manage කරන්න දැන් ලේසි

ඔයාගේ PC එකේ storage එක Manage කරන්න දැන් ලේසිම ක්‍රමයක් තමයි PC...

Broadcom සහ OpenAI අතර AI චිප් ගනුදෙනුවක්

Broadcom සමාගම සහ OpenAI සමාගම අතර 2025 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද...